පින සහ කුසලය දෙකක් ද? එකක් ද?
කර්තෘ - දේශබන්ධු සිරිසුමන ගොඩගේ
මුද්‍රණය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා බොහෝ ගණනක් වැඩ සිටි මුත් වළගම්බා රජුගේ කාලය වන
විට වැඩ සිටියේ මලියදේව මහරහතන් වහන්සේ පමණක් බව මතයකි. ඒ කාලයේ පැවැති
දුර්භික්ෂයක් නිසා බොහෝ හිමිවරු අපවත් වී ඇත. ඒ කාලයේ දහම් දෙසීමට ඉගැන්වීමට
ස්වාමීන් වහන්සේලා නොමැති වූ අතර නුවර යුගය වන විට වැඩ සිටියේ ගණින්නාන්සේලා පමණි.
එම තොරතුරු හා සම්බුද්ධ දේශිතයේ කරුණු ඉතා සරලව ඉදිරිපත් කර ඇත. |