Print this Article


උපසම්පදා ලබති

වැවගම ශ්‍රී සද්ධර්මාරාම –නාගස්වැව ශ්‍රී සාම විහාරය යන විහාරයන්හි උභය විහාරාධිපති ශ්‍රී සද්ධර්මාරාම මහා පිරිවෙන් පරිවේණාධිපති නැඟෙනහිර පළාත් ගුරු උපදේශක, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, සද්ධර්ම විශාරද, ශාස්ත්‍රපති වැවගම සද්ධාමංගල හිමියන්ගේ ශිෂ්‍ය උණුවතුර බුබුලේ සිරිධම්ම පොඩි හාමුදුරුවෝ මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී පසුගිය දිනෙක අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවූහ.


ගල්එළිය සද්ධර්මාලෝක විහාරාධිපති නාගස්වැව ශ්‍රී සද්ධර්මාරාම පරිවේණාධ්‍යක්ෂතැන්නලන්දේ උපාලි හිමියන් හා වැවගම ශ්‍රී සද්ධර්මාරාමය - නාගස්වැව ශ්‍රී සාම විහාරය යන විහාරයන්හි උභය විහාරාධිපති ශ්‍රී සද්ධර්මාරාම මහා පිරිවෙන් පරිවේනාධිපති නැඟෙනහිර පළාත් උපදේශක, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සද්ධර්ම විශාරද ශාස්ත්‍රපති වැවගම සද්ධාමංගල හිමිවරුන්ගේ ශිෂ්‍ය ඇල්ලේවැව ධම්මසිරි පොඩි හාමුදුරුවෝ මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද මකුලෑවේ විමලාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කල්‍යාණ නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී පසුගිය දිනෙක අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවූහ.