Print this Article


රාමඤ්ඤ මහා නිකායේ 72 වන උපසම්පදා උළෙල

රාමඤ්ඤ මහා නිකායේ 72 වන උපසම්පදා උළෙල

සෞඛ්‍ය හේතු මත කල්දැමූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 72 වන උපසම්පදා උළෙල මේ මස 22 දින වැලිවේරියේ දී පැවැත්වීමට නියමිත ය.

නාරංවල ශ්‍රී සුමණකීර්ති පිරිවෙන් මධ්‍යස්ථානය මුල්කරගෙන කැලණිය ප්‍රාදේශීය සංඝ සභාවේ සංස්කාරක දායකත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සංඝ සභාවේ සංවිධායකත්වයෙන් නිකාය රක්ෂණ සභාවේ දායකත්වයෙන් බියගම කැලණිය නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පුරා දින හතක් සාමණේරයන් වහන්සේලා 400 නමක් උපසම්පදා සීලයේ පිහිටුවීමට නියමිත බවද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුරාධපුර ප්‍රාදේශීය සංඝ සභා දිසා පාලක ගෝනගල ඤාණලෝක හිමියෝ දන්වා සිටිති.