Print this Article


හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම විහාරය

හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම විහාරය

හෝමාගම මහකටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ තෙමහල් ගොඩනැගිල්ලෙහි ඉදිකරනු ලබන සම්බුදු චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීම මේ මස 27 වැනි දා සිදුකිරීමට නියමිත ව ඇත. මීගහපැලැස්සේ විජිතධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සිදුවේ. මහා සංඝරතනයේ ආශිර්වාද මැද චෛත්‍යය සලපතල මළුව සඳහා මුල්ගල තැබීම එදින සවස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සුරතින් සිදුවනු ඇත.