ධම්මගවේසී (සම්බුදු දහම පිළිබඳ ගවේෂණයකි)

කර්තෘ - මහරැඹෑවැවේ පාලිත හිමි
මුද්‍රණය - ඇම්.ඩී. ගුණසේන සහ සමාගම
බුදුපියාණන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් පුරා විවිධ පුද්ගලයින්ගේ
ආසයානුසායනුරූපී ව කරන ලද ධර්ම සාකච්ඡා මෙම ග්‍රන්ථයට පෙළගස්වා ඇත. සම්බුදු දහම
අකාලික ගුණයෙන් පිරිපුන් නිසාත් , උසස් මනසකින් යුත් පිරිසක් උදෙසා දේශිත වූවක්
නිසාත්, එම දහම අවබෝධ කොට ගත යුත්තේ ද මිනිසුන් වන අපම බව කතුවරයා කියයි. මේ කෘතිය
තුළින් ඒ සඳහා මූලික අඩිතාලම සැකසෙනු ඇති බව කතුවරයා විශ්වාස කරයි. අන් අයට දහම
කියාදිය යුත්තේ ඇයි? පිළිකුල් කළයුතු පුද්ගලයෝ, මව නැතිවීමෙන් ඇතිවන බිය, වඩා
වටින්නේ සිලය ද? ප්‍රඥාවද ආදී මාතෘකා 28 ඔස්සේ මෙම ග්‍රන්ථය ඔබ අතට පත්කර ඇත. |