මිනිසා හදාගෙන
රට හැදීම
"මිනිසා නො හදා රට හදන්නට බැහැ. මිනිසාත් හදාගෙන රටත් හදාගනිමු"යනුවෙන් මගේ රටට
දැයට පරම පූජනීය වූ මඩිහේ සිරි පඤ්ඤාසීහ මහ නාහිමිපාණෝ නිරතුරුව ම පෙන්වා දුන්හ.
"නො මැරෙන මිනිසකු සේ මුදල් උපයන්න. නො මැරෙන මිනිසකු සේ ඉගෙනීමෙහි යෙදෙන්න.
අධ්‍යාපනය ලබන්න. එහෙත් මාරයා කෙස් වැටියෙන් අල්ලා සිටින අවස්ථාවක සේ ධර්මයේ
හැසිරෙන්න."
යනුවෙන් කරුණාවෙන් අවවාද කළහ.
වචනයක ගැඹුර
දිනක් නායක ස්වාමීන් වහන්සේ නමක් මා හට භාවනා කමටහනක් ලබා දෙමින් අවවාද කළේ "මම
මැරෙනවා, දැන් මැරෙනවා"යනුවෙන් සිතමින් සිත පුහුණු කරන ලෙසට යි.
අපට කුඩා කල එහි ගැඹුර නො දැනුණි. එහෙත් , වයසින් හා මනසින් වැඩෙත් ම එලෙස සිහිපත්
කරයි නම්, කොතරම් හොඳීන් ඉරියව් පාලනය කරමින් ජීවිතය හැඩගස්වා ගැනීමට නුවණ මුහුකුරා
ගිය අයකුට හැකියාව ඇත්ද? අද බොහෝ දෙනකු මේ යතාර්ථයෙන් ඈත් වී සිට, බුද්ධියේ නිම්
වළලු පුළුල් කරනු වෙනුවට මෝහයේ ම ඇලී වැනසීම සංවේගජනක ය.
නුග ගස හා නුග පල
නුග ගස මහත් වු ව එහි පල කුඩා ය. ඇතැම් මිනිසුන් ද එසේ ය. ධනයෙන්, බලයෙන්,
වස්තුවෙන් ආඪ්‍යය. එහෙත් අදහස්වලින් ලාමක ය. සිතුම් පැතුම් තේරීම නුග පල සේ කුඩා ය.
පිරුණු මිනිසකු උදාර පුරුෂාර්ථයෙන් සිය දිවිය පුරවා ගත යුතු ය. ඒ සඳහා යන මඟ උතුම්
ශ්‍රී සදහම් මාවතයි.
රාස්සගල චන්දකිත්ති හිමි |