
සංස්කරණය - නයනා නිල්මිණි
වෙනසක අරුම

දිලෙන කල පුරහඳ
මනරම් ය මුළු අහස
එවිට සැමදෙන බලයි
නැවත නැවතත් එදෙස
අමාවක දිනට නෑ
ඒ එළිය ළඟපාත
එදින කිසිවකුත් නෑ
අහස් කුස දැක සැනසෙන්න
ඒ.එච්.චම්පිකා ජයමිණි
11 ශ්‍රේණිය
ශ්‍රී ධර්මෝදය දහම් පාසල
මෑතගම
දුලබ කරුණු සතරක්
මෙලොව ඉතා දුර්ලභ කාරණා සතරක් තිබෙනවා. මිනිසකු වී ඉපදීම දුර්ලභ ය. බුදුරජාණන්
වහන්සේගේ පහළවීම දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය හෙවත් පින්දහම් කරගත හැකි තැනක පිනක්
දහමක් කරගත හැකි කෙනකු ලෙස ඉපදීමත් දුර්ලභ ය. සද්ධර්මය ඉතාම දුර්ලභ ය. අද අපට මේ
දුර්ලභ කාරණා ලැබී තිබෙනවා. අප ඉතාම වාසනාවන්ත පිරිසක්. මේ අතරින් පැවිදි බව ලැබීම
නිම කරන්නට බැරි තරම් වාසනාවක්. ඒ අගනාම සම්පත ලැබූ මම ගැන මට ඇත්තේ නිහතමානී
ආඩම්බරයක්.
විරාගධම්ම හිමි
2 ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය
හඳපානාගල
මගේ ලෝකයේ වීරයා

මගේ ලොව වීරයා වගේ ම රජු ද මගේ තාත්තා ය. මා උස් මහත් කර හොඳ දරුවෙක් කළේ මගේ
අම්මයි තාත්තයි. තාත්තා අප රැක බලා ගැනීමට රැකියාවට ගොස් බෙහෙවින් මහන්සි වී
නොයෙකුත් කරදර විඳිනවා. අපට කිසියම් අනතුරක් වීමට ඇත්නම් අප ආරක්ෂා කරන්නේ ද පිය
තුමායි. අප දුකක් පීඩාවක් නොඳී රැක බලා ගන්නවා. ඔහු මුළු ලෝකයට වගේ ම මට ද හොඳ
පියෙකි. සිය රැකියාව කරමින්, ඉගැන්වීම් කටයුතුවලට පොළඹවමින්, ආහාරපාන ලබා දෙමින් ,
ඇඳුම් පැළඳුම් ගෙනවිත් දෙන්නේ මගේ තාත්තායි. තාත්තා මගේ ලෝකයේ වීරයා වූ අතර මගේ
ලෝකයේ රැජිණ මගේ ආදරණීය අම්මා යි. මගේ අම්මත්, තාත්තත් දෙපළට ම ආයුෂ වැඩි වී
නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා.
ආර්.එම්.ටී. නිවර්තනා
11 ශ්‍රේණිය
විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, බදුල්ල.
දහම් රසය
මගේ පාසල රාගම ඉහළගම ප්‍රදේශයේ පිහිටා ඇත. පාසලේ බොහෝ ධාර්මික දරුවන් ඉගෙනීම ලබයි.
මගේ පාසල් ලාංඡනයේ සඳහන් කර ඇත්තේ “සදා රමති පණ්ඩිතෝ” යන පාඨය යි.
දෙව්රම් වෙහෙරේ දී මහාකප්පිත මහ තෙරුන් අරභයා මගේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ
ගාථාවක සඳහන් වන්නේ දහම් රසය පානය කරන තැනැත්තා පහන් සිතින් සුව සේ වෙසේ. පණ්ඩිතයා
ආර්යයන් විසින් ප්‍රකාශ කරන ලද ධර්මයෙහි හැමදා ඇලේ යනුවෙනි.
දීත්ම සජාර
5 ශ්‍රේණිය
සිරිවිමලසිරි ඉංගී්රසි දහම් පාසල, පොල්පිටිමූකලාන
දිනුම
සුවසෙත සදමු සුවපත් දිවියක් පතලා
එවිට කොරෝනා යයි නැති භංගවෙලා
දරුවන් නිසා පාසල යළි තුරුණු වෙලා
තෙරුවන් බෙලෙන් ලක්මෑණිය සුරැකි වෙලා
පියකරු සිනා රැළි පාසල පුරා යතී
පිවිතුරු සිනා රැළි යළි මල් ඵල ගනිති
ගුරුවරු තුටු සිතින් යළි සිප් කිරි පොවති
සුවවිරු රජුන් නිහඬ ව රට දැය රකිති
මහආරගම සුදස්සන හිමි
04 ශ්‍රේණිය
ශ්‍රී /සුමන සාමණේර ආයතනය
වෙහෙරයාය
අපේ විහාරය
|
කොරෝනා වෛරසය
|
සෙත් පැතීම
|
 |
 |
 |
සමිද්දි සුමන හිමි
01 ශ්‍රේණිය
සුමන සාමණේර ආයතනය
හඳපානාගල |
දෙහෙරගොඩ සුමංගල හිමි
03 වසර
ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල
ගිරිඋල්ල |
සුමුදු සමන්
02 ශ්‍රේණිය
බාලිකා විදුහල
අවිස්සාවේල්ල |
|