ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් අව අටවක පෝදා 2021 නොවැම්බර් 27 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
“වැලි මළුවේ ලියූ කවි” නමින් තම පළමු ස්ව නිර්මාණ සංග්‍රහය තිළිණ කරන මැදවල නිමලසිරි හිමියෝ විශ්වවිද්‍යාල ජිවිතය තුළ කෘති කීපයක් සංස්කරණය කිරීම උදෙසා තම දායකත්වය ලබා දුන් හිමි නමකි. වර්තමානයේ බණ්ඩාරගම ධර්මචක්‍ර බාලක ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන උන්වහන්සේගේ සිතේ හටගත් නිර්ව්‍යාජ සිතිවිලි කවි බසකට හරවන්නට මෙම ග්‍රන්ථයෙන් උත්සාහ කර ඇත.
මෙම ග්‍රන්ථය දොරට වැඩිමේ උත්සවය බණ්ඩාරගම ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනම් මූලස්ථාන ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා පැවැත් වූ අතර මෙම ග්‍රන්ථයේ ප්‍රථම කෘතිය මැදවල නිමලසිරි හිමියන් විසින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උප කුලපති සහ ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ ගරු සභාපති ආචාර්ය බෝදාගම චන්දිම නා හිමියන් වෙත පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ උපසභාපති ජගත් සුමතිපාල මහතා ඇතුලු ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.
මහේෂ් සේනාධීර
නොවැම්බර් 27 සෙනසුරාදා පූර්වභාග 05.43 අව අටවක ලබා 28 ඉරිදා පූර්ව භාග 06.00 ගෙවේ. සෙනසුරාදා සිල්.
අව අටවක
නොවැම්බර් 27
අමාවක
දෙසැම්බර් 03
පුර අටවක
දෙසැම්බර් 11
පසළොස්වක
දෙසැම්බර් 18
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]