Print this Article


සංකල්ප විහාරයේ මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කමක්

සංකල්ප විහාරයේ මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කමක්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂික ව සිදු කරන මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කම නිමිත්තෙන් පැවැත්වෙන පින්කම් මාලාව මාර්තු 28 වැනි දින ආරම්භ වේ. එදින සිට අපේ‍්‍රල් 02 දක්වා පෙරවරු 05.00 ට කිරි ආහාර බුද්ධ පූජාව ද, මාර්තු 28 -සවස 6.00 ට අටවිසි ගිලන්පස පූජාව සහිත බෝධි පූජාව මාර්තු 29 සවස 6.00 ට සත්සති වන්දනාව, සවස 6.00 සත් අසාධාරණ චුද්දස බුද්ධ ඥාන වන්දනාව අපේ‍්‍රල් 1 -සවස 6.00 ට අසිරිමත් මල් පින්කමේ ආනිශංස දේශනාව

විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප විහාරස්ථ දායක සභාව, මැදින් මල් වසන්ත පින්කම් කමිටුව මෙම පින්කම් මාලාව සංවිධානය කරයි. මෙම අවස්ථාවන්ට මැති ඇමතිවරු ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිත ය.