මහා පින්කමක
අසිරිය
ඒ නුවර වැසියෝ මුළු නගරය ම ඒකාලෝක කරමින් විචිත්‍ර වර්ණ යොදමින් සැරසීම් සිදු කළහ.
පී‍්‍රති ඝෝෂා කරමින් මංමාවත් දිගේ ඇවිද ගියහ. සමන්, කැකුළු, ඊතණ, අබ පොරිවලින්
සමන්විත ලද පස්මල් ඉසිමින්, මාර්ගය විසිතුරු කළහ. ගෙයක් ගෙයක් පාසා පුන්කලස් තබා
සතුටු වූ නගරවාසීහු වර්ණ වූ, විචිත්‍ර වූ විශාල ධජ එස වූහ. මේ රජගහනුවර නැකත් කෙළි
කාලයයි.
එන්න, අපි නටමු. ගයමු. මුළු රජගහ නුවර ම දෙව්ලොවක් වගේ, ගය ගයා පී‍්‍රති වෙමු.”
කියමින් එනුවර කාන්තාවෝ අප්සරාවන් මෙන් සැරසී දරුවන් ද ඇකයේ රඳවාගෙන පී‍්‍රති වූහ.
එකල එරට රජ කළ බිම්බිසාර රජු සිරිත් විරිත් රකිමින්, චාරිත්‍රවලට අනුව රාජාභරණයෙන්
සැරසී රාජ තේජස පතුරවමින් රට වාසීන්ට දැකබලා ගැනීම පිණිස නැකත් කෙළි සෙල්ලම් පිණිස
නගරය පුරා සැරිසරන්නට විය. නගරවාසීන් සමඟ සතුටු වන්නට විය.
ඒ නගරයේ විසූ එක් කුල දුවක් රජතුමාගේ ඉසුරුමත් බවත්, මනෝභාවනීය ආකාරයත්,
සෞභාග්‍යයත් දැක පුදුමයට පත් වූවා ය. දෙව්ලොව සම්පත් වැනි මෙවැනි සම්පත් ලබන්නට මේ
රජු කෙතරම් පින් කරන්නට ඇති ද? නො අඩුව මෙවැනි සැපයක් ලබන්නට මෙතුමා කවර නම් පිනක්
කරන්නට ඇතිදැයි ඇයගේ සිතට අදහසක් ඇතිවිය. පඬිවරුන් යැයි සම්මත පුද්ගලයෙක් වෙත ගොස්
ඇය මේ බව අයා සිටියා ය.
“පින්වත් පඬිතුමනි, මහ රජතුමා උසස් ආකාරයට සැප සම්පත් භුක්ති විඳියි.එතුමාට කිසි
දෙයකින් අඩුපාඩුවක් නො මැති බවයි පෙනෙන්නේ. පඬිතුමනි, පෙර ආත්මයේ මෙතුමා මොනවගේ
පිනක් ද කරගෙන තිබෙන්නේ?”
“පින්වත් දියණිය, පින්කම් සිතූ පැතූ සම්පත් දෙන මැණිකක් හා සමානයි. කල්ප වෘක්ෂයකට
සම කළ හැකියි. ධන සම්පත්තිය ද, ශ්‍රද්ධා සම්පත්තිය ද ඇති කල්හි යම් ප්‍රාර්ථනාවක්
සිදුකර යමක් කරයිද? එය ඒ අයුරින්ම ඉටු වෙනු ඇත. දියණිය, ආහර පූජාවෙන් ශක්ති
සම්පත්තිය ද, ආසන පූජාවෙන් උසස් කුලවත් බව ද, වස්ත්‍ර පූජාවෙන් වර්ණ සම්පත්තියද,
වාහන පුජාවෙන් සුවපහසුව ද, පහන් පූජාවෙන් ඇස් පෙනීමේ ශක්තිය ද, ආවාස පූජාවෙන් සියලු
සැප සම්පත් ද ලැබේ. එනිසා ඔබත් බොහෝ පින් දහම්වල යෙදෙන්න’ යැයි ඒ පඬිතුමා ප්‍රකාශ
කළේ ය.
“කොතරම් සැප සම්පත් තිබුණත් මිනිස් ලොවේ දී කායික පීඩා, මානසික පීඩා කොතරම් ද? අඹු
දරුවන් පෝෂණය කරන්න, ගේ දොර හදන්න, මිල මුදල් සොයන්න, කෙතරම් වෙහෙස විය යුතු ද?
නමුත් දිව්‍ය ලෝකයේ මේ කිසිදු බාධාවක් නැත. මේ සියලු සැප සම්පත්වලට වඩා දිව්‍ය
සම්පත් නොවේද වටින්නේ? බාධා අඩු දිව්‍ය සම්පත් නොවේ ද වටින්නේ? බාධා අඩු දිව්‍ය
ලෝකයේ මම සිත පිහිටුවා ගනිමි” සිතූ ඒ දියණිය මසුරුකම් දුරුකොට ඉතාමත් ශ්‍රද්ධාවෙන්
ගෞරවයෙන් දාන මාන කටයුතු ද, තමන් හැකි අයුරින් සියලු ම පින් දහම් සිදු කළේ ය.
ඇයගේ මේ අදහස් දැනගත් මව්පියෝ ඇය වෙත අලුත් වස්ත්‍ර යුගලක් ද, අලුත් ආසනයක් ද,
නෙළුම් මල් මිටියක් ද, ගිතෙල් පහන්, කිරි, මී පැණි, උක්හකුරු ආදී දානය පිණිස ලබා
දුන්නා ය.
එයින් ඇය අපමණ පී‍්‍රතීතියට පත්වුණි. දානය සඳහා සියලුම දේ ලැබුණි. එනිසා ඉතා
ප්‍රණීතව සකසා දානයක් දෙමි’ සිතා ජලය මුසු නොකොට කිරිබතක් සකසා එයට මී පැණි ද එක්
කොට තවත් දේ පිළියෙළ කළා ය. සුවඳ ගල්වන ලද පිපුණු මලින් සරසා ආසනය පිළියෙළ කර එයට
සුදු රෙද්දක් අතුරා ඒ ආසන්න සතර කොණ පිපුණු මල් පොකුරු සතරක් තබා ආසනය උඩින් වියනක්
බැඳ එය ඉතා අලංකාරව සුවඳවත්ව සැරසී ය.
පසුව ඇය’ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක පුත්‍රයකු වැඩි කල්හි මෙය පූජා කරන්නෙමි”
සිතා ඉක්මණින් දානය පිළියෙල කළා ය. පසුව තම යෙහෙළිය අමතා, “මිතුරිය, මේ මාවතේ අද
යම් භික්ෂුවක් පිඬු පිණිස වඩී ද උන්වහන්සේ මාගේ නිවසට කැඳවාගෙන එන්නැයි” පිටත් කළා
ය. එදින සැරියුත් තෙරණුවෝ පිණ්ඩපාතය සඳහා රජගහ නුවර මහ මඟට වැඩියහ. යෙහෙළිය
සැරියුත් තෙරුන් දැක සතුටු සිත උපදවාගෙන,
“ස්වාමිනි, පාත්‍රය මා හට දෙනු මැනවි. මාගේ යෙහෙළිය අද පිණ්ඩපාතය පූජා කිරීමට බලා
සිටිනවා ද? ඇයට අනුකම්පා පිණිස ඒ නිවසට දානය පිණිස වඩින සේක්වා” යි ඉල්ලා සිටියා ය.
සැරියුත් මහ රහතන් වහන්සේ අනුකම්පා උපදවා පාත්‍රය ඇයට දී දානය සඳහා නිවසට වැඩම කළහ.
නිවසට ගිය පසු ස්වාමිනී, සරසා සකස් කරන ලද මේ ආසනයේ අසුන් ගනු මැනව‘ යි ගෞරවයෙන්
ඉල්ලා සිටියා ය. තෙරුන් වහන්සේ ඒ ආසනය පිළිගත් පසු ඉතාමත් ගෞරවයෙන්, කර්මඵල
විශ්වාසයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදුණු සිතින් ඇය දානය පුජා
කළා ය.
ගිතෙල්, මී පැණි, උක් හකුරු, සහිත බතක් පිස පූජා කළ ඇය දානය අවසානයේ දී ‘ස්වාමීනි
මා අද රැස්කළ පිනක් වේ ද, ඒ සියලු පින් බලයෙන් මා හට දිව්‍ය සම්පත් ලැබේවා. සියලු
ඉරියව් වලින් මානෙල්, නෙළුම් මල් සුවඳ විහිදේවා යි ප්‍රාර්ථනා කළා ය.
ඉන්පසු තෙරුන් වහන්සේ වැළඳූ පසු පාත්‍රය සෝදා පිරිසුදු කොට නැවත ගිතෙල්, මී පැණි,
උක් හකුරුවලින් පාත්‍රය පුරවා ඒ පාත්‍රයත් තෙරණුවෝ වැඩ සිටි ආසනයත් සේවකයකු ලවා
විහාරයට ගෙන ගොස් තැබුවා ය.
තමා විසින් මනාකොට සකසා ගෞරවයෙන් යුතුව සංඝරත්නය උදෙසා පූජා කළ දානය පිළිබඳව
සිතමින් ඇය සතුටු විය. තුනුුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගත්තා ය. මනා කොට
ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගෙන සමාදන්වන සිල්පද නිසි ලෙස රැක ගත්තා ය. සිත තුළ ඇතිවන
පාපී අකුසල් අතහැර යහපත් දේ පමණක් සිතීය. දිවිහිමියෙන් පින් දහම් සිදු කොට බොහෝ
කලක් මිනිස් ලෝකයේ ආයුෂ ගෙවා මහලු බවට පත්ව මරණයට පත් වූවා ය. හැකුලූ අතක් දිග හරින
තරම් වේගයෙන් ඇය තව්තිසා දෙව්ලොව යොදුන් සියයක් විශාල රන් විමනක දෙවඟනක් සේ පහළ
වූවා ය.
දිනක් මුගලන් තෙරුන් වහන්සේ දිව්‍ය ලෝකයේ චාරිකාවක වඩින විට අලුතෙන් පහළ වූ දෙවඟනක්
උන්වහන්සේට දැක ගන්නට ලැබුණි.
“පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන සිටින ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම
ලස්සනයි. ඔබ ඔය අසුන්ගෙන සිටින ආසනය ඉතාමත් මනහරයි. වෛරෝඩි මාණික්‍යයකින් කළ එකක්
වගේ. ඔබ කැමැති කැමති දිශාවට මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරනවා. එවිට ඔබ ඉතා වර්ණවත්
ව බබළනවා. වලාකුළු අතරින් දිලිසෙන විදුලිය වගේ.
දෙව්දුව ඔබට මෙතරම් ලස්සනක් ලැබුණේ කොහොමද? මොනවගේ පිනක් නිසාද ඔබට මෙතරම් සැප
ලැබුණේ. සිතට පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ කිනම් පිනක ආනුභාවයෙන් ද?
මහානුභාව සම්පන්න පින්වත් දෙව්දුව, මිනිස් ලොව සිටින කාලයේ දී ඔබ කළ පින අප දැන
ගැනීමට කැමැති වෙමු. මෙසේ ආනුභාව සම්පන්නවීමට ඔබ කළ පින මහා විශාල එකක් විය යුතු
යි. ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබළනවා.”
එය ඇසූ දෙව්දුව සතුටු විය. මෙසේ පවසන්නී ය.
“පින්වත් මුගලන් මහරහතන් වහන්ස, මම ඒ කාලයේ මිනිස් ලොව සිටියේ, එදා ආගන්තුක
ස්වාමීන් වහන්සේ නමක් මගේ නිවසට වැඩි සේක. මම උන්වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ
කොට නමස්කාර කළෙමි. මට පුළුවන් ආකාරයට දානය පුජා කර ගෙන ඒ පින ගැන සිතමින් මම සිත
සතුටින්මයි හිටියේ. මම පින් පව් විශ්වාස කරගෙන ඉතා හොඳින් පින් රැස්කර ගත්තා.
ස්වාමිනි, මම කළ ඒ පිනෙන් තමා මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පින හේතුවෙන් තමා මේ
සම්පත් ලැබුණේ. සිතට පී‍්‍රතිය උපදවන මේ සැප සම්පත් සියල්ල ම ලැබුණේ ඒ පිනකම
නිසාමයි.
නයනා නිල්මිණී |