Print this Article


කොසොල් රජු දුටු සිහින දහසය

කොසොල් රජු දුටු සිහින දහසය

කතෘ : ධම්මික ජයරංජන්
මුද්‍රණය : පී ඇන්ඩ් පී ඇසෝසියේට් රාජගිරිය

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වැඩසිටි කාලයේ කෝසල රාජ්‍ය පාලනය කරන ලද්දේ පසේනදී කොසොල් මහරජතුමා ය.

දිනක් රජතුමා මහා භයානක සිහින දහසයක් දුටුවේ ය. ඒ පිළිබඳ මල්ලිකා දේවිය සමඟ සාකච්ඡා කළ අතර මල්ලිකා දේවිය කියා සිටියේ රජතුමනි, මේ සඳහා විසඳුම් ලබාගත හැක්කේ බුදුරදුන් දැනුවත් කිරීමෙන් පමණක් බව ය. ඉන්පසු කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැක සිහින පිළිබඳ කියා සිටියේ ය. අපගේ බුදුරජාණන් වහන්සේ ඒ සිහින දහසය විස්තර කළ අයුරු මෙම ග්‍රන්ථයේ මැනවින් ඉදිරිපත් කර ඇත.