 අංගුත්තර නිකායෙන්
-
14:
ඒකක නිපාතය
සූත්‍ර අංක - 54 - මෙත්තා භාවනා සූත්‍රය
මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් මෛත්‍රී සිත වඩාද, මහණෙනි, ඒ
භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අවවාද අනුශාසනා රකින්නේ ය. රට
වැසියන්ගේ පිණ්ඩපාතයට සුදුස්සකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල වශයෙන් මෛත්‍රිය
වඩන්නේ ද එහිලා කවර කතා ද?
සූත්‍ර අංක - 55 - මෙත්තා මනසිකාර සූත්‍රය
මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් හෝ මෙත් සිත මෙනෙහි කෙරේද,
මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා අවවාද
රකින්නේ ය. රටවැසියන් පුදන පිණ්ඩපාතයට සුදුස්සකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල
වශයෙන් මේ මෛත්‍රිය මෙනෙහි කරන්නේ ද එයින් ලැබෙන ආනිසංස ගැන කවර කථා ද?
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්රන්ථ පරිවර්තන
මණ්ඩලයේ ලේකම්
කේ.කේ.සුගතපාල |