
සංස්කරණය - නයනා නිල්මිණි
අනිමිසලෝචන පූජාව
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සම්බුද්ධත්වය ලැබීමට උපකාර වූ බෝධීන් වහන්සේට කළගුණ
සැලකීම සඳහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා සතියක් මුළුල්ලේ බුදු නෙත් යොමා සිටි
සේක. එය අනිමිසලෝචන පූජාව ලෙසින් හැඳින්වේ.
තලාවේ සුමනතිස්ස හිමි
1 ශ්‍රේණිය
සිරි සුමනාරාමය, මාතර
මහා කරුණා ගුණය

තුන් ලොවට ම තිලකයක් බඳු වූ බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා “මහා කරුණා ගුණය
ප්‍රකට කරමින් ලෝ සත දුකින් මුදවා ගත් සේක.
කිසිම තැනකදී භේදයක් නොකොට, මුළු මානව සත්ත්වයාට ම සම සේ කරුණාව දක්වන ලද ශ්‍රේෂ්ඨ
ශාස්තෘන් වහන්සේ කෙනකු වශයෙන් උන්වහන්සේ ඉතිහාස ගත වී ඇත. බුදුරජාණන් වහන්සේට ගල්
පෙරලූ දේවදත්ත හාමුදුරුවන්්ටත්, උන්වහන්සේ පසුපස කඩුවක් අමෝරාගෙන පැමිණි
අංගුලිමාලටත්, තම පුතු වූ රාහුල හාමුදුරුවන් වහන්සේටත්, නාලාගිරි වැනි සතුන්ටත්
බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ වෙනසක් නොවූහ.
බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා කරුණාව ලෙස හඳුන්වන්නේ උන්වහන්සේ තුළ වූ මහා
කරුණාව හා සමාන ගුණයක් තවත් බුදුරජාණන් වහන්සේ නමකට මිස අන් කිසිවකුට නොමැති
බැවිනි. අපගේ ජීවිතයේ සෑම සිතිවිල්ලක් ම, සෑම ක්‍රියාවක් ම, සෑම වචනයක් ම බුදු දහමට
අනුව ගොඩනඟා ගැනීමට උත්සාහ කළ යුතු ය.
ඩබ්ලිව්.එම්. මෙනුරි තක්ෂිලා
9 ශ්‍රේණිය
හංගමුව, ඉබ්බාගමුව
සැදැහැ සිත

නිවන් මඟ සපල කර ගන්නා තැනැත්තා පිරිසුදු බවින් හෙබි තැනැත්තෙකි. ශ්‍රද්ධාවන්ත ය .
ශ්‍රද්ධාවේ මූලික ප්‍රභේද දෙකකි. අමූලිකා ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාවයි.
අමුලිකා ශ්‍රද්ධාව භක්තිය යන්නට සමීප ය. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ
විචාරශීලි, පදනම් සහිත ප්‍රබුද්ධ ප්‍රසාදය ආකාරවති ශ්‍රද්ධාවයි. පැහැදීම, ප්‍රසාදය
යන වදන්වලින් කියැවෙන ශ්‍රද්ධාව බෞද්ධ ප්‍රතිපදාවේ මූල බීජයයි. තුණුරුවන්හි ගුණ
දැනගෙන අවබෝධයෙන් ක්‍රියා කිරීම ශ්‍රද්ධාවෙහි ලක්ෂණය යි. අපගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර
ජීවිතයේ සුවපත්භාවය පිණිස ශ්‍රද්ධාවෙන් යුතු පිරිසක් බවට පත් වෙමු.
එම්.ජේ.නෙත්මි තිලෝචනා
10 ශ්‍රේණිය
ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය - ගාල්ල
ගැටලුවක්
මිනිස් පණ නල රකින
අහර ඔසු සොයා දෙන...
ලොවම සුරපුර කරන
සැමට ජීවය බෙදන..
නෙත් සිසිල් කරවමින
හරිත පැහැ වසාගෙන...
සිටි ඒ වෘක්ෂ දේවතාවුන්.......
හිතක් පපුවක් නැතිව
නසා දමන්නට....
හැදුණෙ හිත කොයි ලෙස ද?...
සොබාදම් අපරාධ
සිදු කරන්නට.......
ඒ.එච්.චම්පිකා ජයමිණි
11 බී. ශ්‍රේණිය
හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය
සෑ රදුන් වහන්සේ
|
තෙරුවන් සරණ යමු
|
දහම් ඇසීම
|
 |
 |
 |
දිදුල හිම්සර
06 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල
වැල්ලවත්ත |
බී.ඩබ්ලිව්. නෙත්සර නිම්නාද
02 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල
වැල්ලවත්ත |
කේ. නෙතුලි දිව්‍යාංගනා
02 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල
වැල්ලවත්ත |
|