Print this Article


පියකුගේ යුතුකම

පියකුගේ යුතුකම

තමන්ගේ දරුවන්ට බොහෝ ආදරය කළ පියෙක් සිටියේ ය. එහෙත් ඔහුට අත්හළ නොහැකි පුරුද්දක් විය. ඒ දුම් පානය යි. එහෙත් ඔහු එය කළේ දරුවන්ට රහසිනි. සැඟවී සිටිමිනි.

එදා නිවෙසේ සිටියේ ඔහුගේ කුඩා ම පුතු පමණි. දවල් ආහාරයෙන් පසු පුතාට රහසේ ඔහු දුම් වැටියක් ගෙන ගෙයි පිළිකන්නට ගියේ ය. ටික වේලාවකට පසු නැවත පැමිණ පුතා සෙව්වේ ය. ඒ ඔහුට ආදරය දක්වන්නට ය. පුතා ගෙයි මුල්ලකට වී සිටියේ ය. වඩාත් ළං වී බැලූ කල ඔහු දුටුවේ තම කුඩා පුතු කඩදාසි කැබැල්ලක් ඔතා දුම්බොන ආකාරයට මුව තුළ රඳවා සිටින අයුරු ය.

ඒ පියාට කුමක් සිතෙන්නට ඇති ද? දරුවන්ට සැබැවින් ම අදරැති, දූරදර්ශී පියකු නම් ඔහු ඒ මොහොතේ ම දුම්බීම අත්හරිනු නිසැක ය. අදූර දර්ශී නම් තම පුතු දෑතට ගෙන සුරතල් කරනු ඇත. මේ කතාව අපට කියාදෙන අපූරු පාඩමකි. ඒ, දරුවන් මව්පියන්ගේම අඩිපාරේ යන බවය.

මේ කතාව අපට කියාදෙන අපූරු පාඩමකි. ඒ, දරුවන් මව්පියන්ගේම අඩිපාරේ යන බව ය.