ලෝ සත නිවාලූ
සමිඳුනි
විසාලා නුවර මළකුණු
එදා දැවි දැවී ගියයුරු
බලා සිටියෙමී හදවත
හඬා වැටි වැටී සමිඳුනි
රුවන් සුතුර දෙසූ කල දන
සුවෙන් සුව වුණේ සමිඳුනි
ගෙලේ ළා ඇඟිලි මාලය
වැදූ මව නසාලන්නට
තිබූ ඉඩ වසා මෙත් කොට
අඟුල් මල් නිවන් දක්වා
හඹා ගිය අයුරු දුටුවෙමි
මහා සෙන් හදේ රැඳි බිය
සුවෙන් සුව කළේ සමිඳුනි
මහා දයා කරුණා දිය
හෙළා මනු සතුන් හදගිනි
නිවා සැනසු ලෙස සුවහස්
දනන් සිසිලසෙහි පෙර කල
අසා ඇති අපේ දෙසවන්
තුළ සදා රැව්දෙනා සමිඳුනි
ආචාර්ය රත්නපාල වික්රමසිංහ |