අංගුත්තර
නිකායෙන් -
8:
ඒකක නිපාතය
සංවර නොවූ සිත
සූත්‍ර අංක 37
(අසංවුත චිත්ත සූත්‍රය)
1.4.7
මහණෙනි, යමක් මෙසේ සංවර නොකරන ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන්
එක ධර්මයකුදු මම (මගේ නුවණැසින්) නොදකිමි. මහණෙනි, සංවර රහිත සිත මහත්වු අනර්ථය
පිණිස පවත්නේ ය.
සංවර සිත
සූත්‍ර අංක 38
(සංවුත චිත්ත සූත්‍රය)
1.4.8
මහණෙනි යමක් මෙසේ සංවර කරන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවත්නේ නම් සිත බඳු අන් එක
ධර්මයකුදු මම (මගේ නුවණැසින්) නොදකිමි. මහණෙනි, සංවර කළ සිත මහත්වූ අර්ථය පිණිස
පවත්නේ ය.
නො දැමුනු සිත
සූත්‍ර අංක 39
(අදන්තා දි චිත්ත සූත්‍රය)
1.4.9
මහණෙනි, යමක් මෙසේ නොදැමුනේ, ගෝපනය නොකරන ලද්දේ, සංවර නොකරන ලද්දේ මහත්වු අනර්ථය
පිණිස පවත්නේ නම් සිත බදු අන් එක ධර්මයකුදු මම (මගේ නුවණැසින්) නොදක්මි. මහණෙනි
නොදැමුනු ගෝපනය නොකළ නොරැකි සංවර රහිත සිත මහත්වූ අනර්ථය පිණිස පවත්නේය.
දාන්ත වූ සිත
සූත්‍ර අංක 40
(දන්තාදි චිත්ත සූත්‍රය)
1.4.10
මහණෙනි. යම් සේ මෙසේ දැමුනේ, ගෝපනය කරන ලද්දේ රක්නා ලද්දේ සංවර කරන ලද්දේ මහත්වූ
අර්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු (මම මගේ නුවණැසින්) නොදකිමි.
මහණෙනි, දාන්තවු, ගුප්තවූ රක්ෂිත වූ, සංවෘත වූ සිත මහත්වූ අර්ථය පිණිස පවත්නේ ය.
සතරවෙනි අදන්ත වර්ගය නිමි
උපකාරක සදහම් පද
නුවණැස – බුදුරජාණන් වහන්සේට පසැස් ඇති සේක.
1.මසැස (මාංශචක්ඛු)– 2.දිවැස 3.පැණැස (ප්‍රඥා ඇස) 4.බුදු ඇස (බුද්ධ චක්ඛු) 5.සමන්ත
චක්ඛු සියල්ල පෙනෙන ඇස. (විශ්වයේ කිසිවක් ආවරණය නොවීම)
මේවායින් නුවණැස යනු ප්‍රඥාවෙන් අවබෝධ කළ හැකි ඇසට නමෙකි.
දන්ත අදන්ත – මෙහි දන්ත යනු හික්මවාගත්, සංවර, රකින, දමනය යනුවෙන් ද අදන්ත යනු
නොහික්මවාගත්, අසංවර, නොරැකි, දමනය නැති තේරුම් ඇත.
මෙහිලා ඇත්, අස්. ආදි සතුන්ගේ දඟකාර බව ගතහොත් එවන් සතෙකු නොදැමුනේ ද දමනය නොකළේ ද
එයින් වන අනර්ථය අවැඩ හානිය සීමිතය. සිත එසේ නොව සසර පුරා නැවැත නැවැත ඉපිද විදින
විපාක ගතහොත් ‘මහත් අනර්ථය’ බව දත යුතුය.
සංක්ෂිප්ත ත්රිපිටක ග්රන්ථ පරිවර්තන
මණ්ඩලයේ ලේකම්
කේ.කේ.සුගතපාල |