Print this Article


හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ අභිනව සංඝාරාමයේ දෙවන අදියර ආරම්භක උළෙල 23 දා

හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ අභිනව සංඝාරාමයේ දෙවන අදියර ආරම්භක උළෙල 23 දා

ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේ අභිනව තෙමහල් සංඝාරාමයේ වැඩ අවසන් කිරීමේ දෙවන අදියර සඳහා කෙරෙන පුණ්‍යෙීත්සවය මේ මස 23 වැනි ඉරුදින සිදු කිරීමට නියමිත ය.

හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති වැලමිටියාවේ සීලරතන හිමිගේ අධීක්ෂණය යටතේ දායක පිරිසගේ ධන පරිත්‍යාගයෙන් අධික මුදලක් වැයකොට ඉදිකරගෙන යන මෙම සංඝාවාසය විහාරස්ථ ස්වාමීන් වහන්සේලාට අමතරව විහාරස්ථානයට පිටතින් වඩින සංඝයා වහන්සේලාට නවාතැන් ගැනීමට පැවති විශාල අඩුවක් සපුරා ගැනීමක් වනු ඇත.

සීලරතන නාහිමි විසින් ආරම්භ කළ චෛත්‍යය, බෝධි ප්‍රාකාරය, නව විහාර මන්දිරය, බණ මඩුව, නවග්‍රහ මලුව, ධාතු මන්දිරය, ඇත් පවුර සහිත වළාකුළු බැම්ම, අටවිසි මලුව හා රජමාවත, ලෙන් පියස ආදී විහාර අංගයන් අතර මෙම සුවිශේෂි සංඝාරාමය විහාරස්ථ අභිමානය තවදුරටත් වැඩි කරන්නකි.

වේලාම සූත්‍රයේ සඳහන් පරිදි රහතන් වහන්සේලා සිය නමකට පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිය නමකට සාංඝික දාන සියයක් දීමටත් වඩා ආනිසංස ඇති පින්කමක් ලෙස සංඝාවාස ඉදිකර පූජා කිරීම සඳහන් කළ හැකි බව පවසන සීලරතන හිමියෝ මෙම පින්කම සඳහා සැමගේ පුණ්‍යවන්ත දායකත්වය අපේක්ෂා කරන බව පවසති.