පමා නොවී
පින් කළ මැන
සිනහවෙන් මුව මඬල සරසා
අතට අත දී නෙතට නෙත දී
හලාහළ විස හදෙහි රඳවා
සුමිතුරන් ඇත අප වටා
විය සිදුරෙන් අහස බලන
කණ කැස්බෑවකු විලසින්
දුලබ මිනිස් බව ලැබුවේ
පෙර පිනකිනි මිනිස්සුනේ
ඝෝර කටුක සසර සරන
මෝහ දැලෙහි පැටළුණ දන
දෑස් සවන් ලද පල නැත
පමා නොවී පින් කළ මැන
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |