[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බොදු සිරිතෙන් සුපෝෂිත සිංහල අලුත් අවුරුද්ද

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ එතෙක් පැවති වෛදික චාරිත්‍ර බුදු දහමට අනුව සකස් වුණි. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජීවිත සරුසාරවත් කරගැනීම බොදු සිරිත් විරිත් තුළින් අපේක්ෂිත අරමුණයි. එතුළින් ගම හා පන්සල අතර වූ සබඳතාවය ශක්තිමත් විය. අලුත් අවුරුදු උදාවට ප්‍රථම ගමේ සෑම නිවසකින්ම පාහේ කුළුබඩු ආදිය එකතු කොට පන්සල වෙත භාරදීම මෙන්ම සුවිශේෂී කැවිලි වර්ගයක් සාදා ඉන් කොටසක් බුද්ධ පූජාව ලෙස වෙන්කොට පන්සලේ හාමුදුරුවරුන් වෙත ද කොටසක් යවා පන්සලෙන් ගමට ආශිර්වාදය ලබාගැනීම වැනි චාරිත්‍ර එකී සම්බන්ධතාවයෙහි සරල උදාහරණයක් ප්‍රකට කරන්නකි. නියමිත වෙලාවකට පවුලේ සියලු දෙනාම එකට එකතු වීමත්, රටේ සියල්ලන්ම එකට එකතුව කටයුතු කිරීමත් තුළ ගොඩනැඟෙනුයේ සමඟියයි. එය ඕනෑම සමාජයක ප්‍රගමනයට ඉවහල් වන්නකි. භික්ෂු සමාජයේ වුව ද වටිනාකම පවතිනුයේ සමගිය මත ය. බුදුන් දවස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ දී ධර්මධර හා විනයධර භික්ෂූන් අතර ඇතිවූ මත ගැටුමෙන් දෙකඩ වූ සංඝයාගෙන් වෙන්වීමට බුදුරජාණන් වහන්සේ පවා කටයුතු කළේ අසමගිය තුළින් උදාර සමාජයක් බිහිකිරීමේ හැකියාවක් නොමැති බැවිනි. පන්සලක භික්ෂූන් වහන්සේලා දන් වැළදීම, මිදුල් ඇමදීම, වනපොත් කිරීම හා බුදුන් වැඳීම ආදී වත්පිළිවෙත් සිදු කරනුයේ සියලු භික්ෂූන්ගේ එකමුතුවෙන් එකම වේලාවක දී ය. චූල ගෝසිංග සූත්‍රයේ දී බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කිරි හා දිය මෙන් එකට එකතුව, එකිනෙකා කෙරෙහි මෛත්‍රී සහගත ආකල්පවලින් යුක්තව කටයුතු කළයුතු මෙන් දක්වනුයේ ඒතරමට ම සමඟි සම්පන්න බව වටිනා බැවිනි. තනි තනිව නොව සියල්ලන්ගේ ම ශක්තියේ බලය තුළින් දැලක පැටලුණු වටු කුරුලු රංචුව ඉන් මිදෙන අයුරු වට්ටක ජාතකය තුළින් පැහැදිලි වේ. එය සමගි සම්පන්න බව හුදු පන්සලක හෝ නිවසක දියුණුවට පමණක් වූවක් නොව මුලු රටේම සියලු පුරවැසියන්ගේ දියුණුව පිණිස පැවතිය යුක්තක් බව ද පෙන්වන්නකි.


  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]