Print this Article


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් පසු ගිය දා (9) ආරම්භ කෙරිණි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හ ි9 වන දින අලුයම 01.09 ට යෙදුන සුබ නැකතට අනුව කප් සිටුවීමෙන් පසු 12 වන දින තෙක් දේවාල ඇතුළත පෙරහර පහක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර 13 දින සිට වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණු අතර පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර 18 දින වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතය.

අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝදා 22 දා පැවැත්වීමෙන් අනතුරුව පසුදින දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතව ඇත.

කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍ය කප අලුත්නුවර දේවාලයේ සිට පසුගිය 08 දින පෙරවරුවේ පෙරහරින් මහනුවරට වැඩම කෙරුණි.

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.