![](z_tag_Vesak-pgtop.jpg) දසබලධාරී
![](z_p06-Dasabal.jpg)
දසබලධාරී බාහිතපාපී
ලෝකසිවංකර අප මුනිඳා
බෝධි මූලෙ දී දස මර සේනා
බල පරදා බුදුබව ලැබුවා. . .
මනාපදායී ශාන්තිවාදී
කලණ වදන් ඇති දම් රජිඳා
දම්‍සක කරකා දම් වැසි වස්වා
අමා දියෙන් සත නැහැවූවා. . .
පරහිතකාමී පරම මහේසී
කරුණාවෙන් අග බුදු සමිඳා
පන්සාළිස් වස් බුදුකිස නිමවා
සාල වනේ දී නිවී ගියා....
බුදුගුණ රාසී සිහිකර සෑසී
පුද දී මුනි සිරිපා
වෙසක් පොහෝ දින වඳීනෙමු
සැදැහෙන
පතමින අම නිවනා...
තලල්ලේ
චන්දකිත්ති හිමි |