සුපුන් සඳ දිලේ

නැවුම් හැඟුම් මෝදු වෙද්දි
බොදුනුවන්ගෙ හද පත්ලේ
අහස් තලේ අපූරුවට
නවම් සුපුන් සඳ දිලේ
මහ සඟ ගණ එක් රැස් කොට
දහම විනය ගළපාලා
ඕවාද ප්‍රාති මෝක්ෂ දෙසුම
සම්බුදු හිමි දෙසූ සේක
අනඳ සමිඳු සිත් මුලාව
මරුගේ ආරාධනාව
පිළිගෙන තිලොවග බුදුහිමි
ආයු සංස්කරණය කළෝ
මිහි කත කම්පා වූවා
ලෝ දහමට නතු ඒවා
අග සවු තනතුරු පිදූහ
නවම් මහේ පුන් පෝදා
ඇටම්පොල ඤාණිස්සර මහා හිමි
ශ්‍රී චිත්ත විවේකාරාමය |