බුදු නෙත

මහ කරුණාවෙන් දිවැස් හෙළන විට
ඔබ නෙත මා වෙත යොමු වූයේ නැත
අනුකම්පාවෙන් මා කළ යුතු හැම
පවසනු මැන බුදු පියාණනේ.........
සෝපාකට හා අංගුලිමාලට
යොමු වූ ඒ ඔබ කරුණාබර නෙත
මවෙත යොමු නොවූ අරුමය කිමදැයි
පවසනු මැන බුදු පියාණනේ......
බුදු නෙත ගැටුණේ දුක් විඳි සත වෙත
පමණක් නම් මා පෙර දුක් විඳ ඇත
ඒ දුක ජය ගෙන බුදුන් දකින මඟ
පවසනු මැන බුදු පියාණනේ........
තලල්ලේ චන්දකිත්ති හිමි |