ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ දුරුතු අව අටවක පෝදා, 2021 පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඈත අතීතයේ මහාවිහාර සංකීර්ණය තුළ ම මහා දාගැබ ආශ්‍රිතව සුදුසු ස්ථානවල පරිවාර දාගැබ් ඉදිකරවීමේ සම්ප්‍රදායක් ලංකාවේ විවිධ ස්ථාන තුළින් හමු වෙයි. ප්‍රධාන දාගැබ් වහන්සේ වෙත සිදු කරන පූජෝපහාරයක් වශයෙන් සේ ම එම දාගැබ් වහන්සේගේ ගාම්භීරත්වය වැඩිකිරීම මෙලෙස පරිවාර ස්තූප තැනවීම තුළින් අපේක්ෂා කරන ලදැයි විශ්වාස කළ හැකි ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් සුපූජනීයත්වයට පත් දීඝවාපී පුදබිම නැෙඟනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. නටබුන් ව ඇති දීඝවාපී මහ සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමත්, එම ප්‍රතිසංස්කරණ ආරම්භයේ දී සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී වැදගත් පුරාවස්තු සහ ධාතූන් වහන්සේලා හමුවීමත් නිසා දීඝවාපී පුදබිම මෑත කාලයේ වඩාත් අවධානයට යොමු විය. පණ්ඩුවාසුදේව රජතුමාගේ අග මෙහෙසිය වූ ශාක්‍යවංශික භද්දකච්චායනා කුමරියගේ සහෝදරයකු වූ දීඝායු කුමරුන් ඇරඹූ දීඝගාම ජනපදය වීම සහ මෙහි දික් වූ හැඩයෙන් යුතු වැවක් පිහිටීම නිසා දීඝවාපිය නම් විය. මෙම ප්‍රදේශය පණ්ඩුකාභය රජතුමාගේ පියා වූ දීඝගාමිණී කුමරුන්ගේ නිජබිම බවට ද අදහස් පළ වී ඇත. දීඝවාපී පුදබිමට නුදුරින් වූ සෙල්ලිපියකින් හමු වූ දිගවපි පොරණ නම් වදනට අනුව නූතන නැගෙනහිර පළාතේ දීඝවාපිය යනුවෙන් හඳුන්වන ප්‍රදේශය අතීත දීඝවාපිය ම යැයි තහවුරු කෙරෙතැයි එල්ලාවල මේධානන්ද මාහිමිපාණන් වහන්සේ සඳහන් කරති.
පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
පෙබරවාරි 04
අමාවක
පෙබරවාරි 11
පුර අටවක
පෙබරවාරි 19
පසළොස්වක
පෙබරවාරි 26
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]