ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2022 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ සිව්වන දින පෙරහර අගෝස්තු (1) වීදි සංචාරය කෙරිණි. කඳසුරිඳුන්ගේත්, වල්ලි මෑණියන්ගේත් සරණ මංගල්‍යය සිහිකරනු වස් දුටුගැමුණු මහ රජුගේ අණින් කඩ නොකොට පවත්වා ගෙන එනු ලබන ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2022 වර්ෂයේ ප්‍රථම මඟුල් පෙරහර ඉකුත් 29 වැනිදා වීදි සංචාර කෙරිණි.
මෙම ප්‍රථම මඟුල් පෙරහර රන්කොත් මාලිගාවෙන් නික්මී මඟුල් වීදියෙන් වල්ලි මෑණියන්ගේ දේවාලයට පැමිණ නැවත එම වීදිය ඔස්සේම පැමිණ රන්කොත් මාලිගාවට ගෙවදිනි. මෙවර කතරගම ඇසළ මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහර අද (11 වැනිදා) පැවැත්වෙන අතර, 12 වැනිදා මැණික් ගඟේ දියකැපීමෙන් පසු පෙරහර නිමාවට පත්වේ. උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් අලි ඇතුන් සහිතව චාරිත්‍රානුකූලව උත්කර්ෂවත් ලෙස පෙරහර පැවැත්වීමට බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පියවර ගෙන ඇත.
ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
අගෝස්තු 11 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.41 පුර පසළොස්වක ලබා 12 සිකුරාදා පූර්වභාග 07.08 ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
අගෝස්තු 11
අව අටවක
අගෝස්තු 19
අමාවක
අගෝස්තු 26
පුර අටවක
සැප්තැම්බර් 03
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]