ආධ්‍යාත්මික ගුණ විදහා දැක්වෙන අමරාවතී - ගුප්ත සම්ප්‍රදායන්හි
බුද්ධ ප්‍රතිමා කලාව
හෝකන්දර
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී,
කොත්මලේ පඤ්ඤාකිත්ති හිමි
බුද්ධ ප්‍රතිමා කලාව
දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගෝදාවරී ගංගාව ආශ්‍රිත ව ගොඩනැඟුණු ප්‍රබලතම රාජ්‍ය වූයේ
ආන්ද්‍රා රාජ්‍යය යි. මෙම රාජ්‍යයට අයත් අමරාවතියේ ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ
සිට ථෙරවාදී බුදුදහම ප්‍රචළිතව පැවතුණි.
අමරාවතිය මහායාන බුදු සමයේ කේන්ද්‍රස්ථානයක් වූයේ ක්‍රිස්තු වර්ෂ දෙවැනි ශත වර්ෂය
වන විට බව ඓතිහාසික කරුණු වාර්තා කරයි. ධර්මාශෝක රාජ්‍ය සමයේ මැනවින් බුදු බුදුදහම
ව්‍යාප්ත වූ ආන්ද්‍රාවෙහි බොහෝමයක් බෞද්ධ සිද්ධස්ථාන ස්ථාපිත වූ අතර, දැනට
නෂ්ටාවශේෂ බහුලව දක්නට ඇත්තේ මෙකී අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ යන ස්ථානයන්හි ය.
අමරාවතී සම්ප්‍රදාය පිළිබඳ වඩාත් ප්‍රචළිත වූයේ එහි ස්ථාපිත ප්‍රසිද්ධ මහා චෛත්‍යය
පදනම් කරගෙන ය. ගන්ධාර හා මථුරා සම්ප්‍රදායන් දෙකට වඩා මෙම බුදුපිළිම කලාවේ යම්
පරිණත භාවයක් තිබෙන බව විද්වත් මතයයි. අමරාවතී සම්ප්‍රදායට අදාළව පිළිම නිර්මාණය
කරන නිර්මාණකරුවා අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ඇත්තේ කොළපාට හුණු ගල් විශේෂයක් බව
සඳහන් වේ. අමරාවතී සම්ප්‍රදායට අයත් පිළිමවල දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයක් වන්නේ භාව
ප්‍රකාශනය ඉතා උසස් මට්ටමක පැවතීමයි. ඊට අමතරව සිත් ඇදගන්නා සුළුබව,
ස්වභාවොක්තියට මුල්තැන දීම
ඉතාම ප්‍රසන්න බවකින් යුක්ත වීම
ආධ්‍යාත්මික ගුණයන් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීම
වැනි දෑ දක්නට ලැබේ. ආන්ද්‍රා බුදු පිළිම කලාවේ ද මථුරා සම්ප්‍රදායෙහි මෙන් රවුම්
මුහුණ, විවෘත වූ නෙත් දක්නට ලැබේ. කේශ කලාපය ද මෙම පිළිම සම්ප්‍රදායේ විශේෂ
ලක්ෂණයකට පිහිටා ඇත.
දේහ ලක්‍ෂණවලට අමතරව චීවරය ගැන සැලකීමේ දී මෙම බුද්ධ රූපයන්ගේ ඇතුළත් චීවරය ඉහළ සිට
පාදාන්තය දක්වා වැටුණු ඉතා සියුම් රැළිවලින් යුක්ත ය. තවද මථුරා සම්ප්‍රදාය තුළ
පැවති බුදු පිළිමවල දක්නට ලැබෙන සිවුරු පටිය අමරාවතී සම්ප්‍රදායේ පිළිමවල දක්නට
නොලැබෙයි.
මුල් කාලයේ නිර්මාණය වූ පිළිමයන්හි ඒකාංශය නිරූපණය වුව ද පසු කාලයක නිර්මාණය කරන ලද
ප්‍රතිමාවන් තුළ උභයාංශ නිරූපණය දක්නට ලැබේ. උදාහරණයක් ලෙස නාලාගිරි දමනය තුළ
දැක්වෙන බුදුරුව පෙන්වා දීමට පුළුවන. එමෙන්ම මෙම පිළිමයන්ගේ අඳනය හෙවත් සංඝාටිය
යම්තමින් පෙනෙන්නට ඇත.
මේ අයුරින්ම දක්වන ලද අමරාවතී හෙවත් ආන්ද්‍රා සම්ප්‍රදායට ආවේණික ලක්ෂණ සහිතව
නිර්මාණය වූ බොහෝ ප්‍රතිමා භාරතය, ලංකාව, ඉන්දුනීසියාව. වියට්නාමය, තායිලන්තය වැනි
බොහෝ ප්‍රදේශවලින් හමුවී ඇත. අමරාවතී සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය වූ ප්‍රතිමා
අතරින් අමරාවති පුදබිම ආශ්‍රිතව නාගර්ජුණ කොණ්ඩ නම් ප්‍රදේශයේ ප්‍රතිෂ්ඨාපිත
අමරාවතී බුදු පිළිම වහන්සේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. බුදුපිළිමය හොඳීන් නිරීක්ෂණය කරන
විට අමරාවතී සම්ප්‍රදායට ආවේණික ලක්ෂණ මනාව විද්‍යමාන වේ.
මීට අමතරව ලංකාවේ ප්‍රතිෂ්ඨාපිත අවුකන පිළිම වහන්සේ, රැස්වෙහෙර, මාලිගාවෙල, පබළු
වෙහෙර ස්ථානයන් හි පිහිටි බුදු පිළිම වහන්සේ මෙම සම්ප්‍රදායට ආවේණික ලක්ෂණ ගෙනහැර
දක්වයි. අමරාවතී සම්ප්‍රදායට අදාළ බොහෝ ප්‍රතිමාවන්හී් හස්ත මුද්‍රාව ලෙස අභය
මුද්‍රාව දක්වා ඇත. එමෙන්ම අනිත් අතින් උරහිස ආසන්යේ සිවුරු පොට ස්පර්ශ කොට ගෙන
සිටින අයුරු දක්වා තිබේ.
මේ අයුරින් අමරාවතී සම්ප්‍රදායට අයත් බුදු පිළිම වහන්සේ් රැසක් ලංකාද්වීපය තුළ
හමුවේ.
ලංකාව තුළ දක්නට ලැබෙන අමරාවතී සම්ප්‍රදායට අයත් බෙහෝ ප්‍රතිමා හුණුගල්, පාෂාණ,
වැලි බදාම වැනි අමු ද්‍රව්‍ය භාවිතයට ගෙන නිර්මාණය කළ ද අමරාවතී සම්ප්‍රදායට අවේණික
ලක්‍ෂණ නියෝජනය කරමින් ලෝකඩ භාවිත කර නිර්මාණය කරන ලද ප්‍රතිමා විශේෂයක් ද
පුරාවිද්‍යා ගවේෂණවලින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සොයා ගෙන ඇත.
මෙලෙස ලෝකඩ වාත්තු කොට නිර්මාණය කරන ලද ප්‍රතිමා අතර අභ්‍යන්තර කුහර සහිත ප්‍රතිමා
හා අභ්‍යන්තර කුහර නොමැතිව වාත්තු කරන ලද ඝන ලෝකඩ පිළිම වහන්සේ ද නිර්මාණය වී ඇති
බව පෙනේ. ඝන වාත්තු ක්‍රමයට අනුව නිපදවන ලද හොදම රන් ආලේපිත ලෝකඩ ප්‍රතිමාවක්
වෙහෙරගලින් හමු වී ඇත.
ගුප්ත සම්ප්‍රදාය
භාරතීය කලා සම්ප්‍රදායන්ගේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ ගුප්ත යුගයයි. ක්‍රිස්තු
වර්ෂ 230 සිට 600 දක්වා ශත වර්ෂ කිහිපය ගුප්ත රජ දරුවන් විසින් පාලනය කළ අතර, එය
ගුප්ත යුගය ලෙස සැලකේ. ගුප්ත කලා යුගය යනු ගන්ධාර මථුරා සම්ප්‍රදායයන්ගේ සංකලනයක්
වේ.
සම්ප්‍රදායයන් දෙකේම ආභාසය නිසාවෙන් දෝ මෙම යුගය තුළ බිහිවූ කලා කෘතීන්හි අඩුපාඩු
විරල වන බවක් විද්‍යමාන වේ.
ගන්ධාර හා මථුරා සම්ප්‍රදායන් ඒ ඒ ප්‍රදේශවලට සීමා වුව ද ගුප්ත යුගයෙන් ඇති වූ
ප්‍රබෝධය භාරතයෙන් බැහැරට ද සංක්‍රමණය වීම සිදුවිය.
මෙම කාලවකවානුවේ දී බුදුපිළිම නිර්මාණය කරනු ලැබූ කලාකරුවා තම ප්‍රතිමාකරණය කොට
ඇත්තේ ත්‍රිපිටක ගත කරුණු අනුව බුදුරදුන්ගේ රූප ශෝභාව මනාව වටහාගෙන ය.
මෙහි දී ගාන්ධාර, මථුරා යන සම්ප්‍රදායට වඩා බුදුරදුන් සතුව තිබූ දෙතිස් මහා පුරුෂ
ලක්ෂණ හුවා දැක්වීමට උත්සුක වී ඇති බව පෙනේ.
ගුප්ත යුගයේ බිහි වූ බුද්ධ ප්‍රතිමාවන්හි ආවේණික විශේෂ ලක්ෂණ බොහෝමයක් ඉතිහාසඥයන්
විසින් විවිධ අවස්ථාවන්හී ගෙනහැර දැක් වූ අතර ඒ අතරින් කිහිපයක් පහත පරිදි වේ.
කඩවසම් පෙනුම
මුහුණේ ශාන්ත බව
අඩවන් දෙනෙත
මද සිනහව
සිවුර දෙවුර වසා සිටීම
චීවරයේ සිහින් රැළි
ධර්ම චක්‍ර මුද්‍රාව
සජීවී බව
යන ආදී ලක්ෂණ මේවායේ දක්නට ලැබේ. ගුප්ත කලාකරුවා සැම විටම උත්සාහ ගෙන ඇත්තේ
බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක්වීම හා ආධ්‍යාත්මික ගුණය දැක්වීමට ය.
එමෙන්ම මෙම කලා සම්ප්‍රදාය තුළ පැවති තවත් විශේෂ ලක්ෂණයක් ලෙස බුදුරදුන්ගේ චර්යාවේ
විවිධ අවස්ථා දැක්වීම සඳහා විවිධ මුද්‍රා භාවිතය පෙනේ.
ප්‍රතිමා වැඩි වශයෙන් වැලි ගල්වලින් නිර්මාණය කර ඇති අතර, ගඩොල් හා ලෝහ වර්ග භාවිත
කොට ගනිමින් ද බුද්ධ ප්‍රතිමාකරණයේ යෙදී ඇති බව පෙනේ. මෙම යුගයේ නිර්මාණය කරන්නට
යෙදුණු හිඳී පිළිම හා හිටි පිළිම කිසිදු වෙනසක් නොමැතිව එක හා සමානව ප්‍රේක්ෂක
ජනාදරය දිනා ගැනීමට හැකි වීම විශේෂ ලක්ෂණයකි. එයට හේතු වන ප්‍රධාන සාධකය වශයෙන්
සැලකිය හැක්කේ ගුප්ත සම්ප්‍රදාය තුළ ප්‍රතිමාකරණය කිරීමේ දී අනුගමනය කරන ලද පරිමාණ,
දිග, පළල, මුද්‍රා,
ආයතන ආදී නියමයන් කිසියම් ශාස්ත්‍රානුකූල ක්‍රමයකට සකස් වී තිබීමයි.
මේ හේතුවෙන් අනිකුත් සම්ප්‍රදායන් තුළ දී වූ ප්‍රතිමාවන්ට වඩා මෙම ප්‍රතිමාවන් තුළ
ශිල්පීය නිපුණත්වයක් දක්නට හැකියාව පවතියි. මෙලෙස ගුප්ත සම්ප්‍රදාය තුළ බිහිවූ
බුද්ධ ප්‍රතිමාවන්හි විශිෂ්ටත්වය දැක්වීම සඳහා ගත හැකි හොඳම උදාහරණය නම් සාරානාත්හි
ධර්ම චක්‍ර මුද්‍රා හිඳී පිළිමයි.
ඊට අමතරව මතුරා පුරාවිද්‍යා කටුගෙයි ඇති ජමල්පූර් පිළිමය, මන්කුමාර් අභය මුද්‍රා
හිටි පිළිමය යන ආදිය දැක්වීමට හැකි ය.
ගුප්ත යුගයේ නිර්මාණය වූ බුදු පිළිම සමස්තයක් වශයෙන් බලන කල තවත් සුවිශේෂී ලක්ෂණ
රාශියක් පෙන්වා දී ඇත. එහි ද චාම් බව ප්‍රධාන වේ. රාජකීය ස්වරූපය පෙන්වීමට නොව
බුදුරජාණන් වහන්සේ සතු වූ ආධ්‍යාත්මික ලක්ෂණය හුවාදැක්වීමට කලාකරුවා උත්සුක වී ඇත.
එමෙන් ම වෙනත් සම්ප්‍රදායයන්ට අදාළ ප්‍රතිමාවලට සාපේක්ෂව ගුප්ත සම්ප්‍රදායට ඇතුළත්
ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන අනෙක් විශේෂ ලක්ෂණ නම් ඉහළ භාව ප්‍රකාශන ශක්තියක් මෙම
ප්‍රතිමාවන් තුළ ගැබ්වී තිබීමයි.
|