අනියතය
ලෝ දහම
සසර සරනා සත
නොමියෙනා අය ලෙස
නේක දුක් සැපත විඳ
හිස් අතින් සමු ගනිති
සසර මඟ යළි සරන
නොනිමෙනා දිවි ගමන
ගිරි දුර්ග කටු පඳුරු
කරති තරණය නිබඳ
ගේ දොර ද දූ දරු ද
යාන වාහන ද සතු
ගෙන යන්න බැරි කලෙක
පින් පව්ය ගෙන යන්නෙ
සුනිල විල විකසිත වූ
සියපත ද නෙත් පිනන
සැඳෑ කල මුකුලිතව
අනියත ය කියනු ඇත
ආචාර්ය රත්නපාල වික්රමසිංහ |