Print this Article


සදහම් අරණ

මෙවර ජයග්‍රාහී නිර්මාණය:

මගේ මව්බිම

සොබා දහම් මෑණියන්ගේ අපූරු නිර්මාණයක් වූ මගේ රට ශ්‍රී ලංකාව යි. නිල්වන් මුහුදු තීරයකින් වට වූ ශ්‍රී ලංකාව දූපතකි. “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” යන අන්වර්ථ නාමයෙන් මගේ රට හඳුන්වයි. ඓතිහාසික නටබුන්, දිය ඇළි සුන්දරත්වය තවත් වැඩි කරයි. තේ, රබර්, පොල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවන අපනයන බෝග වේ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මෙරට ජීවත් වන ප්‍රධාන ජන වර්ග වේ. කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වී තිබෙන මගේ මව්බිම ඉතාමත් රමණීය යි. ශ්‍රී ලාංකිකයෙක් වීම පිළිබඳ මම බොහෝ සේ අභිමානයට පත් වෙමි.


බුදුහිමියනි

තිලොවට ගුරු වූ බුදු සමිඳුනි
සැදැහැ සිතින් නිති නමදිමි
දම් රස ලැබ දුන් දම් රජිඳාණෙනි
සැමදා යමි මම දම් සරණ


පන්සිල් සුරකිමු

පන්සිල් පද පහෙන් පළමු වැන්න පරපණ නැසීමෙන් වැළකීමේ සිල්පදයයි. ගිහියන් වන අප හැමදාම රැකගත යුතු සීලය පන්සිල් ය. අප සැවොම ජීවත්වීමට කැමැති ය. අපට කිසිවකු හිංසා කරනවාට අප අකැමැති ය. සතුන් ද එසේ ම ය. බුදුරජාණන් වහන්සේ පවා සතුන්ට කරුණාව දැක්විය යුතු බව දේශනා කර ඇත. වරක් ගැරඬියකුට හිංසා කළ ළමුන් පිරිසකට බුදුන් වහන්සේ අවවාද කළේ තමා උපමා කොට අනුන් නොනැසිය යුතු ය යන්න යි. පර පණ නැසීම බලවත් පාපයකි. එමනිසා කුඩා කල සිටම පන්සිල් සුරකිමින් ජීවත්වීමට අදිටන් කර ගනිමු.


කාල සිටු පුත්‍රයා

අනාථපිණ්ඩික සිටුතුමාට කාල නම් පුතෙක් හිටියා. ඔහු කිසිදිනෙක අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. පින් දහම් කළේ නැහැ. විනෝදයෙන් කාලය ගත කළා. සිය පුතු වෙහෙරට යැවීමට උපායක් යෙදූ පියා විහාරයට ගොස් බණ අසා ආවොත් කහවනු සියයක් දෙන බව පැවැසුවා. ඔහු එසේ කළා. දෙවැනි දිනයේ බණ පදයක් මතක තබාගෙන ආවොත් කහවනු දහසක් දෙන බවට කිව්වා. ඔහු ගියේ කහවනු ලබා ගන්න ඕන නිස යි. එහිදී බුදුහිමි බණ අමතක වේවායි අධිෂ්ඨානයක් කළා. එනිසා කාල සිටු පුතා ඉතා ඕනෑකමින් ධර්මය ඇසුවා. අවසානයේ දී ඔහු සෝවාන් වූවා.


මගේ අම්මා

මගේ ලෝකයේ වීරයා මගේ අම්මා ය. අම්මා හරිම බුද්ධිමත් වගේම හරිම කරුණාවන්ත යි. අම්මා අපට අවශ්‍ය සෑම දේ ම ලබා දෙමින් ගුණධර්ම ද හරිම ආදරෙන් කියා දෙයි. මමත් ලොකු වූ විට මගේ අම්මා වගේ වෙනවා. මගේ අම්මාට බුදුසරණයි.