බුදු ගුණ මහිමය

බුදු බණ දෙසනා
බුදු පුත් සඟනා
දුලබය අමිලය
ඉඳුනිල් මිණි සේ
මා හද පුදසුන වේවා
සමිඳු නමින් මල් පිදෙනා
බුදු ගුණ අසනා
සැදැහැති සව්වන්
පියුම් විලක පිපි
සියපත් සේ බැබළේ
මා හද පුදසුන වේවා
සමිඳු නමින් මල් පිදෙනා
බුදුගුණ වඩනා
පින්බර හදවත්
දා කරඬුව සේ
නෙත් සිත් පහන් කෙරේ
මා හද පුදසුන වේවා
සමිඳු නමින් මල් පිදෙනා
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |