“සඳහිරු සෑ“ කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යය හිඟුරානට වැඩමකළ වගයි.
රණවිරුවන් වෙනුවෙන් කෘතගුණ දැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව,
පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකාය එක්ව ගඩොල් දෙකෝටි හැට ලක්ෂයක් යොදා ගනිමින් වසර
1770කට පසුව ශ්‍රී ලංකාවේ ඉදි කරන මහා සෑය වන “සඳහිරු සෑය“ සඳහා තැන්පත් කිරීමට
නියමිත කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යය රැගත් දර්ශනීය රථ පෙරහර 17දින උදෑසන දමන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඟුරාන නගරය වෙත ළඟා විය.මෙම චූඩා මාණික්‍යය
සියැසින් දැක බලා වන්දනාමාන කර ගැනීම සඳහා ඓතිහාසික හිඟුරාන උත්තර ජයමහා
විහාරාධිපති පුජ්‍ය හිඟුරාණේ සිරිධම්ම නායක හිමි, දමන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ
බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටියාගොඩ රතනසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය හා දමන
ප්‍රාදේශීය ලේකම් උදාර චින්තන නානායක්කාර, දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද
ගුණවර්ධන, අම්පාර මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධීකරණ නිලධාරි චන්ද්‍රසිරි
විතානගේ සහ හිඟුරාන ග්‍රාම නිලධාරි රංජිත් අක්මීමන යන මහත්වරු ඇතුළු හිඟුරාන
ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.
දමන සමුහ කේ.මෛත්‍රීපාල |