Print this Article


බෞද්ධාලෝක පදනමෙන් තරුණ යුවළකට නිවසක්

බෞද්ධාලෝක පදනමෙන් තරුණ යුවළකට නිවසක්

බෞද්ධාලෝක පදනම මඟින් මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සමාජ සුභ සාධන ව්‍යාපෘතිය යටතේ සිලාවත්තේ ස්ථීර වාසස්ථානයක් නොමැතිව සිටි ලක්ෂිකන් වාස් තරුණ යුවලට නිවහනක් තැනීමට අගෝස්තු මස මුල්ගල් තැබූ අතර එහි වැඩ අවසන් කොට 72 වැනි ශ්‍රී ලංකා යුධ හමුදා දිනයට සමගාමීව 2021.10.10 වන දින බෞද්ධාලෝක පදනමේ නිර්මාතෘ සහ පදනමේ සභාපති ජගත් සමුතිපාල මැතිතුමා විසින් එම නිවස නිවාසලභීයා වෙත පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට බෞද්ධාලෝක පදනමේ අධ්‍යක්‍ෂිකා සමන්තා සුමතිපාල මැතිණිය, මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා ඇතුළු බෞද්ධාලෝක පදනමේ නිලධාරින්, 59 වැනි පාබල සේනාංකාධිපති මේජර් ජනරාල් සුරිය බණ්ඩාර මහතා, 24 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හිටපු 5 වන අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රුවන් රුද්‍රිගු මහතා, 24 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වත්මන් අණදෙන නිලධාරී මේජර් සම්පත් නල්ලපෙරුම මහතා ඇතුළු මුලතිව් ආරක්‍ෂක බලසේනාවන්ට අයත් යුධ හමුදා නිලධාරීන් සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධීකරණය සහ ශ්‍රම දායකත්වය මුලතිව් අලම්පිල් හි පිහිටි 24 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සිදු කරන ලදී.