Print this Article


කෙලෙස් තවන නූතන යෝගියෝ - 1:  “නිවන වඩන - වනගත අරණ”

කෙලෙස් තවන නූතන යෝගියෝ - 1

“නිවන වඩන - වනගත අරණ”

(අධ්‍යාත්මික ධර්ම ග්‍රන්ථය)

කර්තෘ - ශාස්ත්‍රපති චාමික මුණසිංහ

මුද්‍රණය - සාහිත පොත් පියස

“අජරාමර ලෝකය”, “අබුද්ධස්ස කාලයේ බුදු සසුන”, “විදු ඇස් පාදන බුදු රැස්” සහ “බුද්ධෝත්පාද ලෝකය” යන කෘති පාඨක ඔබට දායාද කළ මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහගේ නවතම ගවේෂණාත්මක ග්‍රන්ථය “නිවන වඩන - වනගත අරණ” කෘතිය පසුගිය 28 ඉරිදා ඓතිහාසික පූජාලෙන ආරණ්‍ය සේනාසනයේ දී එළිදැක්වුණි. කොළඹ 10, “සාහිත පොත් පියසෙහි” නවතම ප්‍රකාශනයක් වන මෙය “කෙලෙස් තවන නූතන යෝගියෝ” පොත් පෙළෙහි පළමුවැන්න යි. “සබ්බාසව සූත්‍රයේ එන ප්‍රතිපදා හත”, “භාවනාවට පෙර දුරැලිය යුතු ආශ්‍රව හෙවත් කෙලෙස්”, භාවනාවෙන් දකින සිත කය සහ භවය” යනාදී මාතෘකා යටතේ කතුවරයා වනගත ආරණ්‍ය ජීවිතයේ දී ලද හැකි ප්‍රායෝගික භාවනා අත්දැකීම් මෙහි සරලව ඉදිරිපත් කර තිබේ.