උගත්කමට ඉහළින්
මනුස්සකම තිබෙන්නට ඕනෑ
පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති
මහාචාර්ය නන්ද ධර්මරත්න
1991 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ දී තරුණයන්ට රැකියා අවස්ථා නැතිවීම
නිසා ඔවුන් ආයුධ අතට ගත්තා. රටේ භීෂණයක් ඇති වුණා. මේ තත්ත්වය ඇතිවීමට හේතු වූ
කරුණු සොයන්නට “තරුණ අසහන කොමිසම” පත්කළා. එහි නිර්දේශයන්ට අනුව රැකියා අභිමුඛ
පාඨමාලාවලින් සමන්විත අනුබද්ධ විශ්වවිද්‍යාල ආරම්භ කළා. මේ විශ්වවිද්‍යාල ප්‍රධාන
විශ්වවිද්‍යාලවලට අනුබද්ධ කරලා තිබුණේ.
ඒ අවස්ථාවේ දී ආරම්භ කළ රජරට විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ
වෙලා තිබුණේ. මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි මහතා ප්‍රධානත්වය දැරූ එහි අධ්‍යක්ෂ
බවට පත්වූයේ මහාචාර්ය දොරකුඹුර මහතායි. ඔවුන්ගේ ආරාධනාවකට අනුව එහි
කථිකාචාර්යවරයෙක් ලෙසට සේවයට එක් වුණා. ඉතිහාසය විෂය ඉගැන්වීම මට භාරදී තිබුණා.
මෙහි ඉගැන්වූයේ ඩිප්ලෝමා පාඨමාලා. ඒ වැඩ පිළිවෙල ඉතා සාර්ථකයි. ඒවා දිගටම
ක්‍රියාත්මක වුණා නම් හොඳයි.
1993 දී මේ විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාල බවට පත්කරන ලෙස ඉල්ලා ශිෂ්‍යයෝ
උද්ඝෝෂණය කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපතිනිය වූ පසුව ඒවා
විශ්වවිද්‍යාල බවට පත්කළා. එහිදී අනුරාධපුර අනුබද්ධව විශ්ව විද්‍යාලය රජරට
විශ්වවිද්‍යාලය නමින් ස්ථාපිත වුණා. එහි ඉතිහාසය විෂය ඉගැන්වීම මට භාර කෙරුණා.
එහිදී මට නැවතත් අර කුහකකම්වලට මුහුණ දෙන්නට සිදුවුණා".
එදා ඔහු මුහුණ දුන් අමිහිරි අත්දැකීම් අද සිහි කරන්නේ මිහිරි මතක ලෙසිනි.
මේ දක්වා කිසිදු මාධ්‍යයකට නොකියූ දෙයක් අද මම බුදුසරණ පත්‍රයට හෙළි කරනවා. එහිදී
පත් වූ උපකුලපතිවරයා මගේ ඉතිහාසය විෂය නැති කළා. මගෙන් කිසිදු වැඩක් නොගෙන මාස පහක්
වැටුප් ගෙව්වා. මිනිසුන්ගේ පටු ආකල්ප සහ කේලාම් නිසා සිදුවන දේ බලන්න. ඒ අවස්ථාවේ
දී පීඨාධිපතිවරයකු ලෙස කටයුතු කළ මහාචාර්ය විජේරත්න මහතා මට සිදු වී ඇති අසාධාරණයට
එරෙහිව තදින් කතා කළා. ඔහු බුදු දහමින් පෝෂණය වුණු, ඉතිහාසයට ලැදි මහාචාර්යවරයෙක්.
ඔහු ඉතිහාසය විෂය නැවත විෂය පද්ධතියට එකතු කළා. මම නැවතත් ඉගැන්වීම් කටයුතු ආරම්භ
කළා.
එදා අපේ පීඨය පවත්වාගෙන යාමට ගොඩනැගිල්ලක්වත් තිබුණේ නැහැ. නව සැලසුම් සකස් කරලා
මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන අලුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මට හැකිවුණා. ඒ සඳහා
දිවා රෑ වෙහෙසී වැඩ කළා.
ඉන්පසු සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර පීඨයේ දෙවැනි පීඨාධිපතිවරයා ලෙසට මා පත්
කෙරුණා. එතැන් සිට මගේ දක්ෂතා පෙන්වන්නට හැකි වුණා. එම කටයුතු සාර්ථක කර ගැනීමට
මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය මෙන්ඩිස්, මහාචාර්ය විජේරත්න යන මහත්වරු විශාල
සහයෝගයක් ලබා දුන්නා. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ හිඟයක් පැවැති අවස්ථාවේ
දී පළමු පන්තිය ගෞරව උපාධි ලබාගත් ශිෂ්‍යයන්ට කථිකාචාර්ය තනතුරු ලබා දීමට කටයුතු
කළා. ඒ මොකද? මට සිදුවුණු අසාධාරණය තවත් කෙනකුට සිදු නොවන්නට මම කටයුතු කළා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා එක් අවස්ථාවක දී
රජරට විශ්වවිද්‍යාලයට නිරීක්ෂණ චාරිකාවකට ආවා. එහිදී මගේ පීඨයේ දියුණුව දැකලා සතුටු
වෙලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගෙන ජපුරේ
ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසට සේවයට එක්වුණා.
එවකට හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාගේ ඉල්ලීමකට අනුව පොලිස් නිලධාරීන්ට ‘මහජන
සම්බන්ධතාවය ගෙනියන්නේ කෙසේද?” කියා පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කළා. මේ සඳහා
විද්වත් පිරිසක් සමඟින් රට වටේ ගොස් පොලිස් නිලධාරීන්ට දේශන පැවැත්වූවා. ඒ වගේම එහි
හර පද්ධතීන් ක්‍රියාත්මක වෙනවා දැයි පසුවිපරමක් කළා. එය ඉතා සාර්ථක වැඩපිළිවෙළක්
වුණා. ඉලංගකෝන් මහතා විශ්‍රාම ගිය පසුව එම වැඩසටහන නැවතුණා.
මේ අතරතුර මට මහාචාර්ය පදවිය ලැබුණා. ඒත් එවකට සිටි උපකුලපතිවරයා මේ තනතුර මට ලබා
දීමට වසර පහක් ප්‍රමාද කළා. උගත්කම තිබුණත් මනුස්සකම නැතිනම්, නිහතමානිකම නැතිනම්
වැඩක් නැත. සමහර නූගත් මිනිසුන් ළඟ හොඳ ප්‍රතිපත්ති තියෙනවා. මෙන්න මේ නිසයි මම
විශ්වවිද්‍යාල ජීවිතයට අකැමැති. 2015 දී මට මහාචාර්ය පදවිය ලැබුණා.
පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති තනතුරට පත්කිරීම පිළිබඳ මා
ජනාධිපතිතුමාටත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාටත්
ස්තූතිවන්ත වෙනවා. මේ ආයතනය දියුණු කිරීම සඳහා දැනටමත් මගේ අධීක්ෂණය යටතේ පුළුල්
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ලංකාවේ අධ්‍යාපනය ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතිනවා. නමුත් තාක්ෂණයත් සමඟ සිසුන්ගේ පොත්
පරිශීලනය අඩුවෙලා. මේ සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින් කුමක් හෝ වැඩපිළිවෙළක්
ක්‍රියාත්මක කළ යුතුයි. අද විශ්වවිද්‍යාල සිසුන්ට විශ්ව දැනුමක් නැහැ. බහුශ්‍රැත
බවක් නැහැ. අලිය ගිලපු දිවුල් ගෙඩියක් වගෙයි. හරිම හිස්.
මහාචාර්ය ධර්මරත්න මහතාට එදා සිය මවගෙන් ලද ආශීර්වාදය අද ලැබෙන්නේ පි‍්‍රය බිරිඳ
ජානකී ජයසේකරගෙනි.
ඔහුගේ හදවත ළතෙත් ය. සංගීතය යනු එදා මෙන්ම අදත් ඔහුගේ අවිවේකී ජීවිතයේ විඩාව නිවන
අපූරු ඔසුවකි. අනුරාධපුර, පොළොන්නරු ආදී ප්‍රදේශවල ඇවිදින්නට යාමද, පොත් කියවීම ද
ඔහුගේ විනෝදාංශයන් ය.
ඉගෙන ගන්න දරුවන්ට උපදේශයක් දෙන්න කැමැතියි.
නිහතමානී වෙන්න, හැකි හැම විටම අන් අයට උපකාර කරන්න. තමන්ගේ ආගම අදහන්න. මව්පියන්ට
සලකන්න.
"අතීතය දෙස බැලීමේ දී පැමිණි ගමන් මඟ පිළිබඳ ඇත්තටම සතුටුයි. මල් මාලා වැටුණු
අවස්ථා තියෙනවා. ගල්මුල් එල්ල වූ අවස්ථා තියෙනවා. ඒ කිසිදෙයකින් සැලුනේ නැහැ. සියලු
අභියෝග යහපතට හරවා ගත්තා. මගේ ලෞකික ජීවිතය සාර්ථකයි. සතුටුයි. ලෝකෝත්තර ජීවිතය ජය
ගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා. ඒ සඳහා බණ භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ
පරිදි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අපේ ජීවිතයට ඉතා වැදගත්. ඒ නිසා මේ ජීවිතයේදීවත්,
මතු භවයකදීවත් දුර්ගුණ ඇති මිනිසුන් හමු නොවේවා'යි ප්‍රාර්ථනා කරනවා."
මෙම ලිපියේ මුල් කොටස මාර්තු 17 වැනිදා පත්‍රයේ පළවිය.
අයන්ති විතාන
ඡායාරූප - සුලෝචන ගමගේ |