Print this Article


සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වේ

සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වේ

නව වසර ආරම්භයේ දී රටට සෙත් පතා විශේෂ බෝධිපූජා පින්කමක් සිතුල්පව්ව විහාරස්ථානයේ දී, විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චමල් රාජපක්ෂ අමාත්‍යතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.

සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජාභූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපතිතුමා විසින් සිතුල්පව්ව රාජමහා විහාරාධිපති, මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදි. මීට අමතරව අවට විහාරස්ථාන හතරක් පූජාභූමි බවට පත් කිරීම සංකේතවත් කරමින් නිදහස් දීමනා පත්‍ර පිරිනැමීම ද සිදු කරන ලදී. සිතුල්පව්ව ප්‍රවේශ මාර්ගයේ ඉදි කිරීමට යෝජිත වාහල්කඩ සඳහා චමල් රාජපක්ෂ අමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍යවරුන් විසින් මුල්ගල තබන ලදී.