Print this Article


අකීකරු චේතිය රජු අපායෙහි ගිලුණු හැටි

අකීකරු චේතිය රජු අපායෙහි ගිලුණු හැටි

මොකක් දෑ හැබෑට ඔය මුසාවාද විජ්ජාව? ඕක නිල්පාට ද? නැත්නම් කහ රතු ආදී පාටක් ද? හැබෑට.. අපි මෙතෙක් කලායකට අසා නෑ නොවැ මුසාවාද කියන්නේ මොන වගේ ජාතියක් ද කියලා.”

“මට පුළුවන් ඔබ වැඩිමල් සහෝදරයා කරන්නට. කපිල බ්‍රාහ්මණයා ඔ බගේ බාල සහෝදරයා කරන්නම්. එතකොට ඔබ තමයි පුරෝහිත“.

“එසේ කරන්නේ කෙසේ ද?“

“මට පුළුවනි මුසාවාද කියලා එය කරන්නට.“

“ඔබ වහන්සේ මගේ අයියණ්ඩි වන කපිල බ්‍රාහ්මණයා ගැන දන්නෙ නෑ. ඔහු අද්භූත ධර්මයන්ගෙන් සමන්විතයි. විද්‍යාධරයෙක්. මුසාවාදයකින් ඔහු වංචා කරන්නට ගියොත් තමුන්නාන්සේ ගේ ආරක්ෂාවට ඉන්න ඔය දේව පුත්‍රයන් අතුරුදහන් කර දමයි. මුඛයෙන් විහිදෙන මිහිරි සුවඳ නැති කර දුගඳ හමන්නට සලසයි. තමුන්නාන්සේට අහසේ වැඩ ඉන්නට බැරිවේවි. බිම හිටින්නට සලස්සාවි. පොළොව පලාගෙන යනවා වගේ වැඩ සිද්ධ කරයි. එතකොට නං තමුන්නාන්සේට මුසාවාද කතාවේ පිහිටා සිටින්නට බැරිවෙයි.

“ඔහොම කියන්ට එපා කෝරකලම්බ. මා ඔය වැඩේ කරලා පෙන්නන්නං“

මේ දෙන්නාගේ කතාබහ මුළු නගරය පුරා ම පැතිරිලා ගියා. මිනිස්සු පුදුමයට පත්වුණා. “දන්නවා ද වැඩක්. අපේ රජ්ජුරුවන් වහන්සේ මුසාවාදයක් කියලා අමුතුම දෙයක් කරන්නට යනවාලු. එතුමාට වැඩිමහල්ලා බාලයෙක් කරන්ට ඇහැකිලු. බාලයා වැඩිමලා බවට පත්කරලා පරම්පරාවෙන් ලැබෙන තනතුර බාලයාට දෙන්නට හැකිලු. මොකක් දෑ හැබෑට ඔය මුසාවාද විජ්ජාව? ඕක නිල්පාට ද? නැත්නම් කහ රතු ආදී පාටක් ද? හැබෑට.. අපි මෙතෙක් කලායකට අසා නෑ නොවැ මුසාවාද කියන්නේ මොන වගේ ජාතියක් ද කියලා.”

“මහණෙනි, ඒ කාලයේ ලෝකයේ තිබුණේ සත්‍ය කතා කිරීම පමණයි. එනිසා මුසාවාද යනු මොන වගේ දෙයක් ද කියාවත් මහජනයා දැන සිටියේ නෑ. කපිල බ්‍රාහ්මණයාගේ පුත්‍ර පුරෝහිතයාටත් මේ වග ආරාංචි වුණා. ඔහු උයනට ගොහින් සිය පියාණන් වන කපිල ඍෂිතුමාට මේ ගැන කියා හිටියා. “පියාණෙනි, අපේ රජ්ජුරුවෝ මුසාවාදයක් කියලා ඔබතුමා වයසින් බාල කරනවාලු. ඊට පස්සේ මට ලබා දුන් පුරෝහිතකම අපේ කෝරකලම්බ පුංචි බාප්පාට දෙන්නට යනවාලු.

පුතුනි, රජ්ජුරුවන්ට නම් මුසාවාදයකින් වුණත් අපේ ප්‍රවේණිගත උරුමය කෝරකලම්බට හිතුමනාපයට දෙන්ට විදිහක් නෑ. එතකොට ඔය මුසාවාද කෙරෙන්නේ කවදා ද?

“තව හත් දිනකින් රජ්ජුරුවෝ ඒක කරනවාලු.“

“පුත්‍රය.. එදාට මටත් දැනුම් දෙන්න.

සත්වැනි දවසේ අපේ රජ්ජුරුවන්නේ මුසාවාදය බලන්නට ඕනෑ කියලා පැමිණි මහජනයාගෙන් රාජාංගණය පිරී ඉතිරී ගියා. ඇඳන් පිට ඇඳන් බැඳලා ඒ මත හිටගෙන බලා උන්නා. පුරෝහිත පුත්‍රයා ගිහින් සිය පිය තවුසාටත් දැනුම් දුන්නා. අලංකාර රාජාභරණයෙන් සැරසී ගිය රජ්ජුරුවෝ මාලිගයෙන් නික්ම අවුත් රාජාංගණයට ඉළින් අහසේ හිටගත්තා. එතකොට ම කපිල බ්‍රාහ්මණ තාපසයාත් අහසින් ම ඇවිදින් චේතිය රජ්ජුරුවෝ ඉදිරියේ ආකාසයේ ම පත්කඩය එළා ඒ මත වාඩිවුණා. රජ්ජුරුවන්ගෙන් මෙහෙම ඇහුවා.

“මහ රජතුමනි, මේ කතාව ඇත්තක් ද? තමුන්නාන්සේ මුසාවාදයක් කියල වයසින් බාල අයෙක් වයසින් වැඩිමහල් බවට පත්කරලා. පරම්පරාවෙන් වැඩිමලාට ලැබෙන තනතුර බාලයකුට දෙන්නට යනවා කියන්නේ?“

“එසේ ය ආචාර්යපාදයෙනි... මා එහෙම දෙයක් කිව්වා තමයි.“ “මහරජතුමනි, මුසාවාදය කියන්නේ මහා භයානක දෙයක්. එයින් මනුෂ්‍යයාගේ ගුණධර්ම වනසා දමනවා. මරණින් මතු සතර අපායට ඇදගෙන යනවා. මහරජතුනි, යම් කෙනෙක් මුසාවාද කියනවා නම්

ඔහු ධර්මය නසන කෙනෙක්, පළමුව ධර්මය නසා දෙවනු ව තමා ද නසා ගන්නවා.“

මහරජුනි අසන්න, යමෙක් ඉතා හොඳීන් දන්නා ඇත්ත අසා සිටිය විට ඔහු පවසා සිටින්නේ සත්‍යය නොව බොරුවක් නම් එහි විපාක භයානකයි. තමන්ට දරු සම්පත් හටගන්නේ ම නෑ. ඉන්න දරුවෝ පවා තමන් දාලා යනවා.

රජුනි,

තමා හොඳීන් දන්නා සත්‍ය එලෙසින් ම කියන්න. සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබ ගන්න.

රජ්ජුරුවෝ කපිල බ්‍රාහ්මණයාට සවන් දුන්නේ නෑ.කෝරකලම්බ නමැති පාපී පුද්ගලයා සමඟ ඇසුරු කිරීමේ දෝෂය නිසා ඒ බොරුව දැඩි ලෙස පවසා සිටියා. එතකොට ම මහ පොළොව විවර වුණා. අවීචියෙන් උඩට මතු වූ ගිනි දැලින් ඔහු වෙළී ගියා.“

මහණෙනි, ඒ චේතිය රජු - කලින් අහස් ගමන් ඇතිව සැප සේ සිටියා.

කපිල ඉසිතුමා විසිනුයි - ඔහු වෙත ලැබෙන රජකම අබිසෙස් කළේ.

මුසාවාද පැවසීම නිසා - ඔහු පිරිහී ගියා

මහ පොළොව විවර වී ඔහු - නිරය තෙක් ම වැනසිලා ගියා.

එනිසා ලොව නුවණැත්තෝ - ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන සතර අගතියෙන් අගතියට යන්නේ නෑ.

තම සිත දූෂණය නොකොට - ඉතා යහපත් වූ සත්‍ය වචනම යි නිසි කල - පැවසිය යුතු වන්නේ .

මහණෙනි ඉන්පසු මහජනයා හොඳටම බය වුණා. “මේ චේතිය රජ්ජුරුවෝ අපගේ ඍෂීන් වහන්සේට ආක්‍රෝශ කරලා, මුසාවාද පවසා, අවිචී මහා නරකයට ගියා“ කියමින් කම්පා වුණා.

චේතිය රජුට පුතුන් පස් දෙනෙක් හිටියා. පස් දෙනා ම කපිල බ්‍රාහ්මණයා වෙත ආවා. “අනේ පින්වතුන් වහන්ස, අපට පිහිට වෙන්නට“ කියා කපිල බ්‍රාහ්මණයාගේ දෙපා මුල වැඳ වැටුණා.

“දරුවනි, නුඹලාගේ පියා මුසාවාද පවසා නැසුවේ ධර්මයයි. ඍෂිවරයාටත් ආක්‍රෝශ කළා. ධර්මය නැසුවා කියන්නේ නුඹලාත් නැසුණා කියන එකයි. දැන් ඉතින් මේ සොත්ථිවතී නුවර වාසය කරන්නට නුඹලාට කැප නෑ.“ කියලා ඔවුන්ගෙන් හැමට වැඩිමහලු පුත්‍රයාට කතා කළා.

“දරුව, ඔබ නැඟෙනහිර දොරටුවෙන් පිටත් ව ඉදිරියට යන්න. එවිට පා සතරයි. සොඬවැලයි, වලිගයයි. පුරුෂ නිමිත්තයි යන සත්තැන ම පොළොවේ පිහිටි සුදෝ සුදු හස්තිරාජයෙක් යම් තැනක දකින්ට ලැබෙයි ද අන්න එතැනයි ඔබේ නගරය සාදා ගත යුත්තේ. ඒ රට හස්තිපුරය නමින් ප්‍රසිද්ධ වේවි.”

ඊළඟට දෙවැනි පුත්‍රයාට කතා කළා. “දකුණු දොරටුවෙන් පිටත්වෙලා ඉදිරියට යන්න, කිසියම් තැනෙක දී සුදෝ සුදු අශ්වයෙක් දකින්ට ලැබේවි. එතැන ඔබේ නගරය සාදා ගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි.

අස්සපුර නමින්.

යම් රටක පාලකයකුගෙන් - කවුරුත් දන්නා සත්‍ය ඇසූ විට

ඔහු අසත්‍ය වූ බොරුවකින් ම - එයට පිළිතුරු දෙයි නම්

ඒ රටට වසින්නේ - අකලට වසිනා වැස්ස පමණයි.

සුදුසු කල සුදුසු ලෙස - ඒ රටට වැසි වහින්නේ නෑ

එතකොට රජ්ජුරුවෝ කලින් වගේ ම කපිල බ්‍රාහ්මණයා වයසින්

බාල කොට කෝරකලම්බව වැඩිමහලු කොට තුන්වැනි වතාවටත්

ප්‍රකාශ කළා. එසැණින් ම රජ්ජුරුවෝ කෙණ්ඩා ළඟට යනකල් ම

පොළොවෙහි ගිලී ගියා.

“රජතුමනි, ඔබ ඔය කියන දේ ගැන කරුණාකර නැවත වතාවක් සලකා බලන්ට“ කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාව පැවසුවා.

චේතිය රජුනි, ඔබ - සත්‍යය ම පවසා සිටිනවා නම්

කලින් වගේ හැම දෙයක් ම - නැවතත් ලද හැකි වන්නේ

තවදුරටත් ඔබ මුසා ම කීවොත් - පොළොවේ ඇතුළට ම යි යන්නේ.

එතකොට රජ්ජුරුවෝ මෙහෙම කීවා . “නෑ.. නෑ.. නෑ.. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාල ම යි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බයි වැඩිමලා. ඔහුමයි ජ්‍යෙෂ්ඨයා.“ එසැණින් ම රජ්ජුරුවෝ දණහිස දක්වා පොළොවෙහි ගිලී ගියා.

මහරජුනි, කරුණාකර තව එක වතාවක්වත් තමන් ඔය කියන දේ

ගැන සලකා බැලුව මැනව“ කියා කපිල බ්‍රාහ්මණයා පැවසුවා.

අසනු මැනව මහරජුනි - යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට

අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් - එහි විපාකය භයානකයි.

සර්පයකුගේ දිවක් ලෙසින් - ඔහුගේ දිව බෙදී යනවා.

චේතිය රජුනි, ඔබ - සත්‍යය ම පවසා සිටිනවා නම්

කලින් වගේ හැම දෙයක් ම - නැවතත් ලද හැකි වන්නේ

එතකොට රජ්ජුරුවෝ කලින් විදිහට ම “නෑ.. නෑ.. නෑ.. කපිල බ්‍රාහ්මණයෙනි, තොප වයසින් බාලමයි. කණිෂ්ඨ ම යි. කෝරකලම්බ මයි වැඩිමලා. ඔහු ම යි ජ්‍යෙෂ්ඨයා.“ එසැණින් රජ්ජුරුවෝ කලවා දක්වා පොළොවෙහි ගිලී ගියා. “භවත් මහරජුනි, මේ අවස්ථාවේ නැවතත් තමන් මේ මොනවාද කියන්නේ කියා සලකා බැලුව මැනව“

කියා කපිල බ්‍රාහ්මණයා මේ ගාථාවන් පැවසුවා.

මහරජුනි - යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට

අන් කෙනා ඔහුට බොරු කියයි නම්, එහි විපාකය භයානකයි.

මාලුවාට දිව පිහිටා නැති සේ - ඔහුටත් තම දිව නැතිවන්නේ

ඔබ - සත්‍යය ම පවසා සිටිනවා නම්

කලින් වගේ හැම දෙයක් ම - නැවතත් ලද හැකි වන්නේ තවදුරටත් ඔබ මුසා ම කීවොත් - තවදුරටත් පොළොවේ ය ගිලෙන්නේ.

රජු දැන දැන ම කපිල බ්‍රාහ්මණයා කණිෂ්ඨයා කළා. බාල සහෝදරයා ජ්‍යෙෂ්ඨයා කළා. එසැණින් ම ඔහු ව තම නාභිය දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා නැවත නැවතත් ඉල්ලා සිටියා තමන් මේ කියනා දේ ගැන යළිත් සලකා බලන්ට කියා. මේ ගාථාවත් පැවසුවා.

මහරජුනි - යමෙක් දන්නා ඇත්ත ගැන ඇසූ විට

අනිත් කෙනා ඔහුට බොරු කියයි නම් - එහි විපාකය භයානකයි.

ඔහු නිසා උපදින්නේ ගැහුනු ළමයි පමණයි. පිරිමි දරුවන් නැත ඔහු නිසා උපදින්නේ.

දැන්වත් තමා හොඳීන් දන්න සත්‍ය එලෙසින් ම කියන්න. සත්‍ය කියා කලින් තිබුණු හැම දෙයක් ම යළි ලැබගන්න.

තවදුරටත් කීවොතින් බොරු තවදුරටත් පොළොවේ ම ගිලේවි.

මෙහෙම කීවත් චේතිය රජු කපිල බ්‍රාහ්මණයාට ඇහුම්කන් දුන්නේ නෑ. උඩඟුකමින් කලින් කී බොරුව ම ප්‍රකාශ කළා. එවිට ඔහු පපුව දක්වා පොළොවෙහි ගිලී ගියා. කපිල බ්‍රාහ්මණයා ආයෙත් රජ්ජුරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් මේ කියනා දේ ගැන නැවත වතාවක් සලකා බලන්ට කියලයි. එසේ කියා මේ ගාථාවනුත් පැවසුවා.

දෙවියෝ ඔහු අත්හැර යනවා ම යි

බොරු කියන්නාගේ මුඛයෙන්

පිළිකුල් දුගඳ හමනවා ම යි

තමාට නිසි තැන රැඳී සිටින්නට

නොහැකි වෙනවා ම යි

කපිල බ්‍රාහ්මණයාගේ ගාථා ඇසූ රජ්ජුරුවෝ බිය වුණා. දෑස් ලොකු කොට කෝරකලම්බ දිහා බැලුවා. “නෑ රජ්ජුරුවන් වහන්ස, තමුන්නාන්සේට මා කලින් ම කීවා අපේ අයියණ්ඩි ගැන. ඔහු ඔය වගේ කතා කියන වග. ඒ නිසා කිසි දේකට බිය වෙන්න එපා.”

එතකොට රජ්ජුරුවෝ තමන් කලින් කී කරුණ ම ඉස්සරහට ගත්තා. “හරි... දැන් මං මේ සභාවේ ප්‍රකාශය නිකුත් කරනවා. කපිල බ්‍රාහ්මණතුමනි, තමුන්නාන්සේ වයසින් බාල කණිෂ්ඨයෙක්. කෝරකලම්බ තමයි වයසින් වැඩිමහල් ජ්‍යෙෂ්ඨයා...!”

මේ මුසාවාදය කිව්වා විතරයි එසැණින් ම මෙවැනි මුසාවාද කියන්නකුගේ ආරක්ෂාව අප භාරගන්නේ නෑ කියා දේව පුත්‍රයන් හතර දෙනා කඩු අත්හැරලා නොපෙනී ගියා. නරක් වූ බිත්තරයක් බිඳුණා වගේ රජ්ජුරුවන්ගේ කටින් දුගඳ හමන්ට පටන් ගත්තා. වැසිකිලි වළක දොර ඇරියා වගේ ශරීරයෙන් දුගඳ හමන්ට පටන් ගත්තා. අහසේ ඉන්ටබැරිව ගියා. බිම හිටගත්තා. ඍද්ධි සතරින් ම පිරිහී ගියා.

එතකොට කපිල තාපසයන් වහන්සේ මෙහෙම කීවා. “මහරජතුමනි, භය වෙන්නට එපා. ඔබ ඉතාම පැහැදිලිව හොඳට ම දන්නා සත්‍යය සත්‍යය හැටියට ම කියන්න. එහෙම නැවත සත්‍ය කීවොත් සෑම දෙයක් ම තිබුණා වගේ ම තිබෙන්නට සලසන්නම්“ කියලා මේ ගාථාව පැවසුවා.

දැන්වත් ඔබ මහරජුනේ - හොඳීන් දන්නා සත්‍යය එලෙසින් ම පවසන්න.

එසේ සත්‍යය පවසා කලින් තිබුණ හැම දෙයක් ම යළි ලැබගන්න.

නමුත් රජුනි තවදුරටත් බොරු කීවොත්

ඔබ හට දිගට ම සිදුයෙි පොළොවේ සිටින්නට.

“බලන්න මහරජතුමනි, ඇස්පනාපිට ඔබට සිදු වූ දේ. මුසාවාදය කී පමණින් ම ඔබ ළඟ තිබුණු ඍද්ධි සතරම නැතිව ගියා. සිතන්න රජතුමනි, ඔබ සත්‍යය පැවසුවොත් ඔබට නැති වූ දේ දැන් ම ලබා ගන්නට පුළුවනි.“

“නෑ.. නෑ.. කපිලයෙනි, කෝරකලම්බ කීවා සේ තොපයි මා වංචා කරන්නට ඔය විදිහට කියන්නේ. එනිසා මා දෙවැනි වතාවටත් මේ ප්‍රකාශය පවසා සිටිනවා. කපිල පුරෝහිත ය, තොප වයසින් බාලයි. කණිෂ්ඨයෙක්. කෝරකලම්බ තමයි වයසින් වැඩිමහලු ජ්‍යෙෂ්ඨයා.“

එවිට ම චේතිය රජ්ජුරුවන්ගේ දෙපා ගොප් ඇටය දක්වා පොළොවෙහි ගිලුණා. කපිල බ්‍රාහ්මණයා තමන් මේ කියන දේ ගැන ආයෙමත් වරක් සලකා බලන්ට“ කියා.

තුන්වැනියා අමතා මෙසේ පැවසුවා. “පුත්‍රය, දැන් ඔබ පිටත් වෙන්නට ඕනෑ බටහිර දොරටුවෙන්, පිටත්වෙලා ඉදිරියට ම යන්න. එතකොට කිසියම් තැනක දී කේසර සිංහරාජයෙක් දකින්නට ලැබේවි. එතැන තමයි ඔබේ තැන. එතන නගරය හදාගන්න. ඒ නගරය ප්‍රසිද්ධ වේවි සිංහපුර නමින්“.

ඊළඟට සිව්වැනියාට කතා කළා දරුව, ඔබ උතුරු දොරටුවෙන් පිටත්ව ඉදිරියට ම යන්න. කිසියම් තැනක දී රනින් කළ රෝද තියෙන මැදිරියක් දකින්ට ලැබේවි. එතනයි තමන්ගේ නගරය සාදාගත යුත්තේ. එය පංචාල රට නමින් ප්‍රසිද්ධ වේවි.

අන්තිමට පස්වැනියාට කත කළා. “දරුව මේ සොත්ථිවති නගරයේ වසන්නට අවසර නෑ. ඔබ මේ නගරයේ ලොකු චෛත්‍යයක් බඳීන්න. ඊට පස්සේ වයඹ දිසාවෙන් නික්මී ඉදිරියට යන්ට, එතකොට යම් තැනක දී මහා පර්වත දෙකක් එකිනෙකට වැදිලා දද්දර යන හඬ නිකුත් වෙනවා දකින්ටලැබේවි. එතැන ඔබගේ නගරය හදාගන්න. ඒ නගරය දද්දරපුරය නමින් ප්‍රසිද්ධ වේවි.”

එතකොට මහණෙනි, ඒ පුත්කුමාරවරු කපිල ඍෂිවරයාට වන්දනා කොට ඔහු කියූ විදිහට ම ගොස් ඒ ඒ තැන්වල නගර සාදාගෙන වාසය කළා.

මහණෙනි, දේවදත්ත බොරු පවසා මහ පොළොව පලාගෙන ගියේ මේ ආත්මයේ පමණක් නොවේ. මහණෙනි, එදා කපිල බ්‍රාහ්මණයා කොතෙකුත් වළක්වන්ට මහන්සි ගත්තත් තමන් සිතාගත් බොරුව ම පවසා පොළොවේ ගිලී නිරයේ උපන් චේතිය රජු වෙලා සිටියේ දේවදත්ත . එදා කපිල බ්‍රාහ්මණව සිටියේ මම යැයි භාග්‍යවතුන් වහන්සේ මේ ජාතක කතාව නිමවා වදාළා.