ධර්මානුකූල ව උසස්
ජීවන දර්ශනයක් ගොඩනඟා ගත යුතුයි
උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය සංවර්ධන සභාවේ වැඩ බලන ලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ
අනුවිජ්ජක කාරක සංඝ සභික ශාස්ත්‍රපති
වාද්දුවේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
අපේ හාමුදුරුවනේ,බහුශ්‍රත, ධර්මධර,විනයධර ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන්
ප්‍රකට ව වැඩසිටින ඔබ වහන්සේ ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ ආශ්‍රය ලබමින් කුඩා අවධිය
ගත කළ ආකාරය පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙනවා නම්,
කළුතර දිස්ත්‍රික්කයට අයත් වාද්දුව ප්‍රදේශයේ වාද්දුව ශ්‍රී ලංකාරාම විහාරාධිපති ව
වැඩසිටි වෝහද්දරමුල්ලේ ධම්මරුචි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1964
වර්ෂයේ දී වාද්දුවේ ධම්මවංශ යන උතුම් ශාසනික නාමයෙන් ප්‍රවෘජ්‍යා භාවයට පත්වුණා.
1949 වර්ෂයේ ජූනි 06 වෙනි දින ජන්ම ලාභය ලබාගෙන කුඩා අවධියේ සිටම දහම් පාසල්
අධ්‍යාපනය ලබමින් විහාරස්ථානයට නිතරම යමින් එමින් ස්වාමීන් වහන්සේලා ඉතා සමීපව
ඇසුරු කළ නිසා පැවිදිවීමට ලොකු ආසාවක් ඇතිවුණා. ඒ වගේම උන්වහන්සේලා බොහොම නිවුන,
හික්මුණු ස්වභාවයෙන් පරිපුර්ණව නිතර පොතපත පරිශීලනය කරමින් උසස් දැනුම් සම්භාරයකින්
පිරිපුන් ස්වාමීන් වහන්සේලා බව මට නිතරම දැනුණා. ඒ වගේම එච්. ඒ පොන්සේකා පියාණන් හා
බී. ඇසිලින් පීරිස් මෑණියන් යන මගේ ආදරණීය මව්පියන් දෙපළ ඉතාමත් ශ්‍රද්ධාවන්තයි.
සංසාරගත පුණ්‍ය මහිමයක් නිසාදෝ මව්පිය දෙපළ තුළ තිබුණ සැදැහැවත් බව නිසාම මගේ
කැමැත්ත ඇතිව අවුරුදු 9 වන විට මා වාද්දුව ශී‍්‍ර ලංකාරාම විහාරස්ථානයට බාරකළා.
පැවිදි වීමට පෙර බොහෝ කාලයක් එම විහාරස්ථානයේ සිට වත්පිළිවෙත් පුරුදු පුහුණු වෙමින්
ශාසනික ජීවිතයට ඇවැසි පෙර සූදානම ඉතාමත් උනන්දුවෙන් නිවැරැදි ආකාරයෙන් ගොඩනඟා
ගනිමින් අවුරුදු 14 දී ශාසනික දායාදය ලබා ගැනීමට පුණ්‍ය වන්ත වුණා. වැඩිහිටි
ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිපදිමින් උන්වහන්සේලාට ඉතාමත්ම කීකරුව
ශාසනික ප්‍රතිපදාවන් ප්‍රගුණ කළා. 1974 වර්ෂයේදී නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක ධූරන්දර රාජකීය පණ්ඩිත දර්ශන
විශාරද ඉඳුරුවේ උත්තරානන්ද මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේගේ
සහභාගිත්වයෙන් කළුතර කළුගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී උතුම් වූ උපසම්පදාව ලබා ගැනීමට
භාග්‍යවන්ත වුණා.
ඔබ වහන්සේ ලබා ගත් පාරිවේණික හා උසස් අධ්‍යාපනය වගේම ආගමික, ශාසනික,අධ්‍යාපනික හා
සාමාජික වශයෙන් සිදුකළ සේවාවන් කුමන ආකාරයෙන්දැයි පහදා දෙන්න හාමුදුරුවනේ
මම පැවිදිවීමෙන් අනතුරුව ධර්ම ශාස්තී‍්‍රය අධ්‍යාපනය සඳහා මරදාන ශී‍්‍ර ලංකා මහ
පිරිවෙනට ඇතුළත් වුණා. එහිදී ඉතාමත් වටිනා පාණ්ඩිත්‍යයකින් හෙබි විශාරද සංඝ නේතෘන්
වහන්සේලා වෙතින් භාෂා ශාස්ත්‍ර ඉගෙන ගැනීමට ලැබීම ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්. ඒ
වගේම අතිපූජ්‍ය අනුනායක බද්දේගම විමලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ නේවාසික
ශිෂ්‍යකු ලෙස පාරිවේණික අධ්‍යාපනය ලැබුවා. බළන්ගොඩ පඤ්ඤාවංශ නා හිමි,කන්නිමහර
සුමංගල නා හිමි, පැණිහෙළ සිරිසම්බෝධි නා හිමි,බෙලිදෙණියේ සිරිධම්මවංශ නා හිම,මාපලගම
සෝමිස්සර නා හිමි වැනි වියත් පඬිවරුන් යටතේ ධර්මය භාෂා ශාස්ත්‍ර ඉගෙන ගත් බවත්
බොහොම ගෞරවපූර්වක ව කෘතවේදීව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. උන්වහන්සේලා යටතේ
වර්ගපටිපාටියෙන් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකරමින් 1968 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව
විද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ ශිෂ්ටාචාරය විෂයය පංති සාමාර්ථයක් සහිතව ගෞරව උපාධිය ලබා
ගත්තා.
අනතුරුව 1976 වර්ෂයෙ ්දී තංගල්ල වීරකැටිය ප්‍රදේශයේ කැප්පෙටියාව පාසලට වැඩම කරමින්
ගුරු සේවය ආරම්භ කරමින් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේත් වසර ගණනාවක් ගුරුවරයකු
වශයෙන් කටයුතු කළා. ඒ වගේම කළුතර දිස්ති‍්‍රක්කයේ බුද්ධ ධර්මය විෂය පිළිබඳ ගුරු
උපදේශකවරයකු වශයෙන් බොහෝ කාලයක් කටයුතු කර තිබෙනවා. ගුරු සේවයේ යෙදීසිටින කාලය තුළ
අධ්‍යාපන ඩිප්ලෝමා විභාගය සමත් වුණා වගේම පාලි බෞද්ධ විශ්ව විද්‍යාලය තුළින්
ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා.
එම කාල වකවානුවේ දී වාද්දුව ශී‍්‍ර ලංකාරාම විහාරාධිපතිව වැඩ සිටි වෝහද්දරමුල්ලේ
ධම්මරුචි ගෞරවනීය නායක ලොකු ස්වාමීන් වහන්සේ අපවත්වීමත් සමඟ එම විහාරස්ථානය ඇතුළු
විහාරස්ථාන කිහිපයකම විහාරාධිපතීන් වහන්සේ වශයෙන් ශාසනික කාර්යභාරයක
නියැළෙමින් ගුරු සේවය අඛණ්ඩව සිදුකළා. 2004 වර්ෂයේදී මම විශ්‍රාම ලැබුවා.
ශාස්තී‍්‍රය වශයෙන් ග්‍රන්ථ කිහිපයක් රචනා කර තිබෙනවා.
ඒ වගේම 2001 වර්ෂයේ සිට පානදුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් වශයෙන් වසර 10 ක් කටයුතු
කර තිබෙනවා. . ඒ වගේම අඛණ්ඩ ව නිකායේ කටයුතුවලට සම්බන්ධව කටයුතු කළ නිසා රාමඤ්ඤ මහා
නිකායේ ප්‍රාදේශීය සංඝ සභාවේ නියෝජ්‍ය ලේකම් , ප්‍රධාන ලේකම්, දිසා පාලක, පාලක සභික
, අධිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක, අනුවිජ්ජක මණ්ඩලයේ සභාපති, ආදී වශයෙන් පුළුල්
ශාසනික කාර්යභාරයක නියැළීමට අවස්ථාව ලැබුණා. වර්තමානය වන විට නිකායේ සංවර්ධන සභාවේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී වශයෙන් ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ලබනවා.
විහාරස්ථානයේ ධර්මරාජ දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් බොහෝ කාලයක් යහපත්
දරුපිරිසක් දැයට දායාද කිරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1991 වර්ෂයේ දී
තරුණ බෞද්ධ සංගමය විසින් ධර්මරාජ දහම් පාසල හොඳම දහම් පාසල බවට තෝරා ගත්තා. ඒ වගේම
ප්‍රදේශයේ පවතින දුරාචාරයන්ට විරුද්ධව උද්ඝෝෂණ කරමින් ලොකු සටනක් දියත් කළා. ඒ සමාජ
සදාචාරය ඇති කර ගැනීමට වගේම සුඛිත මුදිත සමාජයක් නිර්මාණය කර ගැනීමේ බලාපොරොත්තුව
ඇතිවයි. තවදුරටත් ප්‍රදේශයේ සමිති සංගම්වලට අනුශාසකත්වය ලබා දෙමින් යහපත් පරිසරයක්
නිර්මාණය කිරීමට දායකත්වය ලබාදුන්නා.
සාමාජික,දේශපාලනික,හා ආගමික වශයෙන් පුළුල් අත්දැකීම් සම්භාරයකින් හෙබි ඔබ වහන්සේ
නූතන ශාසනික ප්‍රවණතාවයන් පිළිබඳව දක්වන ආකල්පය කෙබඳුද?
ඇත්ත වශයෙන්ම ලංකාවේ තරුණ භික්ෂූන් වහන්සේලා භාෂා ශාස්ත්‍ර ඉගෙන ගනිමින් උපාධි ලබා
ගනිමින් ශාස්තී‍්‍රය අංශයෙන් ඉතාම දියුණු තත්ත්වයකට පත්වෙමින් ඉතා හොඳ මගක ගමන් කරන
ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම මේ කාලය තුළ පවතින ධර්මය විකෘති කිරීම්වලට විරුද්ධව
තම තමන්ට හැකි ආකාරයෙන් සංවිධානය වෙන ආකාරයකුත් දකින්නට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ
දේශනා කළ ආකල්පයන්ට අනුව භික්ෂූන් වහන්සේ සෘජු දේශපාලනයට නොපැමිණිය යුතුමයි. පසුගිය
කාලය තුළ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම තුළ විශාල පරිහානියක් අපි දකිනවා. ඒ
තුළ භික්ෂූන් වහන්සේ හෑල්ලුවට ලක්වුණා. භික්ෂූන් වහන්සේලාට අයත් වන්නේ අනුශාසනාව
පමණයි. එවකට වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ඡන්ද දායකයන් වුණත්, පාක්ෂිකයන් වුණේ නැහැ.
ඇතැම් විට ඡන්ද පාවිච්චි කළේ නැහැ. පක්ෂාග්‍රාහි වුණේ නැහැ.
භික්ෂුන් වහන්සේට තිබෙන හොඳම ආභරණය අල්පේච්ඡතාවය යි. උන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සීලය
වගේම ආදිසමාචරික සීලය ඉතාම හොඳීන් ආරක්ෂා කරගෙන බහුශ්‍රැතභාවය ඇතිකර ගැනීම
අත්‍යවශ්‍යයි. දිනකට පැය කිහිපයක් ශාස්තී‍්‍රය පොතපත පරිශීිලනය කරමින් විශ්ලේෂණ,
විමර්ෂණ සඳහා කාලය කැප කිරීමට වගබලාගත යුතුයි. නූතන සමාජ ගැටලුවලට බුදු දහම තුළින්
විසඳුම් ලබාදන්නේ කුමන ආකාරයට ද යන්න කල්පනාකර නිවැරැදිව කටයුතු කළ යුතුයි. පවතින
ගැටලුවලට විසඳුම් තවමත් බුදුදහම තුළින් ලබාගත හැකියි. ප්‍රශ්න පැමිණියත් ඒ සඳහා
පිළිතුරු දීමට ධර්මානුකූල ව ශක්තිමත් ව උසස් ජීවන දර්ශනයක් ගොඩනඟා ගැනීම අවශ්‍යයයි.
වැරැදි අඩුපාඩු පෙන්වාදෙමින් ඒවා නිවැරැදි කරගැනීමට කටයුතු කිරීමට තරම් ආත්ම
ශක්තියක් ඇතිකර ගත යුතුයි.
ඒ වගේම වැඩිහිටි භික්ෂූන් වහන්සේලා තවදුරටත් ශාසනය ආරක්ෂා කරගෙන යනවා. විහාරස්ථාන
දසදහසක පමණ ප්‍රමාණයක වැඩ සිටිමින් ස්වාමීන් වහන්සේලා වශයෙන් උන්වහන්සේලා කිසිම
දෙයක් බලාපොරොත්තු නොවී විශාල සමාජ සේවාවක නිරත වනවා.
ලංකාවේ සෑම පාසලකට ම භික්ෂූන් වහන්සේ නමක් ඉගැන්වීම් කටයුතු කරනවා නම්, ඉතා හොඳ
ප්‍රවණතාවයක් ඇති වෙයි කියා මම අදහස් කරනවා.ඒ වගේම තරුණ භික්ෂූන් වහන්සේලා පාලි,
සංස්කෘත, සිංහල භාෂාවන්ට අමතරව වර්තමානයට ගැලපෙන ආකාරයට භාෂා දැනුම ප්‍රගුණ කරගැනීම
අවශ්‍යය යි.
හේමමාලා රන්දුනු |