නැති ගුණ පෙන්වා
කර ගතයුතු නැත නින්දා
බුදුරජාණන් වහන්සේ විසල්පුර මහා වනයේ කූටාගාර ශාලාවෙහි වැඩ වෙසන එක දවසක බොහෝ
භික්ෂූන් වහන්සේ වග්ගුමුදා නම් ගංතෙර වස් වාසය ආරම්භ කළා.
ඒ වස්කාලය එනුවර දුර්භික්ෂයක් හට ගත්තා. එහි විසූ මිනිසුන්ට කෑමබීම ඉතා හිඟ වුණා.
ඔවුන් ජීවිකාව පිණිස විවිධ රැකියාවන් තෝරා ගත්තා. සමනරු භික්ෂූන් වහන්සේ නැති සිල්
පෙන්වා මම සෝවාන්ය, සකෘදාගාමිය, අනාගාමිය කියා මිනිසුන් රැවටීමට ද, තව කොටසක්
ධ්‍යානලාභීන් ලෙස ද පෙනී සිටියා.
ඒ අතර වස් විසූ භික්ෂූන් වහන්සේ දුටු ඔවුන් කියා සිටියා අපට වූයේ ලාභයක්. මේ
භික්ෂූන් වහන්සේලා සිල්වත් ය. කලණ දම් ඇත්තාහ ය, ගුණගරුක ය. මෙවැනි දුර්භික්ෂ කාලයක
අප නොකා නොබී මව්පිය දූ දරුවන්ට ද නොදී ඉතා අමාරුවෙන් සපයා ගත් දේ ඉතා ප්‍රණීත ව
පිළියෙළ කොට දන් දෙමු” කීහ.
ඒ දානය වළඳා භික්ෂූන් වහන්සේලා සුවපත් වූවා. නිරෝගි වූවා. පැහැපත් වූවා. ප්‍රසන්න
මුහුණු ඇතිව ප්‍රණීතව කා බී වැඩී වස් කාලය නිමවා විසල් පුර කූටාගාරයට ගොස්
බුදුරජාණන් වහන්සේ වැඳ එකත්පසව සිට මෙසේ වදාළා.
“ස්වාමීනි අප සැප සේ විසුවා. ප්‍රණීත දානය අඩු නැතිව ලැබුණා. එනිසාම අප අතර වාද
විවාද ඇති වූයේ නැහැ.”
“මහණෙනි ඔබලා මේ දුර්භික්ෂ කාලයේ ගම් වැසියන්ට ධර්මයෙන් අනුග්‍රහ කළා ද?”
“නැත, ස්වාමීනි, ඒ මිනිසුන් ධර්මයට සිත ඇලවූයේ නැත. අපිද මිහිරි දානය ලබා ගැනීම
පිණිස නැති ගුණ ඇති බව පවසා දානය වැළඳවූයෙමු.”
“හිස් පුරුෂය, ඔබලා බඩගින්නට නැති ගුණ කියා සිටියා ද? නැති සිල් පෙන්වා, ගුණ පෙන්වා
දුප්පත් මිනිසුන්ගේ දානය වැළඳුවා ද? ඔබලා සිදුකර ඇත්තේ බලවත් පාපයක්. ඊට වඩා හොඳයි
ඔබලාගේ කුස කපා ගත්තා නම් කුස කපා ගැනීමෙන් සිදු වන්නේ මරණය යි. නැති නම් මරණාසන්න
වීමයි. එයින් නිරයට පත්වීමක් නැහැ. මහණෙනි, මෙය බරපතළ දෝෂයක්. රට වැසියා රවටා කුස
පුරවා ගැනීම හේතුවෙන් නිරයේ ඉපිද කල්ප ගණන් දුක් විඳීමට සිදුවේ. එය වළකාලනු නොහැකි
ය.” වදාරමින් පැමිණ සිටි පිරිසට සංවේගය ඇති කරවමින් ධර්මය දේශනා කොට වදාළා. |