ලෞකික ලාභ ප්‍රයෝජන ඉදිරියේ දහමෙන් ඈත්වන්නේ ඇයි?
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි
වර්තමානයෙහි බුදුදහම සම්බන්ධ ව ගැටලු රාශියක් පැන නැඟී ඇත. මෙම අකාලික වූ දර්ශනය
සැමදාම මෙන්ම සැමටම එකසේ ප්‍රතිපදාව මගින් ප්‍රතිපල ලැබිය හැක්කකි. එනමුත්,
වර්තමානයේ පැන නැඟී ඇති ගැටලු ප්‍රතිපදාව සම්බන්ධයෙන් නොවේ.
ඒවා සියල්ලම පාහේ “මමත්වය” මුල් කරගත්, ලෞකික ආශාවන් මුල් කරගත් ඒවා බව පෙනේ. මේවා
ලෙඩදුක්, ධනය, රැකියා, ව්‍යාපාර, ආදරය, බැඳීම්, පි‍්‍රය විප්‍රයෝගය, විභාග, තනතුරු
ගේදොර ආදී වශයෙන් දැක්විය හැකිය. වර්තමානය වන විට ලෝකය පුරාම පවතින්නේ දැඩි
ආශාවන්ගෙන් පිරිපුන්ව එකිනෙකා පරදා යමින් භෞතික වස්තූන් තමා සතු කර ගැනීමට හා
කාමාදී සිතිවිලිවලට ප්‍රමුඛත්වයක් ලැබී ඇති පරිසරයකි.
බෞද්ධ දර්ශනයෙහි අදහසින් පවසන්නේ නම් ලෝභ, දෝස, මෝහයන්ගෙන් පිරිපුන් සමාජ පරිසරයකි.
මෙවැනි පරිසරයක් තුළ බෞද්ධ දර්ශනයෙහි මුඛ්‍ය පරමාර්ථයන්ට බාධා නොවන ආකාරයට
වර්තමානයෙහි පැන නැඟී ඇති සහ පැන නැෙඟමින් පවතින ලෞකික, ආගමික, සාමාජික සහ
සංස්කෘතික ප්‍රශ්නයන්ට සැනසිය හැකි පිළිතුරු සොයන්නේ කෙසේද?
ලෝකය සහ පැවැත්ම සිදුවන්නේ තෘෂ්ණාව හෙවත් ආශාව හේතු කොට ගෙන ය. එවැනි පරිසරයක පරම
සත්‍ය වුව ද අවබෝධ කරගන්නා වූ පිරිස ඉතාම අල්ප විය හැකිය. ඉන් අදහස් කරන්නේ පරම
සත්‍යයෙන් බැහැර විය යුතුය යන අදහස නොවේ.
සුවදායි මඟ
මේ නිසා මේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්
වදාළ ආකාර දෙකකින් යුතු “සුවදායි මග“ තේරුම් ගැනීම අවශ්‍ය ය.
එනම් සම්මුති හෙවත් ප්‍රඥ්ඥප්ති දේශනා නම් වූ මෙලොව පැවැත්මේ දී අනුගමනය කළ යුතු
දේශනාත් ,පරම සත්‍ය වූ ලෝකෝත්තර දහම් මඟ වූ පරමත්ථ දේශනාත් ය. එසේ මෙලොව යහපත් වූ
පැවැත්ම උදෙසා දෙසූ දහම් ද සම්බන්ධ කොට තිබුණේ පරම සත්‍ය ඉලක්ක කර ගනිමිනි. ඒ බව
පැහැදිලි වන්නේ ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් ඇසුරු කරන විට ය. දීඝජානු කෝලිය සිටු
පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ විසින් මෙලොව පරලොව හෙවත් ලෞකික ලෝකෝත්තර දෙලොව
දියුණුව උදෙසාම මඟ පෙන්වූහ. මංගල සූත්‍රයේ දී මංගල කරුණු අවසන් වන්නේ අසෝකං විරජං
ඛේමං යනුවෙනි. එනම් සෝක රහිත බව, විරාගය, ජාති, ජරා, ව්‍යාධි මරණාදියෙන් සඳහටම
නිදහස්වීම වශයෙනි.
පඨවි ( තද බව) ආපො (වැගිරෙන බව) තේජෝ (උෂ්ණය) වායො (වායුව) නම් වූ සතර මහා
ධාතූන්ගෙන් සමන්නාගත මෙම කය බිඳෙන්නේ ය. එනම් කැඩෙන්නේ ය . ගිලන් වන්නේ ය. විසිරී
යන්නේ ය. අවශ්‍ය තැන ප්‍රතිකාර කරන්නේ ය. එනමුත් තණ්හා ,මද , මාන , දිට්ඨින්ට උපකාර
හෝ ප්‍රත්‍යවන ආකාරයෙන් සිතින් දැඩිව නොගන්නේ ය. එනම් උපාදානය කර නො ගන්නේ ය. මෙම
සම්මුති පැවැත්මෙහි ඉගෙනීම, වෘත්තීන් ධාර්මික ධනය ඉපයීම්, පරිභෝජනය , ගෘහස්ථ ජීවිතය
සහ යුතුකම්, වගකීම් ද ඇතුළත් ය.
මෙම බෞද්ධ දර්ශනයේ ප්‍රතිපදා මඟ පිළිබඳ අවබෝධය නිසි ලෙස නොමැතිවීම නිසා ජීවිත ගමනේ
දී කායික මානසික පීඩනයන්ට සහ ගැටුම්වලට මුහුණ දීමට සිදුවෙයි. එනම් අෂ්ඨ ලෝක ධර්මවලට
මුහුණ පෑමේදී කම්පනයට පත්වීමයි.
තමා කැමති අරමුණු ඉටුවීම හෙවත් ලාභයේදී දැඩිව සිතින් බැඳීමත්, තමා කැමති අරමුණු
නොලැබීම ඉදිරියේ පටිඝ හෙවත් ගැටීමට පත්වෙයි. ආධ්‍යාත්මය තුළ පවතින ශාන්ත ස්වභාවය
හෙවත් නිවුනු බව කැළඹීමට පත්වෙයි. මෙහිදී බලවත් ලෙස යටපත්ව පවතින එනම් අනුසය
අවස්ථාවේ පවතින කෙලෙස් මතුවීමට අවස්ථාවක් වෙයි. මේවා කාමරාගානුසය, පටිඝානුසය,
දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානසානුසය, භවරාගානුසය ,අවිජ්ජානුසය වශයෙනි.
සිත හමුවේ අසරණ වන හැටි
බෞද්ධ දර්ශනයේ මඟ පිළිබඳව යම් දැනුමක් හෝ යම් අවස්ථාවක ගැඹුරු දැනුමක් පැවැතියත්
භාවිත බහුලීකත ඔස්සේ අනුක්‍රමයෙන් අවබෝධය නොලබන්නේ නම්, කම්පනයට පත්වු සිත චංචල
ස්වභාවයට පත් වන්නේ ය. පරියුට්ඨාන අවස්ථාවේ පටන් වරද - නිවරද හෝ කුසල් - අකුසල්
හඳුනා ගත්තේ නමුත් සිතේ චංචල බව ඉදිරියේ අසරණ වෙයි. “මේ වරදට හෝ නොමඟට යොමු වන්නේ
තමා නොදැන නොවේ” යන අදහස මතු වන්නේ එහිදී ය.
වර්තමානයේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් පිරිස් මේ අවස්ථාවට මුහුණ පා සිටී.
පේ‍්‍රමය නමින් මතුවන කාමරාගය, ව්‍යාධීන්ගේ සුවය ලැබීමට සිත පිහිටුවීම නම් වූ
මුළාවෙන් යුතු දිට්ඨීන් , තාවකාලික සුවය වෙනුවෙන් ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් සතුටු
කරන අවිද්‍යාව ද, මෙහිදි ප්‍රධාන ය.
මුළාවට ඇදගෙන යන්නෝ
මේ සියලු කරුණු ඉදිරියේ පුද්ගලයින් මුළා කොට, තම ආගම්වලට හරවා, පිරිස වැඩි කර
ගැනීමේ පිරිස් වර්තමානයේ විවිධ වේශයෙන් ක්‍රියාත්මක වන බව පෙනේ. අසරණ වූ තම
පිරිස්වලට උපකාර කිරීමට ඉදිරිපත් නොවන මෙම පිරිස් ගැටලුවලට මැදිවු පිරිස් ඉලක්ක කර
ගනිමින් මානසික වශයෙන් හෝ මිල මුදල්, බඩුබාහිරාදිය ලබා දීමෙන් උපකාර කිරීමට
ඉදිරිපත්වෙයි. මෙහිදි සිදුවන වරදක් වන්නේ තම පළමු දහම කෙරේ තරහවක්, වෛරයක් ඇතිකර
වීමයි. නිදසුනක් ලෙස බහුතරයක් බෞද්ධයන් තම ආගම්වලට නතු කර ගන්නේ දුප්පත්කමට
පිහිටවීම ලෙසින් සහ ලෙඩ සුව කිරිමේ යන අදහසිනි. මෙයට අමතරව පේ‍්‍රම සම්බන්ධතා,
විවාහ, රැකියා අවස්ථා මඟින් ද තම ආගමික පිරිස් වැඩිකර ගැනීමේ ක්‍රියාදාමය
සිදුකරමින් පවතියි.
දුර්ලභ ව ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ අතිදුර්ලභව ලැබුණු සම්මා දිට්ඨිය හෙවත්
භාග්‍යවතුන් වහන්සේගේ පරමාර්ථ ධර්මය යටපත් වන්නට නොදී අපත් සැනසී අන් අයට ද
සැනසෙන්නට අවස්ථාව සලසා දීම කල්‍යාණ මිත්‍ර බවකි. උතුම්ම සත්පුරුෂ බවකි.
අප විසින් කළ යුත්තේ හැබෑම කල්‍යාණවන්තයින් බවට පත්වී අන් අයට ද ඒ මඟ උදාකරදීමයි.
එනමුත් ඒ මඟ මුළා කරවීමකින් හෝ ලෞකික ලාභ ප්‍රයෝජන ඉදිරිපත් කරමින් නොවේ. මෙම
ලිපියේ ආරම්භයේදී ම සඳහන් කළ ආකාරයට දැනුම සහ අවබෝධයෙන් යුතුව සත්පුරුෂයින් සහ
ප්‍රඥාවන්තයින් බවට පත්වීම අවශ්‍ය ය.
සැබෑ ප්‍රඥාවන්තයා
මෙහිදී ප්‍රඥාවන්තයින් බවට පත්වීම යනු ලෞකික දැනුම පමණක් හෝ උපාධි තනතුරු ගැන
අදහසක් නොවේ. ඉහත සඳහන් කළ භවයේ, ජීවිතයේ සහ සම්මුති පැවැත්ම පිළිබඳව ඇතිකරගන්නා වූ
පුහුණුවයි. “මෙය දහමෙහි විස්තර කරන්නේ “අවෙච්චප්පසාදේන සමන්නාගතෝම්හිති” අත්‍යන්ත
ප්‍රසාදයෙන් සමන්නාගත වෙමි යන අදහසයි.
ඒ බුද්ධ, ධම්ම,සංඝ නම් තුනුරුවන් කෙරේම ය. මෙම අවස්ථාවේ දී භවය සහ පැවැත්ම පිළිබඳව
ද ගැඹුරු චින්තන රටාවක් සිතෙහි නිර්මාණය වෙයි. ලෞකික ලෝකයේ කුමක් ලැබුවේ ද ඒ සියලු
දෑම උදය. වය නම් වූ හටගෙන නැතිව යන ස්වභාවයට යටත් බව ය. මේ නිසා කිසිදු හේතුවක්
හටගත්තේ නමුදු ඒවායේ උපාදානීය බවක් හෙවත් “නිත්‍ය සුඛ” බවට දැඩිව සිතෙන් ගැනීමක්
සිදු නොවීමයි.
මෙම තියුණු සාධනීය බව සිතෙහි පුහුණු නොවීම හේතුවෙන් මම, මාගේ නම් වූ අරමුණු ඉදිරියේ
සැළීමට පත්වෙයි. තමා සතු දේ අත්හැරීම හෝ ගිලිහීයාම පිළිබඳව දැඩි කම්පනයක් ඇතිවෙයි.
එමෙන්ම තමා කැමති දේ තමා සතු කරගැනීම පිණිස ලෞකිකත්වය සමඟ ඕනෑම දෙයක් කිරීමට
සූදානම් වෙයි. වර්තමානයේ සිදුවන යම් යම් සිදුවීම් සමඟ මෙය මනාව තේරුම් ගත හැකි ය.
ගැටලු වැඩිවීමේ හේතුව
සංවේගයෙන් යුතුව පැවසිය යුතු වන්නේ බොහෝ පිරිසකට අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව නොමැති
බවයි. ගිහි පැවිදි දෙපාර්ශවයේ ම මේ බව දක්නට ඇත. මේ නිසාම විවිධ ගැටලු පැනනැ¼ඟීම
වේගවත් වී තිබේ. ශාසනයෙහි ගැටලු පැනනැඟීම භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේදීත්
සිදුවුණි. එනමුත් ශාස්තෘන් වහන්සේ වැඩ සිටීම නිසා පහසුවෙන් නිරාකරණය කෙරිණි. එනමුත්
වර්තමාන තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. “අනිච්ච ලෝකයක් සංස්කාර ඔස්සේ කියාදෙන දහමකින්
මේ බව වටහා ගත යුතු වන්නේ ය. ඒ සඳහා මනා වූ ශ්‍රද්ධා ගුණයෙන් යුතු පිරිසක් වැඩිපුරම
නිර්මාණය විය යුත්තේ ය. |