දළදා වහන්සේ රැක ගන්නට ජීවිතය කැප කළ
අභීත එඩිතර වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමියෝ
අපේ ඉතිහාසය පුරා ම සම්බුද්ධ ශාසනයටත්, ජන්ම භූමියටත් උදාර සේවාවන් කළ මහා සංඝ
පීතෘන් වහන්සේ බිහිවිය. අද්විතීය ධර්ම ඥානයෙන් ද, චතුර ධර්ම දේශකත්වයෙන් ද,
භාවනාවෙන් ලද ප්‍රතිඵලයන්ගෙන් ද, ලියූ ධර්ම ලේඛනයන් නිසා ද වශයෙන් උන්වහන්සේලාගේ
නාමය අමතක කළ නොහැකි ලෙසින් ඉතිහාසයේ ලියැවී ඇත.
බුදු දහම වෙනුවෙන් තම ජිවිතය පවා පරදුවට තැබූ භික්ෂූන් වහන්සේ අතර වාරියපොළ ශී‍්‍ර
සුමංගල හිමියන්ගේ නාමය ලක් ඉතිහාසයේ බැබළෙන්නේ ය. ඉංගී‍්‍රසි කොඩිය බිමට ඇද දමා,
නැවත සිංහල ධජය එසවූ උන්වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ ඉංගී‍්‍රසින්ට අයිති වන්නට නොදී
දළදා මාලිගාවෙන් ඉවත් කර නිදහස් අරගලයේ නායකයන් වෙත බාර දුන්හ. එහෙයින් වාරියපොළ
ශී‍්‍ර සුමංගල නා හිමිපාණන් වහන්සේට සිරගත වන්නට පවා සිදුවිය.
උන්වහන්සේ උපත ලැබුවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වාරියපොළ ග්‍රාමයේ ය. ඒ
1795 වසරේ බමුණුකොටුවේ රාළහාමිගේ කිරිහාමි ලෙසය. හේරත් මුදියන්සේලාගේ බමුණුකොටුවේ
රාළ මේ කුඩා කුමරුගේ පියාණන් ය. වයස අවුරුදු 12ක් තරම් කුඩා වියේ මේ කුමරු පැවිදි
බව ලැබූවේ ය. ඒ නාවින්නේ ධම්මදස්සි හිමියන් වෙතින් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ
භික්ෂූන් වහන්සේ නමක ලෙස වාරියපොළ ශී‍්‍ර සුමංගල යන පැවිදි නාමයෙන් ය.
උපසම්පදාවෙන් පසු ධර්ම ශාස්තී‍්‍රය කටයුතුවල මනා පරිචයකින් යුතුව ඉතා දක්ෂ බෞද්ධ
භික්ෂුවක් ලෙසින් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක තනතුර ද දරමින් ලක්දිව
සම්බුද්ධ ශාසනයත් සිහල දේශයත් රැක ගැනීමේ නොනිමි අභීත අරගලය දියත් කරන්නට කි‍්‍රයා
කළහ. ඒ වගේ ම වාරියපොළ ශෛලතලාරාමය විහාරයේ අධිපති ලෙස කාලයක් කටයුතු කළහ. අස්ගිරි
සංඝ සභාවේ අනුනායක ධූරයක් උන්වහන්සේට පිරිනැමුණු පසු ශී‍්‍ර දළදා මාලිගාවේ කටයුතු
බලා ගැනීමට මහනුවරට වැඩම වීම ද සිදුවිය.
මේ කාල වකවානුව වන විට කඳුරට රාජ්‍ය සමයේ බොහෝ ව්‍යාකූල ස්වභාවයක් උද්ගත වෙමින්
පැවතිණි. ලන්දේසින්ගෙන් පසුව ලංකාවේ පහත රට ප්‍රදේශය අල්ලාගෙන සිටි ඉංගී‍්‍රසීන්
1803 ජනවාරි 03 වැනිදා සිට උඩරට රාජ්‍ය ආක්‍රමණය කිරීම ද ආරම්භ කළේ ය. ඒ එවකට
සිහසුන හිමි ව සිටි සිංහල රජු ගැන තිබූ අප්‍රසාදය හේතුවෙන්, රාජසිංහ රජු පළවාහැර
ඉංගී‍්‍රසින්ට රට භාර දෙන්නට එකඟ වූහ. ඒ අනුව අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී දෙපාර්ශවය
අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 1815 මාර්තු 02 දා සිංහල නායකයෝ උඩරට ගිවිසුම
අත්සන් කර කන්ද උඩරට සිංහල රාජ්‍ය පාලනය ඉංගී‍්‍රසි ආණ්ඩුවට අයිති කර දෙන්නට කටයුතු
කළෝ ය. එම ගිවිසුම අත්සන් කිරීමට යොදාගෙන තිබුණේ මහනුවර මඟුල් මඩුවේ දී ය. ගිවිසුම
අත්සන් කිරීමට මිනිත්තුවකට පෙර හෝ ඉංගී‍්‍රසි සොල්දාදුවන් සිංහල ධජය බිම දමා
ඉංගී‍්‍රසි කොඩිය ඉහළ නැංවූහ.
මෙම ගිවිසුම ගැන අකමැත්තෙන් දින ගණනක් සිටි වාරියපොළ ශී‍්‍ර සුමංගල හිමියෝ දළදා
මාලිගයට උදෑසන වඩින විට දුටු මහා මලුවේ ලෙල දෙන ඉංගී‍්‍රසි කොඩිය දැක “බොල අර රට
පාවා දෙන ගිවිසුම අත්සන් කරා ද?”යි එහි සිටි සිංහලයකුගෙන් ඇසී ය”. තවම නැත
හාමුදුරුවනේ” යැයි පැවසූ විට “එසේ නම් කොහොම ද පර සුද්දගේ කොඩිය මෙතන උස්සලා
තියෙන්නේ.” යැයි පවසමින් සිංහරාජයකු ගේ ලීලාවෙන් අඩියට, දෙකට කොඩි ගහ වෙතට ගොස්
ඉංගී‍්‍රසි කොඩිය පහතට ඇද එතැන කලින් තිබූ සිංහල ධජය ගෙන ගිවිසුම අත්සන් කර අවසන්
වනතුරු මේ රට අයිති සිංහලයන්ට බව ජාතික හැඟීම් උත්සන්නවීමෙන්, තර්ජන ස්වරයෙන්
නැවතත් සිහල ධජය එසවූහ.
1818 දී උඩරට ප්‍රදේශයෙන් ඉංගී‍්‍රසි පාලනයට එරෙහිව අරගලයක් පැන නැඟිණි. ඒ අරගලයත්
සමඟ වාරියපොළ ශී‍්‍ර සුමංගල හිමියෝ දන්ත ධාතූන් වහන්සේ රැක ගැනීමට උත්සාහ කළහ. දළදා
වහන්සේ ගේ අයිතිය රටේ අයිතිය සංකේතවත් කරවන බව අතීතයේ සිට රට වැසියන්ගේ එකම
විශ්වාසය විය. ඉංගී‍්‍රසින් විසින් දළදා වහන්සේ පැහැරගෙන යනු ඇතැයි කතා පැතිරෙන්නට
විය. ඒ අසා සුමංගල හිමියෝ ද බොහෝ කනස්සල්ලෙන් පසුවිය. ඒ අනුව කෙසේ හෝ දළදා වහන්සේ
ආරක්ෂා කරගත යුතු යැයි උන්වහන්සේ තීරණය කළහ.
සුමංගල හිමියෝ කල් යල් බලා දිනෙක දළදා වහන්සේ ඉතා සූක්ෂම ව ගන්ධ කුටියෙන් ඉවතට
වඩමවා සඟවාගෙන හඟුරන්කෙතට වැඩම කළහ. දේශප්‍රේමි කැරැල්ල මෙහෙය වූ එයට නායකත්වය දුන්
කැප්පෙටිපොල දිසාවේට දන්ත ධාතූන් වහන්සේ භාර කළහ. එහෙත් ඉංගී‍්‍රසිහූ මේ කැරැල්ල
ඉතා ම දරුණු ලෙස මර්දනය කළහ.
ඉන් අනතුරුව වාරිපොල ශී‍්‍ර සුමංගල හිමියන් දන්ත ධාතූන් වහන්සේ රැගෙන වනගත වූ බව ද
කියැවේ. දළදා හිමියන්ට ගෞරවය නිසා ම දළදා වහන්සේ සිවුරේ රඳවා වම් උරහිසේ තබාගෙන
වැඩසිටියහ. දළදා වහන්සේ දෙසට ම හිස හරවාගෙන සිටි නිසා සුමංගල හිමියන්ගේ ශරීර ලක්ෂණ
පවා වෙනස් වූ බව ද කියැවේ. වාරියපොළ ශී‍්‍ර සුමංගල හිමියන් දළදා වහන්සේ ඒ ආකාරයෙන්
සඟවාගෙන ආරක්ෂා කළේ යම් දිනෙක සිංහල රජු සිංහාසනයට පත් වූ කලෙක දළදා වහන්සේගේ
භාරකාරත්වය ඒ නව රජුට පැවරීම සඳහා ය.
කෙසේ වෙතත් සිංහල දිසාවේ වරයකු දුන් ඔත්තුවක් අනුව 1818 නොවැම්බර් 01 වැනි දින
ඉංගී‍්‍රසින් විසින් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් අත්අඩංගුවට ගන්නා ලදී. දළදා
වහන්සේ රහසිගතව පැහැරගෙන යෑම නිසා යුද්ධාධිකරණය සුමංගල හිමියන්ට. දඬුවම් නියම කළේ
ය. රාජ්‍ය ද්‍රෝහී චෝදනාව මත වරදකරු කොට සිරභාරයට ගත්තේ ය. ඒ අනුව වාරියපොළ සුමංගල
හිමියන් යාපනයේ සිර කඳවුරේ සිරගත කරන ලදී.
1821 අප්‍රේල් මස 13 වැනි දින ඉංගී‍්‍රසි ආණ්ඩුකාරයා විසින් පොදු සමාවක් යටතේ
වාරියපොළ ශී‍්‍ර සුමංගල හිමියන් නිදහස් කරනු ලැබීය යැයි ඉතිහාසයේ සඳහන් වේ.
සිංහලයන්ගේ දුෂ්ඨ හා අකෘතඥ බව ගැන උන්වහන්සේ මහා කළකිරීමට පත්ව සිටිය හ. උන්වහන්සේ
ඒ නිසා ම ආපසු වාරියපොළ සිය පන්සලට මෙන් ම මහනුවරට හෝ ආපසු නො වැඩියහ. සිරගත වීමෙන්
නිදහස ලත් දා සිට යාපනය පටුනේ පිඬු සිඟා යැපෙමින් ජීවත් වූ බවත් එහි දී ම අපවත් වූ
බවත් කියැවේ.
වාරියපොළ ශී‍්‍ර සුමංගල නාහිමියන්ගේ උපත සිදු වූ වාරියපොළ ගම්මානයේ උන්වහන්සේගේ සංඝ
පරපුරට අයිති විහාරස්ථානයකි, වාරියපොළ ශෛලතලාරාම පුරාණ රාජමහා විහාරය, එය වර්තමානයේ
හැඳීන්වෙන්නේ වාරියපොළ ශී‍්‍ර සුමංගල පිරිවෙන් රජමහා විහාරය ලෙස ය.
- දීපා පෙරේරා |