ශ්‍රී අම්බරුක්ඛාරාම පුරාණ විහාරය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, රඹෑව ගම්මානයේ පිහිටා ඇති, ශ්‍රී අම්බරුක්ඛාරාම පුරාණ
විහාරය පෞරාණික වටිනාකමකින් යුක්ත විහාරාස්ථානයකි. පුරාවිද්‍යා ලේඛනවල රන්වැටි අමුණ
විහාරය ලෙසද, අතීතයේ ජීවත් වූ බොහෝ දෙනා ගල්ගොඩ විහාර නමින් ද මෙම විහාරය හඳුන්වා
ඇත. විහාරස්ථානය ද ක්‍රමයෙන් වල් බිහිවී ඇත. 1960 දශකය පමණ වන විට එම කාල වකවානුවේ
ජීවත් වූ උපාසක, උපාසිකාවන්, විසින් නැවත ආරම්භ කර ඇත. ඉන් පසුව උපාසක උපාසිකාවන්
සතර පෝයට සිල් සමාදන් වෙමින් මෙම පින්බිම ආරක්ෂා කර ඇත. පොල් අතුවලින් සෙවිළි කරන
ලද ආවාස ගෙයක් සකසා ගෙන ආගමික කටයුතු සිදු කරගෙන යන ලදී.
කදුරුගස්දමනේ පුඤ්ඤසාර ලොකු හාමුදුරුවන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ හිඳ ඇත. බෝධි
රෝපණය රාජගුරු පරපුරේ පින්වතුන්ලා විසින් සිදු කොට ඇති බව ගම්වැසියන් සිහිපත් කරයි.
2013 වසරේ ගම්වාසීන්ගේ ආශීර්වාදය ඇතිව මෙම විහාරස්ථානය ඓතිහාසික මාංකඩවල රජමහා
විහාරාධිපති උතුරු සහ උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක මත්තව රතනපාල මා හිමිපාණන්
වහන්සේ වෙත ලියවිල්ලකින් භාර දී ඇත. එම භාර දීමෙන් පසු නායක හාමුදුරුවන්ගේ
ආශිර්වාදය ඇතිව වර්තමාන විහාරාධිපති බණ්ඩාරගම කොළමැදිරිය පුරාණ රාජමහා විහාරාධිපති
යටිපව්වේ ධම්මකිත්ති ලොකු හාමුදුරුවන් වහන්සේ, සූරියවැව විමලරතන පොඩි හාමුදුරුවන්
වහන්සේ සමඟ මෙම විහාරස්ථානයට 2014 මැයි 1 දින වැඩම කොට සියලු දායක දායිකාවන් සමඟ
සාකච්ඡා කොට මෙම පින්බිමේ දියුණුව ඇති කළහ.
සතර පෝයට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් තමන්ගේ උපරිම ශක්තිය යොදමින් මෙම පුණ්‍ය
භූමිය ආරක්ෂා කර ගෙන යන බව සතුටින් පුණ්‍යානුමෝදනා පූර්වක ව සිහිපත් කරමි.
සුදර්ශනී ඉලංගසිංහ |