Print this Article


ශ්‍රීපාදස්ථානයේ දී මහා සුවඳදුම් පූජාවක්

ශ්‍රීපාදස්ථානයේ දී මහා සුවඳදුම් පූජාවක්

අඩි 50ක් දිග හඳුන්කූරක් අඩි 40ක් උස තවත් හඳුන්කූරු රාශියක් දල්වා සුවඳ පිදීමේ පින්කමක් මේ මස 02 වැනිදා ශ්‍රී පාදස්ථානයේ දී සිදුකෙරිණි. සිව්බල සේනා සංවිධානයේ සභාපති දෙමටපිටියේ රතනසිරි හිමියන් ඇතුළු එම සංවිධානය මෙම පින්කම සංවිධානය කළ අතර එම සුවඳ දුම් පින්කම සිව්වැනි වරට මෙවර පැවැත්වුණි. 2023 මාර්තු මස මහියංගණ පුද බිමේ දී පස්වැනි වරට එම පින්කම සිදු කිරීමට අපේක්ෂිත බව දන්වා ඇත.