මව්පිය ගුණ
දස මසක් කුස තුළ දරා මා ලෝකයට බිහි කර කැතකුණු අතගා මා ඇති දැඩි කළා. ලේ කිරි කර
පෙව්වා. රතු ලේ කිරිබවට හැරුණේ මවකගේ ආදරය ලෝකයට පෙන්වීමට ය. දරුවා ඇති දැඩි කරන
විට මවගේ කය පිරිහුණා. නිතරම සිතන්නේ දරුවාගේ අනාගතය ගැනයි.
ඒ වගේම පියතුමාගේ සෙනෙහස නිසා වැටෙන කඳුළු මුතු කැට බවට පත් වුණා. නිර්ලෝභී ව ධනය
අප වෙනුවෙන් වැය කළා. කියන්න බැරි තරම් වෙහෙසක් වුණා. පියතුමා කළ සේවය කියා නිම කළ
නොහැක. මෑණියන් සහ පියාණන් සසර දුකෙන් එතෙර වේවා.
ආර්. කුමාරකාශ්‍යප හිමි
4 ශ්‍රේණිය
ශ්‍රී සුමණ සාමණේර ආයතනය,
හඳපානාගල
****
ධර්ම දානය
'සබ්බ දානං ධම්ම දානං ජිනාති යනුවෙන් සඳහන් කරන්නේ සියලු දානයන් අතර ධර්ම දානය
උතුම් බවයි. ධර්මය හේතු කොට ගෙන ලෝක සත්වයා සුවපත් වන්නේ ය.
රතවරනාවේ රතනවංශ හිමි
2 ශ්‍රේණිය
ශ්‍රී සුමංගල දහම් පාසල,
පයාගල
****
දැහැමිව ධනය උපයමු
බෞද්ධ අපගේ අරමුණ නිවන් දැකීම ය. නිවන් අරමුණ ඇතිව ක්‍රියා කළ හැකිවන්නේ සාර්ථක
ජීවිතයක් ගත කරන මිනිසකුට පමණයි. ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා සපයා ගත යුතු දෑ
බොහෝම ය. ඒවා සපයා ගත හැකි ධනය ඇත්නම් පමණි. මේ නිසා ධනය උපයා සපයා ගතයුතු පිළිවෙත
බුදුරජාණන් වහන්සේ ගිහි පිරිසට වදාළ සේක.
කාමභෝගී ජීවිතය ගත කරන මිනිසුන්ට දිළිඳු බව දුකක් කියා පෙන්වා දී තිබෙනවා. තරුණ
කාලයේ යහපත් ජීවිතයක් ගත කරමින් මුදල් උපයා නො ගත්තොත් වයසට ගිය විට ජලය නැති,
මසුන් නැති විලක් ළඟ තැවෙන මහලු කොස්වාලිහිනියකු මෙන් පසු තැවීමට සිදුවන බව ධම්මපද
ගාථාවකින් කියැවේ.
ධාර්මික ලෙස සපයාගත් ධනයක් ඇති තැනැත්තාට ම යහපත් පවුල් ජීවිතයක් ඇරඹිය හැකිබව
සිඟාල නම් වූ තරුණයාට බුදුරජාණන් වහන්සේ වදාළහ. ධාර්මික ධනය උපයා ගන්නා ආකාරය
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ඇතුළත් උට්ඨාන සම්පදා හෙවත් උත්සාහ සම්පත්තිය පිළිබඳ
විස්තරයෙන් පැහැදිලි වෙයි. අනුගමනය කිරීමට සුදුසු ධාර්මික රැකියා වර්ග කිහිපයක් ද
සඳහන් වේ. එනම් කෘෂිකර්මය, වෙළඳාම, ගවයන් රැක බලා ගැනීම, ආරක්ෂක සේවය, රාජ්‍ය සේවය,
ශිල්ප කර්මාන්ත වේ.
මෙම රැකියා මාර්ග ධාර්මික වන්නේ කෙසේද? බෞද්ධයා විසින් ආරක්ෂා කළයුතු නිත්‍ය සදාචාර
ප්‍රතිපත්ති පහක් ඇත. එය පංචසීලය නමින් හැඳින්වේ. වෙළඳාම ගැන විස්තර කිරීමේ දී
බෞද්ධයා විසින් නොකළයුතු වෙළඳාම් පහකි. එනම් සත්ත්ව වෙළඳාම, මත්පැන් වෙළඳාම, අවි
ආයුධ වෙළදාම, වස විස වෙළඳාම, මස් මාංශ වෙළඳාම නොකළ යුතු වෙළඳාම් ලෙස ධර්මයේ සඳහන්
වේ.
ගොඩකවෙල සුමිත්ත හිමි
3 ශ්‍රේණිය
ශ්‍රී ගැමුණු විහාරය, හඳපානාගල
****
ශ්‍රී දළදා පෙරහර
දළදා මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් නියම කරනු ලබන සුබ මොහොතින් කප් සිටුවීමෙන්
පෙරහර ආරම්භ වෙයි. පසුව දේවාල පෙරහර වීථි සංචාරය කරනු ලබයි. දේවාල පෙරහර යනු සතර
දේවාලයේ කපුමහතුන් දේවාලයට අයත් රන් ආයුධ කප වටා වැඩම කරවන සේසත්, හොරණෑ සහිත
පෙරහරයි. දේවාලයේ බස්නායක නිලමේවරු රන්සිවි ගෙයක රන් ආයුධ හිඳුවා රන් සිවිගෙය
වැඩමවන, පෙරහර පස් දිනක් වීථි සංචාරය කරයි. මෙය කුඹල් පෙරහර ලෙස හැඳින් වේ.
පෙරමුණේ රාළ, ගජනායක නිලමේ දියවඩන නිලමේ ආදී නිලධාරීන් ද කසකරුවන්, කොඩි, සේසත්,
දවුල්, බෙර, හොරණෑ ආදිය වයන්නන්, නැට්ටුවන් පන්තේරුකරුවන් ආදීන්ගෙන් මේ පෙරහර
සමන්විත වෙයි. කුඹල් පෙරහර ආරම්භ වී පස්වන දිනයේ ආරම්භ වන්නේ රන්දෝලි පෙරහරයි.
දළදා පෙරහරේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි මෙම පෙරහර හේවිසිකරුවන් හා හොරණෑකරුවන්,
අලි ඇතුන් ආදින්ගෙන් ප්‍රමාණාත්මකව කුඹල් පෙරහරට වඩා විශාල වන අතර ම
විචිත්‍රත්වයෙන් ද අනූන ය. මෙයද දින පහක් පුරා පැවැත්වෙන අතර අවසාන දින දෙක අතිශය
අලංකාරවත්ව පවත්වනු ලැබේ.
රන්දෝලි පෙරහරේ පස්වන දින රාත්‍රියේ පෙරහර අවසානයේ අස්ගිරි විහාරයේ ආදාහනමළු
විහාරයෙහි කරඬුව තැන්පත් කරයි. පසුදා අලුයම සතර දේවාල පෙරහර ගැටඹේතොටේ දිය කැපීමට
එක්වෙයි. දළදා පෙරහර පැවැත් වූ ආකාරය පිළිබඳ දළදාවරුණ, දළදා සිරිත, දළදා වතුර,
පූජාවලිය යන ග්‍රන්ථවල තොරතුරු රැසක් ඇතුළත් ය.
ජී.ඩී. අංජුල ශාමින්ද
12 ශ්‍රේණිය
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය,
රාජාංගනය
****
දහම් පාසල
පසු දින ඉරිදා බව මට සිහියට ආවා
දහම් පාසලේ පොත් සූදානම් කෙරුවා
ගිය ඉරිදා කරපු පාඩම් දෙස බැලුවා
නිදා ගන්න ලෙස අම්මා මට කීවා
ගිය ඉරිදා ලිව්ව සටහන් දෙස බැලුවා
හොඳ හැටි පැයක් පාඩම පාඩම් කෙරුවා
ජනේලයෙන් ඉර පායන බව දුටුවා
දහම් පාසලට අම්මා ඇරලූවා
හසලී දෙනෙත්යා
ජිනධර්මාරාම දහම් පාසල පරෙයිගම |