අ.පො.ස (උසස් පෙළ) විභාගය 2021
බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර
ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වූ රටවල් ආශි‍්‍රත ප්‍රශ්න
අභ්‍යාස 01
කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ
හිටපු ධර්මාචාර්ය ශාස්ත්‍රපති
උප්පලවත්තේ විමලානන්ද හිමි
01. වන ප්‍රශ්නය - බුරුමයට (මියන්මාරයට) බුදුදහම ලැබුණ අයුරු සහ එරට සංස්කෘතිය බුදු
සමයෙන් ලද පෝෂණය ගෙනහැර දක්වන්න.
පිළිතුරු - පැරණි පොත් පත්වල බුරුමය හඳුන්වා ඇත්තේ ‘බ්‍රහ්වදේශය’ යන නමිනි. එරටට
බුදුදහම ලැබීම පිළිබඳ ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාද තොරතුරු කිහිපයක් ම පවතී. ඒවා
අතර 1. ක්‍රි.පූ. 3 වන සියවසේ අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැවති තුන්වන ධර්ම
සංගීතියේ විශිෂ්ටතම ප්‍රතිඵලය වූයේ රටවල් 9 කට ථේරවාදී බුදුදහම ව්‍යාප්ත කර හැරීම
ය. එකල ස්වර්ණ භූමිය නමින් හඳුන්වන ලද බුරුම රටට බුදු දහමේ පණිවිඩය රැගෙන යන ලද්දේ
සෝන උත්තර දෙනම විසිනි. උන්වහන්සේලා බ්‍රහ්මජාල සූත්‍රයේ එරට වැසියන්ට දහම් දේශනා
කර බුදුදහම ව්‍යාප්ත කළා යයි සඳහන් වේ.
2. ජනප්‍රවාදවලට අනුව එරටට බුදුදහම ලැබී ඇත්තේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ගෙනි.
බුරුම ජාතික වෙළඳුන් වන ඔවුන් බුදුරදුන්ගෙන් ලද කේෂධාතු ස්වර්ණ භූමියට ගෙන ගොස් එරට
සිංගුත්තර කඳු මුදුනෙහි ස්වේදගොන් නමින් ස්ථූපයන් තැනූහ. අද පවා ඒවා එහි දක්නට
ලැබේ. බුදු දහම ලැබීම පිළිබඳ පවතින තවත් මතයකි එය.
3. ජනප්‍රවාදවල එන ආකාරයට බුදුන් දවස බුදු දහම එරටට ලැබී ඇතැයි යන්න තවත් මතයකි.
ලේකයින් නම් ගමට බුදුරදුන් වැඩම කළ බවත්, එගම් වැසියන් පිරිසක් සඳුන් ලී වලින්
පන්සලක් සෑදූ බවත් එහි වැඩ නිමවන තුරු බුදුරදුන් වරින්වර පැමිණ වැඩ පිරික්සා බැලූ
බවත් වැඩ නිම වූ ආරාමයේ සුළු කලක් වැඩ විසූ බවත් බුරුම රට මතු බෞද්ධ රාජ්‍යයක් වන
බවට අනාවැකි පළ කළ බව ද සඳහන් වේ.
4. දකුණු ඉන්දියාවේ නාගාර්ජුන කොණ්ඩ නම් ස්ථානයෙන් හමු වූ ශිලා ලේඛනයට අනුව
තම්බපන්ණී වාසී භික්ෂූන් පිරිසක් කාෂ්මීර, ගන්ධාර, විලාත යන රටවල ධර්මය ප්‍රචාරය
කළා යැයි සඳහන් ව ඇත. මේ ආකාරයට බුරුමයට බුදු දහම ලැබී තිබේ.
ඒ අනුව ලාංකීය භික්ෂූන් පිරිසක් බුරුම රට බුදු දහම ප්‍රචාරය කිරීමෙහි නියැළී ඇතැයි
ද මතයක් පවතී. බුරුමයට බුදු දහම ලැබී ඇත්තේ මේ අයුරිනි.
බුරුම සංස්කෘතිය බුදු දහමෙන් පෝෂණය ලබා ඇති ආකාරය
බුරුමයේ සියලුම පිරිමි අය සුළු කලක් හෝ පැවිදි ජීවිතයක් ගත කළ යුතු ය. එසේ නොවූහොත්
ඔවුන්ට සමාජ පිළිගැනීමක් නැත.
විහාරස්ථානය අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති අතර ඒවාට සම්බන්ධ
විශ්ව විද්‍යාල ද ඇත.
ත්‍රිවිධ රත්නය කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කිරීම,
භික්ෂූන් පිණ්ඩපාතයෙන් යැපෙන අතර ප්‍රත්‍ය පරිස්කාර පිරි නැමීමට ඔවුහු මහත්
උනන්දුවක් දකක්වති.
වන්දනාමාන කිරීමට, උත්සව සංවිධානය කිරීමට රජු ඇතුළු ජනතාව එකට සම්බන්ධවීම.
ගිහි පැවිදි සම්බන්ධය ප්‍රබලව තිබීම.
කුල භේදය නොසැලකීම.
කාන්තාවන්ට අවශ්‍ය නිදහස ලබා දී තිබීම.
02. වන ප්‍රශ්නය - බුරුමයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට පුරෝගාමී වූ රාජ්‍ය පාලකයන්
හඳුන්වා දෙන්න.
පිළිතුර - ඓතිහාසික කරුණු අනුව බුරුම රටේ බුදු දහම ව්‍යාප්ත කිරීමට මුල් වූ පාලකයකු
ලෙස ක්‍රි.ව. 11 වන සියවසේ එරට රාජ්‍ය කළ අනවරත හෙවත් අනුරුද්ධ රජු දැක්විය හැකි ය.
මොහු දවස ලක්දිව රාජ්‍ය කරන ලද්දේ මහා විජයබාහු රජුය. (පොළොන්නරුව) ඔහුගේ කාලයේ
ලංකා ශාසන ඉතිහාසය ද පරිහානියට පත්ව තිබිණි. ලක්දිව ශාසනික පරිහානිය පිළිබඳව
තොරතුරු විජයබාහු රජු විසින් බුරුම රජයට දන්වා බුරුම රටේ උපසම්පදා භික්ෂූන් ලක්දිවට
ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ. පසුකාලයේ ලංකාවෙන් ත්‍රිපිටක පොත්පත් හා උපසම්පදා
භික්ෂූන් පිරිසක් ද බුරුමයට යවා තිබේ. අනුරුද්ධ රජු බුදු සමයේ පෝෂණයට හා සංවර්ධනයට
සුවිශාල මෙහෙයක් කළ බවත් පිළිගැනේ. ඒ වගේම උත්තරජීව හා ජප්පට යන භික්ෂූන් වහන්සේලා
ලංකාවට එවා බෞද්ධ සංස්කෘතිය හැදෑරීමට අවස්ථාව සලසා ඇත. උන් වහන්සේලා වසර 10 ක් පමණ
කලක් ලක්දිව වාසය කොට ධර්මය හා විනය ඉගෙන බුරුමයට ගොස් සීහල සංඝ නම් නිකායක් ආරම්භ
කළහ.
අනව්රට රජුගෙන් පසු බුරුම ශාසන ඉතිහාසයේ තවත් වැදගත් රාජ්‍ය පාලකයකු වශයෙන්
මෙන්ඩූන් රජු දැක්විය හැකි ය. ඔහුගේ කාලයේ බුදු දහමට සෑම අතින් ම වැදගත් කාල
පරිච්ඡේදයක් වීය. මණ්ඩල නුවර දී ධර්ම සංගායනාවක් පවත්වා ධර්මය කිරිගරුඬ පුවරු වල
ලියවා ලෝකමාරජි දාගැබ වටේ තැන්පත් කිරීම ද කරන ලදී.
ක්‍රි.ව. 15 වන සියවසේ රාජ්‍ය කළ ධම්මචේතිය රජුගේ රාජ්‍ය කාලය ද බුරුම බුදු දහමේ
වැදගත් වූ කාල පරිච්ඡේදයකි. බුරුමයේ එකල සිටි සියලුම භික්ෂු නිකායන් එක්රැස් කොට
සියලු ම භික්ෂූන් නැවත පැවිදි උපසම්පදා කිරීම ද කරන ලදී. උන්වහන්සේලා ලක්දිවට එවා
ලංකාවේ කල්‍යාණී උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා කරන ලදී. බුරුම රටේ ද කල්‍යාණී
නමින් පොහොය ගෙයක් සකස් කොට එරට සියලුම භික්ෂූන් උපසම්පදා සීලයෙහි පිහිටුවන ලදී.
බුරුම රටෙහි බුදු දහම ව්‍යාප්ත කිරීමට එරට රාජ්‍ය පාලකයන් පුරෝගාමී වූයේ මේ
ආකාරයෙනි. |