අකුසල් වැඩි වුණොත්
ලැබුණු දෙයත් නැති වෙනවා
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
මිලක්ඛ නම් තෙර නමක් අතීතයේ ලක්දිව මහ වනයක හුදකලාව වාසය කළා. උන්වහන්සේ වැඩ සිටි
වනයට බොහෝ ඈතින් ගමක් ද පිහිටා තිබුණා. ඒ ගමේ සිටි එක් තරුණයෙක් සිය පවුල ජීවත්
කරවීමට සතුන් දඩයම් කළා. වනය ඉතාම බිහිසුණු යි. තනිව ගමන් කළ නො හැකි තැනක්.
රාති‍්‍රය දැඩි යි. නපුරු යි. ඒ නිසා උගුල් අටවා සවස නැවතත් ගමට ගියා.
පසුදා උදෑසන ඇවිත් අසුවී ඇති සතුන් මරා මස්කරගෙන ගමට ගෙන ගියා. දිනපතා හෝ දින
කිහිපයකට සැරයක් හෝ අවැසි අයුරින් ජීවනෝපාය කරගෙන යාම පුරුද්දක් කර ගත්තා. දින
කිහිපයක් ම උගුල්වලට සතුන් අසුවුණේ ම නෑ. සතුන් උගුල් අටවන පෙදෙස අත්හැර දමා වනයේ
මැදට ම ගොස් තිබුණා. දඩයම්කරුටත් කිරීමට තිබුණු එකම විකල්පය වනය මැදට ගොස් උගුල්
ඇටවීමයි. ඔහුත් උගුල්වලට ඕන කරන උපකරණ අරගෙන බොහෝ දුරක් ගෙවා වනය මැදට ම ගියා.
ගෙන ගිය ජලයත්, කෑමත් අවසන් වුණා. දිවා සමයත්, ගමන් වෙහෙසත් නිසා බොහෝ පිපාසයත්,
බඩගින්නත් දැනුණා. වතුර තිබෙන තැනක් සොයා ගියත් නුපුරුදු වනය නිසා සොයා ගැනීමට නො
හැකි වුණා. ඔහුට දකින්නට ලැබුණා මිනිස් වාසයක් යැයි විස්වාස කළ හැකි ගල් ලෙනක්.
සමීපයට ගොස් සැඟවී ඒ දෙස බලා සිටියා.
කිසිවකුත් දකින්නට හිටියේ නෑ. තව තවත් සමීපයට ම ළං වුණා. එවිට දකින්න ලැබුණා සංසුන්
ඉඳුරන් ඇතිව සක්මන් කරන භික්ෂුවක්. උන්වහන්සේට නො දැනෙන සේ කුටියට ඇතුළු වී කෑමට
යමක් සොයා බැලුවා. ඒ වන විට තෙරුන් වහන්සේ දහවල් දානය ගෙන අවසන් වී තිබුණා.
දඩයම්කරුවා දෙවැනියට සොයා බැලුවේ ඉවසිය නොහැකි පිපාසය සංසිඳුවා ගැනීමට ජලය ටිකක්.
මැටි කළයක් තිබෙනු දැක එයට එබී බැලුවා. තමාගේ අල්ල ප්‍රදේශයවත් තෙමා ගත නොහැකි තරමේ
වතුර ටිකක් තිබෙනු දැක කෝපයට පත් වුණා. ‘’මේ මහණ, ගෘහපතියන් දෙන දානය බුදිමින්
නිදියනවා මිස වතුර ටිකක්වත් ගෙනැවිත් තබා ගන්නේ නෑ. මහණකුට මෙසේ වෙන්න හොඳයි ද?”
යනාදි වශයෙන් දොස් නඟන්න පටන් ගත්තා.
සක්මන් භාවනාවේ යෙදී සිටි මිලක්ඛ තෙරුන් වහන්සේට ඒ වචන හොඳින් ඇහුණා. උන්වහන්සේ
මෙහෙම කල්පනා කළා. ‘’මම දහවල් දානය වළඳා, පාත්‍රය සෝදාගෙන එන විට ඔයෙන් පැන් කළයක්
ගෙනවිත් තැබුවා. දැන් එපමණ වේලා ගතවුණේ නෑ. කොහොමද කළයේ වතුර නැතිවුණේ. ගිහින්
බලන්නම ඕනෑ” යැයි හිතා කළය ළගට වැඩම කර බැලුවා.
කළය ජලයෙන් පිරී තිබුණා. එවිට තෙරුන් වහන්සේ නැවතත් මෙහෙම කල්පනා කළා. ‘’මේ
පාපියාගේ පාපකර්මවල විපාකය දිට්ඨ ධම්ම වේදනීය ව මෙතරම් දරුණු නම්, පරලොව කොපමණ දුක්
විඳින්න වෙනවා ද?” යි කල්පනා කර ‘’පින්වත, කළයේ ජලය පිරී තිබේ. ඔබට නො පෙනෙන්නේ
දැයි ප්‍රශ්න කළා. ‘’නැත ස්වාමිනි, මම කිහිප වතාවක් ම බැලුවත් මගේ අත්ල තෙමා
ගැනීමටවත් ජලය නෑ”යි පැවසුවා. එවිට තෙරුන් වහන්සේ කළය දෑතට ගෙන ඔහුට සිත් සේ ජලය
බීමට දෝතට ජලය දුන්නා.
දඩයක්කාර තරුණයා ජලය ඇති පමණ බී ‘’මෙසේ ජලය පිරුණු කළය පවා මගේ පාපකාරි කි‍්‍රයාවල
විපාකවලින් පෙනෙන්නේ නෑ. මියගිය විට පරලොව දී කොපමණ දුක් වේදනාවලට මුහුණ දෙන්න වේවි
දැයි තීරණය කර ගන්නත් අමාරුයි” සිතා තෙරුන් වහන්සේට නමස්කාර කර ‘’අනේ ස්වාමිනි, මා
පැවිදි කරන සේක්වා.
මම මේ දුකින් මිදීමට කැමැත්තෙමි”යි දන්වා සිටියා. ඔහුගේ බලවත් ඉල්ලීම මත පැවිද්ද
ලබා දුන්නා. මිලක්ඛ තෙරුන් වහන්සේගේ ධර්මාවවාද අනුව භාවනා කරන්න පටන් ගත්තා.
විහාරයේ වත්පිළිවෙත් ආදිය මැනවින් පූරණය කළා.
භාවනා කරන හැම අවස්ථාවක ම මුව දෙනුන්, මුව පැටවුන්, ඉත්තෑවන්, ඌරන්, ගෝනුන් වැනි
සතුන් උගුල්වලට හසුවී දුක්වින්ඳ ආකාරයත්, වේදනාවෙන් සිටි ඔවුන්ගේ ගෙලට මන්නා පහර දී
මරණයට පත් කළ ආකාරයත්, ලේ ගලා ගිය ආකාරයත් නිතර සිහිවෙන්න පටන් ගත්තා. භාවනාවේ දී
එම සිතිවිලි පහළවන විට බියට පත් වුණා. සිරුරින් දහදිය ගලන්න පටන් ගත්තා.
නින්දක් නො ලැබුවා. කොපමණ වෙහෙස ගත්තත් කමටහනෙහි සිත පිහිටුවා ගන්න බැරි වුණා.
අවසානයේ පැවිද්දෙහි කළකිරුණා.සිවුර තබා නැවතත් ගමට යන්න තීරණය කර දවසක් තෙරුන්
වහන්සේ විවේකීව වැඩ සිටින අවස්ථාවක් බලා උන්වහන්සේ වෙත එළැඹ ‘’ස්වාමිනි, මම මහණ දම්
පිරීමට අසමත් කෙනෙක්. මගේ සිතට නිතර පසුගිය අතීතය මතක් වෙනවා. තවත් මට පැවිදි බව
රැකීමට නොහැකියි. මට ගමට යන්න අවසර දෙන්න”යැයි ඉල්ලා සිටියා.
මහ තෙරුන් වහන්සේ බොහෝම බුද්ධිමත් කෙනෙක්. උන්වහන්සේ උපක්‍රමයක් යෙදුවා. ‘’හොඳයි,
ඇවැත්නි, ඔබට යාමට අවසර තිබෙනවා. ඊට පෙර මම මේ කියන දෙය කරන්න”යැයි පවසා ඉඹුල්,
ලුණුවරණ ආදී ගස් කප්පවා අමු දරගොඩක් ගැස්සෙව්වා. ‘’දැන් මේ අමු දරගොඩ කෙසේ හෝ ගිනි
අවුළුවා පෙන්වන්න” යැයි පැවරුවා.
නවක භික්ෂුවත් බොහොම වෙහෙස ගත්තා එයට ගිනි ඇවිලවීමට. ඔහු ගිහිව සිටිය දී මස්
පිළිස්සීමට ගිනි මැල ගැසූ ආකාරයෙන් සහ විවිධ උපක්‍රමවලින් උත්සාහ කළත් ගිනි
ඇවිළවීමට නො හැකි වුණා. පරාජයට පත් වී ‘’ස්වාමිනි, ඔබවහන්සේ පැවරූ කාර්යය මාහට නම්
කිසිසේත් ම කළ නොහැකි”යැයි දන්වා සිටියා. ඒ මොහොතෙහි තෙරුන් වහන්සේ පොළොව දෙබෑකර
අවීචි මහ නිරයෙන් කලාමැදිරියකුගේ තරම්වත් නොවන ගිනිපුළුඟුවක් ගෙන ඒ අමුදර මත
දැමුවා.
එකෙනෙහි ම එය අළු දූවිලි බවට පත් වුණා. තෙරුන් වහන්සේ ඔහු අමතා
‘’ඇවැත්නි, අවීචියෙහි කුඩා ගිනි පුළුගුවක් මෙසේ නම්, ඒ මත වැටෙන සත්වයාට කුමකින්
කුමක් වේද? මේ සසර ඉතාම බියකරුයි. විපාක විඳීම් විශාලයි. නොපමාව ධර්මයේ හැසිරී
නිවන් මාර්ගය සකසා ගන්න”
යැයි ධර්මාවවාද කළා. නවක භික්ෂුව ධර්ම කරුණු ශ්‍රවණය කර ‘’ස්වාමිනි, බුදුසසුනේ
හැසුරුණහොත් පාපකාරී වූ, ම්ලේච්ඡ වූ මා වැනි පුද්ගලයින් පවා දුකින් මිදෙන්නේ ද?”යි
විමසා සිටියා. තෙරුන් වහන්සේ ‘’එසේය, ඔබ දුකින් මිදෙන්නේ ය. වහා ධර්මයේ
හැසිරෙන්න”යැයි පවසා සිටියා. එයින් සතුටට පත් නවක භික්ෂුව පැවිද්දෙහි සිත අලවා
නැවතත් භාවනා කටයුතු කළා.
වත්පිළිවෙත් උනන්දුවෙන් ඉටු කළා. නො නිදා භාවනා කළා. රාති‍්‍රයෙහි නින්ද එන විට
හිසට තෙත පිදුරු කොට්ටා තබාගෙන, පා පැන් පොකුණුවල බහවාගෙන භාවනා කළා. බොහෝ කලක් ගත
වුවත් කිසිදු මාර්ගඵලයකට පැමිණීමට නොහැකි වුණා. එහෙත් ධර්මය අධ්‍යයනය කිරීමත්,
භාවනාවේ යෙදීමත් අත්හැරියේ ම නෑ.
සිත භාවනාවට හුරු වුණා. ධර්මය අධ්‍යයනය කිරීමෙන් නුවණ පහළ වුණා. දවසක් මිලක්ඛ
තෙරුන් වහන්සේට අවශ්‍ය ජලය කළයෙන් ගෙනැවිත් විශාල සැළියට වත්කරන විට විශාල ජල
බුබුළුවලින් පෙන කැටි මතු වෙන්න පටන් ගත්තා. ඒවා ඇති වී නැති වී යන ආකාරය
ති‍්‍රලක්ෂණය සමඟ සසඳා ධර්මාවබෝධය ලබා ගන්න උත්සාහ කළා. එම අවස්ථාව දුටු මිලක්ඛ
තෙරුන් වහන්සේ උන්වහන්සේගේ සිතෙහි උපන් සිතිවිලි හඳුනාගෙන ‘’ඇවැත්නි, ඔබගේ සිතිවිලි
නිවැරැදියි. මේ ජීවිතයත් පෙන පිඩක් හා සමානයි.
ඇති වී වහා නැති වෙනවා. එම නිසා උත්සාහයෙන්, සිහි ඇතිව, නිවැරැදි හැසිරීම්වලින්
යුක්තව, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න”යැයි ධර්මාවවාද කළා.
නවක තෙරුන් වහන්සේ ඒ ධර්මය අසා සිත ඒ කෙරෙහි යොමු කර භාවනා කළා. එයින් ම අනාගාමී
ඵලයට පත් වී නිවන් මාර්ගය සලසා ගත්තා. සංයුක්ත නිකාය අට්ඨකතාවේ සඳහන් මේ පුවතින්
පෙන්වා දෙන්නේ කොපමණ වැරැදි කර තිබුණත් ලැබෙන පළමු අවස්ථාවෙන් ම ධර්මය අවබෝධ කර ගෙන
නැවත නැවත උපදින සසර දුක් නැති කර ගැනීම කළ යුතු බවයි.
අපමණ දුක් විඳින දායකයාට ධර්මය අවබෝධ කරවීමට කවර හෝ ක්‍රමයක් යොදා ගත යුතු බවත්,
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවු පිරිසගේ ම පරම යුතුකම එය බවත් පෙන්වා දෙනවා.
යමෙක් වැරැදි කරන්නේ ඇතැම්විට එහි විපාක නිසි සේ නො හඳුනන නිසයි. එය අවබෝධ කරවීම
බෞද්ධයකුගේ උතුම් ලක්ෂණයක් ද වෙනවා. |