සුසුම
සුසුම ඇයි මා අතැර යන්නේ
සිත් බිඳීමක් වුණිද නැහැනේ
ගියොත් ඔබ නෑ යළිත් එන්නේ
සැබැඳියාවන් නිමා වෙන්නේ
උපන් දා සිට අතැර නොගොසින්
ඔබ ම පමණයි ළඟම උන්නේ
ඔබ ව මෙතරම් වටිනවා දැයි
අතැර යන තුරු නැහැනෙ දැනුනේ
හඬා වැටෙනා බියෙන් තැතිගෙන
මිනිසුන්ගෙ දුක දෙස බලා
නොයා ඉනු මැන වෙලා ඉක්මන්
සැවොම දුක් කඳුළින් තෙමා

තලල්ලේ චන්දකිත්ති හිමි |