පිහිට පතයි
නො:682/ඒ නෙළුම්දෙණිය, පහළ තුංතොට, තුංතොට හි පදිංචි දෘශ්‍යාබාධිත අඹුසැමි දෙපළ
සඳහා නිවසක් ඉදිකරගැනීමට අවශ්‍ය බව කියයි. දරුවන් තිදෙනෙකු ද සිටින ඔවුන් දැඩි
ආර්ථික අපහසුතාවයකින් පෙළෙන බව ද කියයි. උපකාරයක් කිරීමට කෙනෙකු වෙතොත් පහත සඳහන්
දුරකතන අංකවලට අමතන ලෙස ද කියයි. 0763142866 / 0712062812
****
ටී.කේ.එන්. එල්. රුද්‍රිගු වන අයට ‘ඒ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි.
පරිත්‍යාගශීලි කෙනෙකු වෙතොත් 0711962277 හෝ 0789847811 අංක වලට අමතන ලෙස පවසයි.
****
හම්බන්තොට , මිරිජ්ජවිල අංක 55 ලිපිනයේ පදිංචි අවුරුදු 51 වයසැති ජී.ශාන්ත කුමාර
දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන අයෙක් බව කියයි. ඒ සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක්
අවශ්‍ය බවත් පරිත්‍යාගශීලි කෙනෙකු වෙතොත් 0774353876 හෝ 0779573059 අංකවලට අමතන ලෙස
ද කියයි. |