මලේ මහිම
නොකියන
මල් බසින් දැනේ
පිනි හැලෙන අරුණැල්ලෙ
පිපුණු මල් පෙති අතරෙ
රැඳුණු පිනි කඳුළු කැට
මඳ පවනෙ පිසලන්න
නිශා කල නෙත කඳුළු
සිනාවෙන් දුරලන්න
සැඩ සුළං මහ වැස්ස
සමඟ නොසැලී ඉන්න
සුවඳපිරි මතකයන්
ලොවේ රඳවා ගන්න
දිවි ගෙවන හැම මොහොත
ලොවක් හැඩ කරවන්න
නොඉල්ලා කිසිවක්ම
බොහෝ දේ දී යන්න
මලකට මිස තවත්
කෙනකු හට කළ හැකි ද
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |