 උතුම් අනුබුදු මිහිඳු සමිඳුනි
සම්බුදුන් පිරිනිවීමෙන් පසු
දෙසීය තිස් හය වස් ඇවෑමෙන්
සුපුන් සඳ මඬලක් ලෙසින් පෑ
මගේ අනුබුදු සමිඳු අඹතල
රන් රුවක විලසේ
එකලු කළෙ ලක්දිව මගේ
අඹ පැනෙන් ලක් නර නිඳුන් තිස්
සුරත දැරු අවි පතිත විය බිම
එතැන් සිට මගෙ මව් බිමේ ඝන
අඳුර ගිලිහී දහම් පුර සඳ
නැඟී සත පිබිදී
කෙලෙස් මල සැම සන්සිඳී
අසූවස් කල් දම් සිසිල දී
මගේ සිරිලක් බිමෙහි පිරිනිවි
උතුම් අනුබුදු මිහිඳු නාමය
දනන් තුඩ තුඩ රැව් නැඟෙන්නේ
අඹ තලා මුදුනේ
පොසොන් සඳ රැස් සිසිල දේ

ආචාර්ය රත්නපාල වික්රමසිංහ |