Print this Article


සදහම් අරණ

බොදු සිරිතෙන් දිවි සරසමු

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වූ කලි වසර දහස් ගණනක් ඈතට දිව යන්නක් වන අතර, එදා මෙදාතුර විවිධ ආකාරයේ සිරිත් විරිත් අපේ මුතුන් මිත්තන්ගේ සිට අද දක්වා ම පැවත එන බව නොරහසකි. මෙම සිරිත් විරිත් වැඩි වශයෙන් ම අපට ලැබී ඇත්තේ බුදුදහම මඟිනි. සිරිත් විරිත් මඟින් කය මෙන් ම වචනය ද සංවර කරයි. එමෙන් ම එය මානසික වර්ධනයේ පදනම ද වන්නේ ය. බෞද්ධ සිරිත් විරිත් පංච සීලයෙහි පදනම වේ. එමෙන්ම ඒවා සංවර්ධනය වී ඇත්තේ ආගමික මෙන් ම ජාතික හෙවත් හෙළ සිරිත් විරිත් යනුවෙනි. මේ මඟින් අපගේ අනන්‍යතාව ඉස්මතු වී පෙනෙන අතර ජාතියේ චිර පැවැත්ම උදෙසා මෙන් ම අපගේ පෞද්ගලික යහපත උදෙසා ද සිරිත් විරිත් රැක ගත යුතු ව ඇත.


ඔවදන් අගයමු

අපි කිසි පවක් නොකරමු
කුසල් පමණක් රැස් කරමු
සිත නිවනට ම යොමු කරමු
සියලු බුදුවරුන්ගේ දෙසුම අගයමු


පරාක්‍රමබාහු රජතුමා

පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ රජ වූ ලංකාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි. එතුමා පරාක්‍රම සමුද්‍රය ඇතුළු වැව් අමුණු රැසක් ද වෙහෙර විහාර ද තැනවීය. අපේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කරවීය. එතුමා විසින් බුරුමය ආදී රටවල්වලට මුතු, මැණික්, ඇතුන් අපනයනය කරන ලදී. මේ ලංකාදීපයම ස්වයංපෝෂිත කරන ලදී.


ජය ලබමු

හැම දිවියට ම අස්වැසිල්ලක් වූ
සිනහ පොද.....
සීමාවෙලා ගිහින්
මුඛාවරණය තුළට.....
අත්වැල් බැඳන් ගෙවූ
සුන්දර වූ ඒ සමය
නෙතට කඳුළක් දෙමින්
කොරෝනා උදුරගෙන......
මීටරේ පරතරෙන්
අප දුරස් වී ගියත්
කොරෝනා පරදවමු
සිතින් අත්වැල් බැඳන්.......


ලොකු හාමුදුරුවෝ

බුදු හිමි දෙසූ ගමනේ ම යි වඩින්නෙ අප හිමිපාණෝ
නිවන් සුවය පතාගෙනයි මහණ වූණේ හිමිපාණෝ
ශාසනයට විශාල මෙහෙවරක් ද කළ හිමිපාණෝ
නිදුක් නිරෝගී වේවා අපෙ පන්සලෙ හිමිපාණෝ

සිව් වෙහෙරක් සසුනට ම යි තැනුවේ ලොකු හාමුදුරුවො
පුංචි අපට නැණ ගුණ පහදයි අපෙ ලොකු හාමුදුරුවො
බුදු දම් සඟ ගුණ ගරු කළ පින්බර ලොකු හාමුදුරුවො
ගමේ පන්සල පිළිබඳව යි සිතුවේ ලොකු හාමුදුරුවො

සතර බ්‍රහ්ම විහරණ ගුණ සපුරාලන හාමුදුරුවො
දෙසැටවියට පා තබනට සැරසෙන අපෙ හාමුදුරුවො
සිව් වෙහෙරක අග තනතුරු දරනවා අපෙ හාමුදුරුවො
ඌරුබොක්කෙ පඤ්ඤාවංශයි අපෙ ලොකු හාමුදුරුවො


මල් මෝස්තරය

දියඇල්ල

මොනරා
අවිස්සාවේල්ලේ සුලෝචන හිමි
03 ශ්‍රේණිය,
ශ්‍රී මහා මහින්ද පිරිවෙන
අනුරාධපුරය
හසුනි චාමලී කුමාරි
03 ශ්‍රේණිය
කොඩිප්පිලිකන්ද විදුහල
කලවාන
අසේන් පැතුම් ගුණතිලක
03 ශ්‍රේණිය
කේ.වී. ගුරුගල්ල කනිටු විදුහල
අවිස්සාවේල්ල