මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස්
ආයතනයෙන්:
ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ මහා පුණ්‍ය මංගල්‍යය මැදින් පෝදා
හෙළ ඉතිහාසය අභිමානවත් වන්නේ බොදු උරුමයත් සමඟිනි. මිහිඳු මහ රහතන් වහන්සේ විසින්
ලක්වැසියන්ට සම්බුදු දහම හඳුන්වා දීමත් සමඟ අපූර්ව සංස්කෘතියක් නිර්මාණය වුණි. ගමත්
පන්සලත්, වැවත් දාගැබත් මුල්කරගනිමින් ගොඩ නැඟුණු ඒ මා හැඟි සංස්කෘතිය තුළ අප
මුතුන් මිත්තන් අනාගතයට දායාද කළ දෑ බොහෝ ය. කාලයේ වැලි තලාවෙන් ඇතැම් වටිනාකම්
සැඟව යන්නට ඇත. එමෙන්ම විවිධ අන්තවාදී පිරිස් බොදු උරුමයත් උදුරා ගන්නට උත්සාහ
ගන්නා අවස්ථා ද බොහෝ ය.
බළන්ගොඩට නුදුරු කූරගල පුරාවිද්‍යා බිම ද එවැනි අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවූ පුණ්‍ය
භූමියකි. ඈත අතීතයේ හාත්පස සිසාරා දහම් හඬ මුසු වූ, සිල් සුවඳ හමාගිය මේ මනරම්
පින්බිම ආධ්‍යාත්මික සුවය සොයන බවුන් වඩන භික්ෂූන් වහන්සේට සිසිල් සෙවන දුන් තපෝ
වනයෙකි. විවිධ හේතූන් මත කල්යත්ම මේ පින්බිම බෞද්ධයන්ගෙන් දුරස් වන්නට ඇත.
කූරගල පුදබිම ඉදි කිරීම සඳහා අවශ්‍ය ගල් වැලි සේම මූල්‍ය පරිත්‍යාගයන් ද කළ හැකි ය.
මූල්‍ය ආධාර කූරගල රජමහා විහාරය නමින් බලන්ගොඩ සම්පත් බැංකුවේ ඇති ගිණුම් අංක 00 97
6000 6000 වෙත යොමු කළ හැකි අතර, දුරකතන අංක 011 73 73 731/ 011 73 73 730 හෝ 076
17 37 373 (අමිල) දුරකතනයෙන් විමසීම් කළ හැකි ය. |
නිරන්තරයෙන් සිහිලැල් දිය දහරාවන් ගලා ගිය මේ බිමේ සතා සීපාවාට ද නිදහසේ සැරිසරන්නට
අපූරු තෝතැන්නක් වන්නට ඇත. එහෙත් පසුකාලීනව අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ බිම
තෙමී යන්නේ බිලි පූජාවට බිලි වූ දහස් ගණන් සතුන්ගේ ලෝ හිතයෙනි. හාත්පස නිහඬ බව
මිඳින්නේ ඒ සතුන් ජීවිතය ඉල්ලා නඟන අඳෙීනාවෙනි. ඒ අඳුරු සෙවණැලි ඉරා දමමින් කූරගල
පුදබිමට යළි පිබිදෙන්නට දැන් අලුත් ඉරක් පායා තිබේ. ඒ ආලෝකය රැගෙන වඩින්නේ වතුර
කුඹූරේ ධම්මරතන හිමියන් ය. අප කවුරුත් දන්නා නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ ය.
උන්වහන්සේ කූරගල පුදබිම අන්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන සංවර්ධනය කොට සියලු
ලාංකේයයන්ගේ උරුමයක් කර දෙන්නට පුරෝගාමී ව සිටිති.
කූරගල කඳු මුදුනේ පිහිටි ඉපැරැණි දාගැබකි. අන්තවාදීන් විසින් විනාශ කරදමා තිබූ ඒ
දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ස්තූප කොටස් එක් කොට දර්ශන චෛත්‍යයක් ලෙස
ඉදිකොට ඇත. බෞද්ධ සංකේත විනාශ කර දමන අතරම සිය අන්තවාදී ආගමික සංකල්ප මතු කරන්නට ද
ඔවුන් අමතක කර නැත. මුස්ලිම් පල්ලියක්, සොහොන් කොත් අද ද කූරගල පුදබිමේ දක්නට ඇත.
“කූරගල පුද බිම මේ තත්ත්වයට පත්වීමට වගකිව යුතු වන්නේ මීට වසර සියයකට පමණ පෙර ජීවත්
වූ අපේ ම මුතුන් මිත්තන්. ඒ අය කූරගල ඉදිරි පරපුරට රැක නොදුන් නිසයි අද බොදුනුවන්
ලෙස අප අසරණ වී සිටින්නේ. අපත් අපේ වගකීම ඉටු නොකළොත් වගකීම් පැහැර හැරියා යැයි
අනාගත පරපුර අපට දොස් පවරයි.
ධම්මරතන හිමියෝ මේ පුදබිම ගැන පවසති.
ඒ අදහස පෙරදැරි කර ගනිමින් නැති වී ගිය ඒ උරුමය යළි ගොඩනඟන්නට උන්වහන්සේ කූරගල කඳු
මුදුනේ “අස දිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට ඇප කැප වී සිටිති. ඒ
අනුව (28) මැදින් පුන් පෝදා පස්වරු 4.00 ට එම සෑ රදුන්ගේ මංගල ශිලා
ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමට නියමිත ය.
උදාරතර කර්තව්‍යයක් වුව ද මේ මහා පින්කමට විවිධ බලවේගයන්ගෙන් බොහෝ බාධක පැමිණෙන්නට
පුළුවන. එහෙත් උන්වහන්සේ ප්‍රශ්න හමුවේ පලා නොයති.
“එදා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකරන අවස්ථාවේ සහරාන් හෂීම් අවස්ථා
තුනක දී පැමිණ මට තර්ජනය කළා. ඒත් මා සැලුණේ නෑ. සියලු ගැටලු ආශිර්වාදයක් කරගත්තා.
මේ සෑරදුන් වහන්සේ නිමවීමේදීත් ඇතිවන සියලු බාධක මැඩ පවත්වාගෙන මා කටයුතු කරනවා.”
උන්වහන්සේ පවසන්නේ ධෛර්යවත් සිතිනි.
උන්වහන්සේ පවසන ලෙස මේ පුදබිම අස්ගිරි විහාර පාර්ශවයට අයත් පුරාවිද්‍යා භූමියකි.
වත්මන්හි එහි හිමිකාරීත්වය දෙල්තොට ධම්මජෝති හිමියන්ගේ ය. ආදි කර්තෘ ධුරය දරන
වටද්දර ඤාණිස්සර හාමුදුරුවන් වහන්සේ නෙල්ලිගල හාමුදුරුවන්ගේ මෙම ශාසනික කටයුතු සඳහා
ආශිර්වාද කරති. පසුගිය පෙබරවාරි 4 වැනි දා ශාසනික සම්ප්‍රදායට අනුව අත පැන් වත්කර
මේ විසල් කාර්යය උන්වහන්සේට බාර කරන්නේ ඒ අනුව ය.
“මා මේ ස්ථානයට පැමිණෙන්නේ නිසි සැලසුමක් අනුවයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්
ලබාදෙන උපදෙස් අනුවයි ඉදිරි කටයුතු සිදු කරන්නේ. පුරාවිද්‍යා රක්ෂිතයක් නිසා අපට
අවශ්‍ය විදිහට ඉදිකිරීම් කළ නොහැකියි. ඒ වගේම මේ පින්බිමේ දියුණුව, පැවැත්ම රඳා
පවතින්නේ මේ බිම සක්‍රීය වුණොත් පමණයි..
පුරා විද්‍යා සාක්ෂි අනුව මේ භූමිය අවුරුදු 2200ක් පමණ පැරණියි. ඒත් පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවට වයස අවුරුදු 200ක් තරම්වත් නෑ. එහෙම බලන විට ඉතිරි අවුරුදු 2000ම
මේ පින් බිම රැක ගන්නේ භික්ෂූන් වහන්සේ. උන්වහන්සේ නොමැතිව මේ බිම සක්‍රීය වන්නේ
නෑ.
ධම්මරතන හිමියන් පවසන්නේ එලෙස ය. ඒ අනුව උන්වහන්සේ කන්ටෙනර් පෙට්ටි දෙකක් ගෙනැවිත්
එහි වැඩ වෙසෙමින් මේ පුදබිම රැකගන්නට වෙහෙසෙති.
උන්වහන්සේ විශ්වාස කරන්නේ රජ දවසින් පසුව පළමු වරට කූරගල පුදබිම වන්දනා මානයට
පාත්‍ර කරවන්ට, දියුණු කරවන්නට. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දියුණු
කරන්නට අතහිත දුන් බොදුනුවන් ම උපකාර කරනු ඇති බවට ය.
“මේ සෑ රදුන් වහන්සේ වෙනුවෙන් ලක්ෂ හාර සියයක පමණ මුදලක් වැයවෙනවා. එහි වැඩි බරක්
දරන්න මේ වන විටත් හෙළරුවන් පසන්කුමාර මහතාත්, නිරංජලා සරෝජනී මහත්මියත් මුල් වී
කටයුතු කරනවා. ඒ වගේ ම මේ පින් බිමේ ඉදි කිරීමට යෝජිත සංඝාවාසය සඳහා දායකත්වය ලබා
දෙන්නට ආර්.ජී. ප්‍රේමරත්න, නන්දනී පාදුක්ක හා ලහිරු එරන්ද ගමගේ යන අය ඉදිරිපත්ව
සිටිනවා. කූරගල පුදබිමේ සංවර්ධන කටයුතු සඳහා මේ වන විටත් දායක වී ඇති පින්වතුන් ගැන
උන්වහන්සේ පවසති.
කූරගල පුදබ්මේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු විහාරාරාමයකට ඇවැසි බොහෝ දේ ඉදි
කෙරේ.ධම්මරතන හිමියන් විශ්වාස කරන්නේ ඒ සියල්ල වෙනුවෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ අබෞද්ධ
බොහෝ දෙනෙක් උපකාර කරන බවටයි.
ජනතා සුබ සෙත වෙනුවෙන් රජය විසින් වෙන් කරන මුදල් කූරගල සංවර්ධන කටයුතු සඳහා ලබා
නොගැනීමත්, අසරණ රෝගීන් වෙනුවෙන් සෞඛ්‍යයට වැය කරන මුදල්, පාසල් දරුවන්ගේ
අධ්‍යාපනයට වෙන් කරන මුදල් මේ සංවර්ධන කටයුතු සඳහා කිසි විටෙක ලබා නොගන්නා බවද
උන්වහන්සේ අවධාරණය කරති.
සියලු ලාංකේයයන්ට මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා දායක විය හැකි ය. ඇති හැකි අය
පරිත්‍යාගයෙන් මාධ්‍යවේදීන් නම් පෑනෙන්, නිලධාරීන් නිසි තීරණ ගැනීමෙන්, ශ්‍රමයෙන්
ආදී ඕනෑම ආකාරයකින් ඒ දායකත්වය ලබා දෙන්නට පුළුවන. කූරගල පුදබිමේ සෑරදුන් ඉදිකිරීම
සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන්නට මේ වන විටත් ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු යොදා ඇත.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇත.
කූරගල පින් බිමේ ඉදිවන අඩි සියයකින් යුතු අසදිසි ශාක්‍ය සුගත මහ සෑ රදුන් වහන්සේගේ
නිමැවුම් කටයුතු ලබන වසරේ නිදහස් දිනය දා (04) විවෘත කිරීම නෙල්ලිගල හාමුදුරුවන්ගේ
ඒකායන බලාපොරොත්තුවයි.
මැදින් පුන් පෝදා කූරගල පුදබිමේ මහා පින්කම් මාලාවේ මුද්‍රිත මාධ්‍ය දායකත්වය
දරමින් පින් පුරවා ගන්නේ, ජාතික වගකීම ඉටු කරන්නේ බුදුසරණ, සිළුමිණ, දිනමිණ ඇතුලු
පුවත්පත් මුල්කරගත් ලේක්හවුස් ආයතනය විසිනි. ඒ පුරාවිද්‍යාත්මක ශාසනික උරුමයන් රැක
ගනිමින් අනාගත පරපුරට දායාද කිරීමේ උදාරතර අරමුණ මල්ඵල ගැන්වෙනු දැකීමේ පහන්
අරමුණෙනි.
ඒ අනුව කූරගල පුදබිමේ අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය
සිදු කෙරෙන අද දින එම පුණ්‍ය මහෝත්සවය සඳහා ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා ඇතුළු
අධ්‍යක්ෂ මණ්ඩලය හා නිළධාරින් සහභාගි වීමට ද නියමිත ය.
රමණි සුබසිංහ |